ඔබත් කැනඩාවේ සිටින අයෙක්ද? නැතහොත් කැනඩාවට පැමිණීමට මඟබලා සිටින අයෙක්ද? එසේනම් කැනඩාවේදී නිවාඩු යාමට සුන්දර තැන් 15ක් එන්න දැනගන්න.
කැනඩාව යනු උතුරු ඇමරිකාවේ පිහිටි ඉතා සුන්දර රටක්. ලොව දිගම වෙරළ තීරය සහිත විශාල සමුද්‍ර භූමි ප්‍රදේශයක් පිහිටි මෙම අලංකාර රට පුරා බෝරියල් වනාන්තර පවතින අතර, උතුරු ආක්ටික් ප්‍රදේශවල සහ පාෂාණ කඳුකරය හරහා අයිස් ප්රමුඛ ව තියෙනවා. නිරිත දෙසින් පිහිටි සාපේක්ෂව පැතලි කැනේඩියානු ප්‍රේරීස් නිෂ්පාදන කෘෂිකර්මයට පහසුකම් දෙන අතරේ මහා විල් සහ පහත් බිම් ප්‍රදේශය වන ශාන්ත ලෝරන්ස් ගඟ ගිණිකොණ දෙසින් කැනඩාව අලංකාර කරනවා.
ලස්සන ටොරොන්ටෝහි කොස්මොපොලිටන් වීදිවල සිට කැනේඩියානු රොකීස් කඳු මුදුන් දක්වා, නිවාඩු ගමනාන්ත රැසක් මෙහි තියෙනවා. ඔබගේ මීළඟ නිවාඩුව සඳහා සුදුසුම කොහේ ද යන්න තීරණය කිරීම අපහසු ද?. එසේනම් එන්න අප සමග එක්වන්න, මීලග නිවාඩුවට කැනඩාවේ යන්න. එහි සුන්දරත්වය විඳින්න වටිනා තැන් 15 ක් දැනගන්න!

1) බැන්ෆ්.
ඔබ ස්විට්සර්ලන්තයේ හිම මත ලිස්සා යාම අත්විඳීමට කැමැත්තක් ඇත්නම්, බැන්ෆ් ඔබට ගැළපෙනම ස්ථානයි. එය පිහිටා තිබෙන්නේ කැනඩාවේ පළමු ජාතික වනෝද්‍යානය වන බැන්ෆ් ජාතික වනෝද්‍යානයේ ගිනිකොනදිග මායිම අසල කැනේඩියානු රොකීස් හි හදවතේ. දවස අවසානයේ සුඛෝපභොගී හෝටලයක ඉදන් ගිමන් හරින්න කැමති අයට බැන්ෆ්හී නවාතැන් පහසුකම්ද හොයාගන්න පුළුවන්. බැන්ෆ් ගියොත් තව මේවත් කරන්න පුළුවන්.
නෝර්ක්වේ කන්දෙන් පහළට ලිස්සා යන්න.
හූඩූස් ලෙස හඳුන්වන දැවැන්ත, නිදහස් හුණුගල් කුළුණු වෙත ගමන් කරන්න.
හීලි ක්‍රීක් දිගේ ස්ටෝනි ස්කොව් කන්ද තරණය කරන්න.
හීලි ක්‍රීක් හි බයිසිකල් පදින්න.
ඔබ වෙහෙසට පත් වූ විට,ඔබට පුළුවන් ඔබේ නිවාඩු නිකේතනයට ගොස්,ජීවිතේ පළමු වතාවට බයිසන් මස් වේලක් රස විදින්න.
බැන්ෆ් නැරඹීමට හොඳම කාලය ජුනි සිට අගෝස්තු සහ දෙසැම්බර් සිට මාර්තු. ඒ එක්කම කාලගුණය උණුසුම් වෙද්දී, සොබාදහමට ආදරය කරන්නන්ට උද්‍යානයට යන්නත් පුළුවන්. කෙසේ වෙතත්, හිමට ඇල්මක් දක්වන ඔබට, ශීත කාලේ නිවාඩුවක් ගත කිරීමට ඕනේ නම්, ඒත් බැන්ෆ් යන්න පුළුවන්.
Travel කරද්දී මේවා අමතක කරන්න එපා!
- ඔබ සංචාරය කිරීමට තෝරා ගන්නා කාලය කුමක් වුවත්, UV නිරාවරණයෙන් ආරක්ෂා වීමට අව් කණ්ණාඩි, තොප්පියක් සහ බොහෝ හිරු ආවරණ පැළඳීමට සැලසුම් කරන්න.
- බැන්ෆ් වටා යාමට හොඳම විදිහ පයින් යන එක. නමුත් කාලගුණයෙන් බාධා අවොත් කුඩා නිවාඩු නිකේතනවල භාවිතා කිරීමට පහසු බස් පද්ධතියක් මේකේ තියෙනවා.
මෙම කරුණු සලකා බලා, බැන්ෆ් ඔබේ මීලග ගමනාන්තය කරගැනීමට අමතක කරන්න එපා.

2) වැන්කුවර්
වැන්කුවර් යනු ඉතා අලංකාර නගරයක්. කඳු සහ වෙරළ තීරයන්ගෙන් වට වූ වැන්කුවර් නාගරික හා ස්වභාවික ක්‍රීඩා පිටියක් තියෙන තැනක්. එහි ආකර්ශනීය වටපිටාව, ප්රමුඛ පෙලේ විලාසිතා සාප්පු සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න පුළුවන් තැන් තියෙන නිසාම “හොලිවුඩ් නෝර්ත්” යන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වනු ලබනවා.
වැන්කුවර් සිටියදී ඔබට කඳු නැගීම, මවුන්ටන් බයිසිකල් පැදීම, කයාකිං, වයිට්වෝටර් රාෆ්ටින් සහ ස්කීං වගේ වික්‍රමාන්විත දේ සදහා වැඩි ඉඩකඩක් ලැබෙනවා. තමන්ගේ පාඩුවේ වෙරළ දිගේ ඇවිද යන්න. එහෙමත් නැත්නම් වැන්කුවර්හි පිහිටා තිබෙන උද්‍යානවලින් එකකට යන්නත් පුළුවන්.
ශීත කාලේ දී හොඳම වැඩේ තමයි, ඉහළම මට්ටමේ කෞතුකාගාරයක අත්දැකීමක් හරි Granville Island හරි Capilano එල්ලෙන පාලම වැනි තැනකට යන එක. නැත්නම් සුඛෝපභෝගී සාප්පු සවාරියක් එක්ක රසම රස රෑ කෑම වේලක් කන්නත් පුළුවන් .
වැන්කුවර් වෙත පැමිණීමට හොඳම කාලය මාර්තු සිට මැයි දක්වා සහ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා. කාලගුණයත් එක්ක හෝටල් කාමරත් දැරිය හැකි මිල ගණන් යටතේ හොයාගන්න පුළුවන්. මොකද උණුසුම් කාලගුණය පිළිබඳ පොරොන්දුව නිසා ගිම්හාන කාලය වඩාත් ජනප්‍රිය වෙනවා.
වැන්කුවර් වටා යාමට හොඳම ක්‍රමය වෙන්නේ පයින් යන එක, එක්කෝ බයිසිකලයෙන් හරි පොදු ප්‍රවාහනයෙන්. කෙටියෙන්ම කිව්වොත් නගරයේ බොහෝ ප්‍රධාන ආකර්ෂණීය තැන් පිහිටලා තියෙන්නේ ඇවිද යන්න පුළුවන් දුරෙන්.
Drive කරනව නම් මේවා අමතක කරන්න එපා!
එක්සත් ජනපදයේ පුරවැසියන්ට කැනඩාවට යාමට සහ නැවත රටට ඇතුළු වීමට විදේශ ගමන් බලපත්‍රයක් අවශ්‍ය වෙනවා.
ඔබ රිය පැදවීමට අදහස් කරනව නම්, ඔබ කැනේඩියානු සහ එක්සත් ජනපද දේශසීමා පාලන හරහා පුද්ගලික සහ වාණිජ සංචාරකයින් සඳහා කඩිනම් දේශසීමා හරස් කිරීමට ඉඩ සලසන විදේශ ගමන් බලපත්‍රයක්, විදේශ ගමන් බලපත්‍ර කාඩ්පතක් හෝ NEXUS කාඩ්පතක් ඉදිරිපත් කළ යුතු බව තරයේ මතක තියාගන්න.

3) නයගරා ඇල්ල.
කවුරුත් දන්න නයගරා ඇල්ල, කැනඩාවේ ලස්සන තවත් වැඩි කරනවා. ගඟ වැටෙන වේගය නිසා මීදුමෙන් වැසුණු මීදුමකුත්, සැතපුම් ගණනක් ඈතින් ඇසෙන නොවරදින ඝෝෂාවකුත් මැවෙනවා. මේ ලස්සන මීදුම දැක ගන්න ගොඩක් සෙනඟ ඇදී එනවා. නයගරා ඇල්ලේ පහළ ජල මාර්ගය පැත්තේ, බෝට්ටු, වේදිකා සහ නිරීක්ෂණ තට්ටු නයගරා සුන්දරත්වය විඳ ගන්න උදව් කරනවා.
නයගරා උද්භිද උද්‍යාන සහ සමනල සංරක්ෂණාගාරය, නයගරා ග්ලෙන් ස්වභාව රක්ෂිතය, ඉනිස්කිලින් වයින් කර්මාන්ත ශාලාව සහ ස්කයිලෝන් කුළුණ බලන්න යන්නම වටිනා තැන් ටිකක්.
නයගරා ඇල්ල නැරඹීමට හොඳම කාලය ජුනි සිට අගෝස්තු දක්වා. නයගරා ඇල්ල වටෙත් යාමට හොඳම විදිය පයින් යන එක. හැබැයි හිම නැත්නම් විතරයි.
රේන්බෝ පාලම හරහා විනාඩි 20 කින් විතර ඇමරිකා එක්සත් ජනපදය හරහා කැනඩා දේශසීමාවට එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ආකර්ෂණීය ස්ථාන සාමාන්‍යයෙන් එකිනෙකට සමීප වන නිසා ලේසියෙන් ම ඇවිදයන්න පුළුවන්. එහෙ තියෙන මාර්ග තදබදය වගේ ම වාහන නැවැත්වීමට යන මිල වැඩි නිසා, මෝටර් රථයක් තිබීම ඔබේ ගමන වඩාත් පීඩාකාරී කරන්න පුළුවන්.
පයින් ගිහින් කකුල් රිදෙනව නම්, ඔයාට පුළුවන් ඒ ප්‍රදේශයේ තියෙන කාර්යක්ෂම (සහ නිදහස්) Discover නයගරා ෂටලයකට නඟින්න.

4) ජැස්පර් ජාතික උද්‍යානය.
කැනඩාවේ වනගත ස්ථානවලින් එකක් තමයි ජැස්පර් ජාතික වනෝද්‍යානය. ඇල්බර්ටා හි නැගෙනහිර මායිමේ මේ ලස්සන වනෝද්‍යානය පිහිටා තියෙනවා. ජැස්පර් කැනේඩියානු රොකීස් හි විශාලතම උද්‍යානය වන අතර බැන්ෆ් සහ අමතර උද්‍යාන අතලොස්සක් සමඟ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක කොටසක් ලෙස නම් කරල තියෙනවා.
කඳු, ගංගා සහ ග්ලැසියර් ඇතුළුව ස්වභාවික අරුමපුදුම දේ මේ උද්‍යානයේ තියෙනවා. ජැස්පර් හි ශීත සෘතුව කියන්නේ මාමොට් ද්‍රෝණියේ හිම මත ලිස්සා යාම වැනි ශීත කාලගුණ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කාලයක්. කාලය මොකක් වුණත්, ජැස්පර් වෙත යන්න නම් හේතුවක් තියෙනවා.
ජැස්පර් ජාතික වනෝද්‍යානය නැරඹීමට හොඳම කාලය මාර්තු සිට මැයි දක්වා සහ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා. හැබැයි මේ කාල ගොඩක් වෙලාවට ශීත කාල වෙන්න පුළුවන්.

5) මොන්ට්‍රියල්.
මෙම බහුකාර්ය නගරයේ ඉහළම ආකර්ෂණීය ස්ථාන අතර ලෝක මට්ටමේ කෞතුකාගාර සහ කාර්යබහුල වෙළඳපොළවල් තියෙනවා. Vieux-Montréal හි පැරණි ගල් කැට වීදි දිගේ ඔබේ ගමන ආරම්භ කරන්න. ඔබට ඓතිහාසික ආසන දෙව්මැදුර ගවේෂණය කරන්න වගේම, Boulevard Saint-Laurent ඔස්සේ සම්ප්‍රදායික ප්‍රංශ කැෆේ එකකින් cappuccino එකක රස බලන්නත් පුළුවන්. ඓතිහාසික දේවල් ගවේෂණය කරන්න ආස නැත්නම්, සවස් වරුවේ සාප්පු සවාරි යන්න හරි, Parc du Mont-Royal වෙත යන්න යන්න හරි පුළුවන්.
මොන්ට්‍රියල් වෙත යාමට හොඳම කාලය මාර්තු සිට මැයි දක්වා සහ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා. උණුසුම් ග්‍රීෂ්ම ඍතුවේ පයින් ගමන් කිරීම වඩාත් ප්‍රියජනක වුණත් රත් වූ භූගත නගර ඡේද ශීතකාලේ දී රැකවරණය සපයනවා. හැබැයි සෞම්‍ය ගිම්හානයට මොන්ට්‍රියල් තුළ ජනප්‍රිය උත්සව රාශියක් පවත්වනවා.
මොන්ට්‍රියල් වටා යාමට හොඳම ක්‍රම වන්නේ පයින් හෝ පොදු ප්‍රවාහනය. මොන්ට්‍රියල් කියන්නෙත් ඇවිද යා හැකි නගරය ක්, නමුත් පයින් ගිහින් කකුල් රිදෙනව නම්, මොන්ට්‍රියල් මෙට්‍රෝ සහ බස් රථයක් පාවිච්චි කරන්න පුළුවන්.

6) කුබෙක් නගරය
වංගු සහිත ගල් කැට වීදි සහ උස් ආසන දෙව්මැදුර; නැවුම් බේක් කළ පාන් සහ චීස් සුවඳ; ක්‍රීම් කැෆේ ලැටේ සහ බටර් ක්‍රොයිසන්ට් වල රසය ඔබට ප්‍රංශයේ සිටින අත්දැකීමක් කුබෙක් දී නිසැකවම ලබා දෙනු ඇත.
මෙම යුනෙස්කෝ ලෝක උරුම අඩවිය නව ප්‍රංශයේ උපන් ස්ථානය ලෙස සළකනවා. ක්විබෙක් නගරය ඒක නිසාම, එහි මාතෘ භූමියේ සංස්කෘතිය දිගටම ආරක්ෂා කරනවා. පැරණි ක්විබෙක්හි බලකොටු බිත්ති හරහා ගමන් කරන විට, ඔබට යුරෝපීය සිතුවමකින් කෙළින්ම ලෝකයක් සොයා ගැනීමට හැකි වේවී. 17 වන සහ 18 වන ශතවර්ෂයේ ගොඩනැගිලි, බේකරි, බිස්ට්‍රෝ සහ කඩ කාමර, ගල් කැට සහිත චතුරශ්‍රය ක්විබෙක්හි සුන්දරත්වය වැඩි කරයි. සෑම අස්සක් මුල්ලක් නෑරම, කුබෙක් නගරයහි පොහොසත් උරුමයේ කොටසක් සොයා ගැනීමට බලා සිටී.
කුබෙක් නගරය නැරඹීමට හොඳම කාලය ජුනි සිට සැප්තැම්බර් දක්වා සහ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා. මන්ද, ග්‍රීෂ්ම සහ ශීත මාසවලදී, නගරයේ උත්සව දැඩි ලෙස පවතින නිසා.
කුබෙක් වලත් හොඳම විදිය පයින් යන එක. නමුත්, ඔබේ පාද වෙහෙසට පත් වෙලා නම් හරි කාලගුණය ඉතා සිසිල් නම්, නගරයේ මේ ඓතිහාසික ප්‍රදේශය වටා ෂටල් මාර්ගයෙන් යන්නත් පුළුවන්.

7) වික්ටෝරියා සහ වැන්කුවර් දූපත.
වැන්කුවර් සිට මිනිත්තු 90 ක පාරු ගමනකින් ඔබට මෙහි පැමිණිය හැක. වැන්කුවර් දූපතේ දකුණු කෙළවරේ පිහිටා ඇති වික්ටෝරියා කුඩා නගරය එහි යටත් විජිත අතීතයේ නටබුන් තවමත් පෙන්නුම් කරනවා.
මෙම නගරයේ ආදිවාසී උරුමය, ආකර්ශණීය ගෘහ නිර්මාණ ශිල්පය සහ අපූරු වරාය දර්ශන, විශිෂ්ට කෞතුකාගාර විවිධ සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට සමත්ව තියෙනවා. වැන්කුවර් දූපත විශේෂයෙන්ම එහි වෙරළ ත් කොළ වයින් සඳහා ත් ප්‍රසිද්ධ යි. වික්ටෝරියා නගරයේ සිට, ප්‍රබෝධමත් බෝට්ටු සවාරියක් එක්ක මසුන් අල්ලන්න පුළුවන් නගරයක් වන සූක් වෙත යන්න – එහෙමත් නැත්නම් කොවිචාන් නිම්නය වෙත යන්න. එහි මිදිවලින් පිරුණු වැල් පේළි වල ලස්සන දකින්න පුළුවන්.
වික්ටෝරියා සහ වැන්කුවර් දූපත නැරඹීමට හොඳම කාලය මාර්තු සිට මැයි සහ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා වේ.
වික්ටෝරියා සහ වැන්කුවර් දූපත වටා යාමට ලේසිම විදිය බයිසිකලයක් හෝ මෝටර් රථයක් පාවිච්චි කරන එක. මධ්‍යම වික්ටෝරියා – විශේෂයෙන්ම අභ්‍යන්තර වරාය – පහසුවෙන් ම පයින් ගවේෂණය කරන්න උදව් කරන අතරේ බයිසිකල් මාර්ග ඔබට තව සංචාරක ප්‍රදේශ කරා යන්න උදව් කරනවා. වික්ටෝරියා පුළුල් ප්‍රවාහන පද්ධතියකින් ද සමන්විත වන අතර ම, වැන්කුවර් දූපතේ තොටුපළ අනෙකුත් නගරවලට සම්බන්ධ කරනවා.

8) ප්‍රින්ස් එඩ්වඩ් දූපත.
හරිත කඳු, රතු වැලි ගල් කඳු සහ මුහුදු ආහාරවල රසවත් බව නිවහන වූ ප්‍රින්ස් එඩ්වඩ් දුපත, කැනඩාවේ වඩාත් ත්‍රාසජනක ගමනාන්තයන්ගෙන් එකක්. ඔබ වෙරළේ ලස්සන විඳින්නට අකමැති නම් එහි ඇති එක් ගොල්ෆ් පිටියක හෝ සෙල්ලම් කිරීමට අමතක නොකරන්න.

9) විස්ලර්.
හිමෙන් වැසුණු කඳු මුදුන් සහ කුඩා බෑවුම්; දිදුලන විල් සහ ගලා බසින දිය ඇලි; අභියෝගාත්මක කඳු නැගීමේ මංපෙත් සහ ආපනශාලා හි දැකගන්න ලැබෙනවා. මෙම දැවැන්ත නිවාඩු නිකේතනය අක්කර 8,100 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති අතර, වාර්ෂිකව අඩි 40කට ආසන්න හිම පතනයක් දකින අතර උතුරු ඇමරිකාවේ වඩාත් ක්‍රියාකාරී අප්රෙස්-ස්කී ස්ථාන කිහිපයකින් එකක් වෙනවා.
විස්ලර් ක්‍රියාන්විත අත්දැකීමක් ලබා ගැනීමට කදිම නිවාඩු ස්ථානයක් වන අතර, ප්‍රදේශයේ කෞතුකාගාර සහ කලාගාර එහි අලංකාරය තව වැඩි කරනවා. තවද, නගරය තුළ පවුල්-හිතකාමී ක්‍රියාකාරකම් සහ අයිස් මත ලිස්සා යාම, ගිම්හාන ප්‍රසංග සහ විස්ලර් ස්ලයිඩින් මධ්‍යස්ථානය වැනි ආකර්ෂණීය ස්ථාන, සාප්පු සවාරි විකල්පයන් සහ භෝජන සංග්‍රහයන් රාශියක් පවතිනවා. පෞරාණික ස්කී ස්ථාන සහ එළිමහන් ක්‍රියාකාරකම් රාශියක් පවතින මෙම ප්‍රදේශයට බොහෝ දෙනෙකු ඔවුන්ගේ ආම්පන්න රැගෙන පැමිණීමට වැඩි කැමැත්තක් දක්වනවා.
විස්ලර් නැරඹීමට හොඳම කාලය ජුනි සිට අගෝස්තු දක්වා සහ දෙසැම්බර් සහ මාර්තු අතර වේ.

10) මොන්ට් ට්රේම්බ්ලන්ට්.
කුබෙක් හි ලොරෙන්ෂන් කඳුකරයේ මොන්ට්‍රියල් සිට සැතපුම් 80 ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇති මොන්ට් ට්රේම්බ්ලන්ට්හි හිම මත ලිස්සා යාම සඳහා වඩාත් ප්‍රසිද්ධ වෙනවා. විශේෂයෙන් Mont Tremblant Ski Resort, එය කඳු පන්තියේ උසම කඳු මුදුනේ පිහිටලා තියෙනවා.
එහි ඇති ගංගා හය, විල් සහ ඇළ දොළ 400 කින් සමන්විත පාර්ක් නැෂනල් ඩූ මොන්ට්-ට්රෙම්බ්ලැන්ට් සංචාරකයන් එකසේ වශී කරවනවා. ජල ක්‍රීඩා, මසුන් ඇල්ලීම සහ මවුන්ටන් බයිසිකල් පැදීම සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි.

11) වයිට් හෝර්ස්
කැනඩාවේ යුකොන් ප්‍රදේශයේ අගනුවර වන වයිට්හෝර්ස් – “විශාල ගෙවත්තක් සහිත කුඩා නගරය” ලෙසින් හඳුන්වනු ලබන්නේ එහි සියලුම එළිමහන් ක්‍රියාකාරකම් වලින් බැබළෙන නිසයි.
xplore මයිල්ස් කැන්යන්, එය වයිට් හෝර්ස් සිට පයින්ම ප්‍රවේශ විය හැකිය (සැතපුම් 10කට ආසන්න මාර්ගයක්). පසුව, යුකොන් වනජීවී සංරක්ෂණයට උතුරට යන්න, එහිදී ඔබට ආක්ටික් හිවලුන්, එල්ක්, මස්කොක්ස් සහ බයිසන් ඇතුළු සියලු වර්ගවල සතුන් සොයාගත හැකි වෙනවා. මෙම ප්‍රදේශය ඉතා සීතල වුව ත්, උතුරු ආලෝකය දැක බලා ගන්න නම් අනිවාර්යෙන්ම ශීත සෘතුවේ පළමු සති දෙක තුළ ඔබ සංචාරය කරන්නම ඕනී.

12) ටොරොන්ටෝ
ටොරොන්ටෝ නගර මධ්‍යයේ අහස උසට ගොඩනැගිලි වලින් පිරී පවතින අතරේ, කාර්ය බහුල මිනිසුන්ගෙන් නගරය පිරී ගොස් තියෙනවා. පොදු ප්‍රවාහන පද්ධතිය ඉහළම මට්ටමක මෙහි පවතිනවා. ග්රීක්ටවුන්, ලිට්ල් ඉන්ඩියා සහ කොරියා ටවුන් වැනි සංස්කෘතික පැති නගර සීමාව තුළ තියෙන නිසාම, ටොරොන්ටෝවට ලොව පුරා එන අමුත්තන්ගෙනම් අඩුවක් නෑ .
මෙම නගරය ලොව උසම නිදහස් කුළුණු වලින් එකක් වන CN ටවර් සහ ලොව විශාලතම භූගත සාප්පු සංකීර්ණය වන PATH හි නිවහන වෙනවා.
ටොරොන්ටෝ වෙත පැමිණීමට හොඳම කාලය අප්‍රේල් අග සිට මැයි දක්වා සහ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා වේ.

13) Gros Morne ජාතික උද්‍යානය.
මෙම යුනෙස්කෝ ලෝක උරුම අඩවිය නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි බටහිර වෙරළ තීරයේ අක්කර 458,000 කට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා.
මෙහි යනවනම් අනිවාර්යෙන්ම කරන්න ඕනී, ප්‍රධාන ක්‍රියාකාරකම තමා මෙම භූමිය හරහා ගමන් කරන එක. මෙහිදී, ඔබ වසර මිලියන ගණනකට පෙර භූ තැටි ගැටීමෙන් නිර්මාණය කරන ලද මලකඩ පැහැති භූ දර්ශනයක් වන නිරාවරණය වූ පෘථිවි ආවරණයක් හරහා ගමන් කිරීමට හැකි වනු ඇත. අඩි 2,000ක් පමණ වන දිය ඇලි සහිත, ග්ලැසියර කැටයම් කළ ගොඩබිම් සහිත ෆ්ජෝර්ඩ් එකක් වන බටහිර බෲක් පොකුණෙහි බෝට්ටු සවාරියක් සඳහා අනිවාර්යෙන්ම කාලය ඉතිරි කර ගන්නත් අමතක කරන්න එපා.

14) කේප් බ්‍රෙටන් හයිලන්ඩ්ස් ජාතික උද්‍යානය.
ඔබ ලෝකයේ වඩාත්ම දර්ශනීය රිය පැදවීම් වලින් එකක් ලෙස සැලකෙන වංගු සහිත අධිවේගී මාර්ගයේ ධාවනය කරන විට, ඔබ වනාන්තර ගංඟා කැනියම්, ග්‍රාමීය ධීවර ගම්මාන සහ තවත් බොහෝ ලස්සන නිරීක්ෂණ ස්ථාන පසුකර යනු ඇත.
ඔබේම දෙපයින් උද්‍යානය ගවේෂණය කිරීමට කැමතිද? එසේනම් ඔබට තෝරා ගැනීමට කඳු නැගීමේ මංපෙත් 26 ක් මෙහි පවතිනවා!

15) ඔකනගන් නිම්නය.
බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සැතපුම් 155කට වඩා වැඩි දුරක් පුරා විහිදෙන ඔකනගන් නිම්නය පළාතේ මිදි වතු අක්කරවලින් 84%කට නිවහන වන අතර වයින් කර්මාන්තශාලා 200කට ආසන්න ප්‍රමාණයක් ඇත.
ඔබ වයින් රස බලන ගමන් එළිමහන්නේ සුන්දර විඳගන්න කැමැති නම් නර්මට බෙන්ච් වෙත පිවිසෙන්න. මෙම ප්‍රදේශය වයින් කර්මාන්තශාලා වලින් පිරී ඇති අතර කයාකිං සිට මවුන්ටන් බයිසිකල් පැදීම දක්වා සෑම දෙයක්ම සපයයි. ඔබ කුමන ප්‍රදේශයට ගියත්, ලෝකයේ හොඳම වයින්වල රස බලන්න මෙහෙ එන්නම ඕනී.
දැන් ඔබට කැනඩාවේ නිවාඩුවක් ගතකිරීමට තැනක් සොයාගැනීමට එතරම් අපහසුවක් වෙන්නෑ. අප ඔබට දර්ශනීය ස්ථාන 15 ක් හොයලා දීලා තියෙනවා. මේ කියපු තැන් වලින් එකකට, එක් වරක් හෝ යන්න try කරන්න.
GIPHY App Key not set. Please check settings