කැනඩාවට රැකියාව සඳහා සහ ස්ථීර පදිංචියට යාම තාමත් සිහිනයක් වෙලා තිබෙන ඔබට ඔබේ එම සිහිනය සැබෑ කරගන්න කැනේඩියානු රජය විසින් හඳුන්වා දී තිබෙන අනගි අවස්ථාවකි මේ Yukon community pilot program එක. Yukon community pilot program එක 2020 වසරේ ජනවාරි මස කැනේඩියානු රජය විසින් හඳුන්වා දී තිබෙන මේ Yukon community pilot program එක පුරා වසර 03 කට වලංගු, වසර 03ක කාලයක් ක්‍රියාත්මක වෙන immigration program එකක්. ලෝකයේ විශාල රටවල් අතරින් දෙවන විශාලතම රට ලෙස කැනඩාව හඳුන්වා දෙන්න පුළුවන්. කැනඩාවේ ප්‍රධාන වශයෙන් ප්‍රාන්ත 10ක් තිබෙනවා. එම ප්‍රාන්ත 10 අතරින් අනෙකුත් ප්‍රාන්ත වලට වඩා තරමක් විශාලත්වයෙන් අඩු අවම විශාලත්වයකින් යුත් ප්‍රාන්තයක් ලෙස Yukon ප්‍රාන්තය හඳුන්වා දෙන්න පුළුවන්.
Y C P P immigration program එක මේ අවම විශාලත්වයකින් යුතු මේ Yukon ප්‍රාන්තයටම පමණක් ආවේණික වුන immigration program එකක්. මෙම Yukon ප්‍රාන්තයේ දැනට සැලකිය යුතු ජනගහනයක් සිටියත්, එම ප්‍රාන්තයේ විශාලත්වයට සරිලන ජනගහනයක් දැනට Yukon ප්‍රාන්තයේ නැහැ. දැනට Yukon ප්‍රාන්තයේ අවම ඉතා අවම ජනගහනයක් තමයි තිබෙන්නේ. ඒ නිසාම කැනේඩියානු රජයට අවශ්‍ය වන්නේ මෙම Yukon ප්‍රාන්තයට එම ප්‍රාන්තයේ දියුණුවට අවශ්‍ය වන ශ්‍රමිකයන් මෙම YCPP immigration program එක මගින් මේ වසර 03 ඇතුලත කැනඩාවේ Yukon ප්‍රාන්තයට ගෙන්වා ගැනීමයි. ඉංග්‍රීසි බාෂාව කතා කරන රටකට යාමට අත්‍යාවශ්‍ය විභාගයක් ලෙස IELTS exam එක හඳුන්වන්න පුළුවන්. නමුත් YCPP එක මගින් කැනඩාවේ Yukon province එකට යාමට අයදුම් කරන ඔබට ඔබේ අවම IELTS exam ලකුණු මට්ටමකින් මෙම immigration program එක මගින් කැනඩාවට යාමේ හැකියාව තිබෙනවා.

එසේම Yukon province එකට මෙම මාර්ගයෙන් රැකියාවට යන විට ඔබට LMI එකක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැති නිසාම ඔබට මෙය ඉතා වටිනා අවස්ථාවක්. ඔබට මේ YCPP immigration program එක ගැන වැඩි දුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් කැනේඩියානු රජයේ වෙබ් අඩවියෙන් මෙම YCPP එක ගැන වැඩි දුර තොරතුරු දැන ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. කැනේඩියානු රජය විසින් මෙයට පෙර හදුන්වා දුන් Yukon nominee program එක ඔබ දැනටමත් හොඳින් දන්නා immigration program එකක්. මෙම YCPP එක Yukon nominee program එකේම තවත් එක් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය තවත් විදියකට කැනඩාවේ Yukon province එකට මෙම immigration program එක මගින් ගෙන්වා ගන්නා ශ්‍රමිකයන් ගෙන් රටට, ප්‍රාන්තයට කොපමණ වාසියක් ලබා ගැනීමට හැකි වේ දැයි යන්න සොයා ගැනීමට සිදු කරන අත්හදා බැලීමක් ලෙසත් මෙම YCPP එක හඳුන්වන්න පුළුවන්.

දැනට Yukon province එකේ තිබෙන job offer එකක් සොයා ගැනීමෙන් ඔබට මේ YCPP immigration program එකෙන් කැනඩාවේ Yukon province එකේ රැකියාවට යාමට ඉල්ලුම් කල හැකියි. YCPP immigration program එක මගින් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනේඩියානු රජයේ වෙබ් අඩවිය මගින් YCPP immigration program එකට අයදුම් කල හැකි ආකාරය ගැන පියවරින් පියවර මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබේ.
update
ඔබට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන කාල සීමාවන් සහ මේ පිළිබද වැඩි දුර විස්තර දැන ගැනීමට මෙම කැනේඩියානු රජයේ මෙම වෙබ් අඩවියට පිවිසෙන්න .
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings