ජීවිතයේ උපරිම නිදහස විදින්න කැමති මිනිසුන්ගේ හිත මොහොතක් නතර වෙන රටක් තමයි මේ කැනඩාව. ලෝකෙ තියෙන රටවල් අතරින් ගොඩක් ම ලස්සන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවට වඩා දහස් ගුණයකින් විශාල මේ කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් විතරක් නෙවෙයි බොහෝ විදේශීය ජනතාව වැඩිදුර අධ්‍යාපනයට , රැකියාවට වගේම ස්ථීර පදිංචියටත් දිනෙන් දින සංක්‍රමණය වෙනවා. කැනඩාව මෙන් ඉතා ලස්සන රටක , උසස් අධ්‍යාපන රටාවක් සහ වටිනාකමක් තියෙන රටක උසස් අධ්‍යාපනය ලබන එක අද තරුණ තරුණියන්ගේ තිබෙන ලොකුම සිහින වලින් එක් ලස්සන සිහිනයක්. එයට ප්‍රධානම හේතුව වන්නේ විදේශීය සිසුන්ට අවශ්‍ය ලෙස සහ කැමති ලෙස තෝරා ගෙන හැදෑරීමට කැනඩාවේ තිබෙන විශ්ව විද්‍යාල වල ඇති පාඨමාලා අති විශාල ප්‍රමානයක් හදුන්වා තිබීම සහ කැනඩාවේ විශ්ව විද්‍යාල මගින් ලබා ගන්නා උපාධි සහතික වලට තවත් බොහෝ රට වලට රැකියා සදහා ඉල්ලුම් කරන විට ඉහල පිළිගැනීමක් තිබීමයි. එම හේතුව නිසාම කැනඩාවේ විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන විදේශීය සිසුන් ප්‍රමානය දිනෙන් දින වැඩියි.
ලෝකෙ ගොඩක් ලස්සන රටක් වන කැනඩාවට මිනිසුන් යාමට ප්‍රිය කරන තවත් එක් මාර්ගයක් ලෙස කැනඩාවේ රැකියා අවස්ථා හදුන්වන්න පුළුවන්. සාමාන්‍ය කම්කරු සේවකයාට මෙන්ම උසස් පෙළේ රැකියාවක නිරත වෙන සේවකයාටත් සමාන ලෙස සලකන උතුම් රටක් තමයි මේ කැනඩාව. අනෙකුත් රටවල් සමග සසදන විට විදේශීය ඔබ කැනඩාවට ගොස් ලබා දෙන සේවාව වෙනුවෙන් ඔබේ මහන්සියට සරිලන ඉහලම වැටුපක් කැනඩාවට රැකියාවට ඒමට බලාපොරොත්තුව සිටින ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙනවා.කැනඩාවට රැකියාවට එන විදේශිකයන් හට තෝරා ගැනීමට රැකියා රැසක් සහ විශේෂ දීමනා සහිත රැකියා රැසක් කැනඩාවේ දැනට විදේශිකයන් හට විවෘතව තිබේ.
මේ රටේ විශේෂත්වය වන්නේ උසස් අධ්‍යාපන සුදුසුකමක් තිබෙන අයට රැකියා රැසක් තිබෙනවා සේම කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අයටත් කැනඩාවේ රැකියා අවස්ථා රැසක් විදේශීය කම්කරුවන්ට හදුන්වා දී තිබීමයි.කැනඩාවට විවිධ රට වලින් පැමිනෙන විදේශික සිසුන්ට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අතරතුර අර්ධ කාලීන රැකියා කිරීමට අවශ්‍ය සිසුන්ට එලෙස රැකියාවක් කිරීමට අර්ධ කාලීන රැකියා රැසක් හදුන්වා දී තිබෙනවා. ආර්ථික අපහසුකම් මැද කැනඩාවට උසස් අධ්‍යාපනයට පැමිනෙන සිසුන්ට එය මහත් රුකුලක් වී තිබෙනවා. කැනඩාව මෙන් ලස්සන රටක උසස් අධ්‍යාපනය කිරීමට හෝ රැකියාවක් කිරීමට සිහින දකින ඔබට තිබෙන තවත් එක් සිහිනයක් තමයි කැනඩාව වගේ දිනෙන් දින දියුණු වෙන රටක ස්ථීර පදිංචිය ලබා ගැනීම. අනාගතයේ තම දරුවන්ව උසස් ආර්ථිකයක් තිබෙන ලස්සන රටක ජීවත් කරවන්න. දරුවන්ගේ අනාගතය හරි ලෙස හදන්න හැමෝම කැමතියි.

කැනඩානු රජය එම අවස්ථාව කැනඩාවට රැකියාවට සහ උසස් අධ්‍යාපනයට එන ඔබට ලබා දී තිබෙනවා. ඒ මගින් කැනඩාවට රැකියාවට පැමිනෙන ඔබට බොහෝ කාලයක් ඔබේ පවුලෙන් වෙන් වෙන්නට සිදු වන්නේ නැහැ. කැනඩාවට රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් හට තම පවුලටම ස්ථීර පදිංචියට කැනඩාවට නීත්‍යානුකූලව යාමට හැකි විවිධ මාර්ග රැසක් එම රජය මගින් හදුන්වා දී තිබෙනවා. එ් මගින් උසස් අධ්‍යාපනයක් සහිත උසස් රැකියාවක් කරන ඔබට සේම කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති සාමාන්‍ය කම්කරුවන් වන ඔබටත් තම පවුල සමගම කැනඩාවට ස්ථීර පදිංචියට කැනඩාවට යාමට අවස්ථාව උදා වී තිබේ. කැනඩාවට අධ්‍යාපනයට හෝ රැකියාවට යන ඔබ කැමති නම් පමනක් තමන්ගේ පවුලේ සාමාජිකයන් සමගම කැනඩාවේ ස්ථීර පදිංචියට යාමට අවස්ථාව තිබේ. කැනඩාවේ රැකියාවක් සොයන ඔබට සහ රැකියාවට යාමට බලාපොරොත්තුව සිටින සෑම දෙනාටම ඉංග්‍රීසි බස උසස් මට්ටමෙන්ම ඉගෙනගෙන සිටීම ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් කැනඩාවේ දැනට ගොඩක්ම රැකියා අංශ වල සහ සෑම අංශයකම වාගේ විදේශිකයන් සේවය කරන නිසාත් කැනඩාව විදේශ රටක් නිසාත් සැමටම පොදු බාෂාවක් වන ඉංග්‍රීසි බාෂාව උසස් ලෙස නැතත් තරමක් සාමාන්‍ය ලෙස හෝ දැන සිටීම අනිවාර්යයි. එසේ නැති නම් ඔබට කැනඩාව හෝ වෙනත් විදේශ රටක රැකියාවක නිරත වීම අපහසුයි.

සාමාන්‍ය ලෙස ඉංග්‍රීසි බස කතා කිරීම සහ ඉංග්‍රීසි බස තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා නම් ඔබට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතත් කැනඩාවේ රැකියාවක් කිරීමට රැකියා අවස්ථා රැසක් තිබේ. දිනෙන් දින දියුනුවටම යන කැනඩාවේ උසස් අධ්‍යාපනය , රැකියාව , ස්ථීර පදිංචිය සැබැවින්ම බොහෝ දෙනාගේ සිහිනයක් සේම ඉලක්කයක් බව නොරහසක්. උණුසුම් කාලයක් , සීතල හිම කාලයක් , ලස්සන හැගුම්බර වස්සාන සමය කැනඩාවට සංක්‍රමණය වන්න බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා ප්‍රිය කරන වඩාත් විශේෂ අවස්ථා වේ. ඒ පමනක්ම නොව සියළු කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්.කැනඩාවේ කාන්තාවටද පුරුෂ පාර්ශවය හා සමාන ගරු කිරීමක් ද සමාජයේ සම තැනක් ද හිමි කර දී තිබෙනවා. ඒ නිසාම රාත්‍රී කාලයේ දී පවා කැනඩාවේ ජීවත් වෙන විදේශීය කාන්තාවන්ට පවා කිසිදු බියකින් තොරව සංචාරය කිරීමට හෝ තම අවශ්‍යතා සපුරා ගැනීමට පූර්ණ නිදහසක් තිබෙනවා. කාන්තාවට වඩාත් ආරක්ෂිත සේම ඉතා මිත්‍රශීලී රටක් ලෙස කැනඩාවට බොහෝ විදේශිකයන් ස්ථීර පදිංචියට ඒමට විශේෂම හේතුවක් වන්නේත් මෙයමයි.
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings