ඔබ කැනඩාවට අලුත්ද? කැනඩාව ගැන මොකුත්ම දන්නෙ නැද්ද? පහත දක්වා ඇති කරුණු කියවා කැනඩාව ගැන අදහසක් ගන්න.
කැනඩාව ඉතා විශාල රටකි. එය ලොකයේ දෙවන විශාලතම රට වේ. එය කෙතරම් විශාලද කියනවනම්, ලංකාව වගේ එකසිය පනස් දෙගුණයක් තරම් විශාලයි. කැනඩාව ප්‍රාන්ත දහ තුනකට බෙදා ඇත. එයින් විශාලතම ප්‍රාන්තය වන්නේ කියුබෙක් (Quebec) ප්‍රාන්තයයි. කැනඩාවේ අගනුවර වන්නේ ඔට්ටාවා (Ottawa) නගරයයි. මෙවැනි විශාල රටකට පමිණෙන විට එම රට ගැන අවබෝධයක් තිබීම ඉතා වැදගත්වේ.
කැනඩාවේ නාගරික ජිවිතයද ඉතාම විශිෂ්ටයි. ලෝකේ ඉහළතම පිළිගැනීමක් ඇති නගරවලින් පළවෙනි නගර පහ අතරට කැනඩාවේ නගර තුනක්ම 2014 දි නම්ව තිබුනා. වැන්කුවර් (Vancouver), ටොරොන්ටො (Toronto), කැල්ගරි (Calgary), යන නගර එම වසරේ තුන්වන සිව්වන සහ පස්වන ස්ථානවල පසු වුණා.
කැනඩාව බහු සංස්කෘතික රටකි. කැනඩාවේ 20% කට වැඩි ප්‍රමාණයක ජන ගහණයක් සංක්‍රමණිකයන් වේ. එහිදි දෙසීයකට වැඩි රටවල්වලින් පැමිණි ජාතිකයින් ජීවත් වේ. 2031 වර්ෂය වන විට මෙම ප්‍රතිශතය 50% දක්වා වර්ධනය වේ යැයි බලපොරොත්‍තු වනවා.
කැනඩාව ඉතා විශාල රටක් බැවින්, ඔවුන් ඉතාම සතුටින් සංක්‍රමණිකයන් පිළිගැනීමට බලපොරොත්‍තු වනවා. මෙවැනි විශාල ජන කොට්ටාශයක් ජීවත් වන රටේ ප්‍රධාන භාෂා දෙකක් ලෙස හදුන්වා ඇත. ඒ නම් ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා වේ. එනමුත් කැනඩාවේ වැඩි වශයෙන් පාවිච්චි වන්නේ ඉංග්‍රීසි භාෂාවයි.

නැගෙනහිර කියුබෙක් (Quebec)ප්‍රාන්තයේ වැඩි වශයෙන් ප්‍රංශ භාෂාව භාවිතා වේ. එහි සිටින ජනතාව ප්‍රංශ භාෂාව භාවිතා කිරීමට දැඩි ලෙස යොමු ව ඇති නිසා වේ. ප්‍රංශ භාෂාව භාවිතා කිරීම සදහා නීති රීති පවා එම පැති වල පවතී.
කැනඩාව ගැන අගය කළ යුතු තවත් කරුණක් වන්නේ එහි ලබා දෙන සෞඛ්‍ය සේවා පහසුකම් ය. කැනඩාවට අසල්වැසි ඇමරිකාවද, සෞඛ්‍ය සත්කාර සේවා ලබා දීමේ දී කැනඩාවට දෙවැනිය. ඔබට ලබා ගත හැකි සෞඛ්‍ය සේවා පහසුකම් ගැන ඔබ සැළකිලිමත් විය යුතුය. කැනඩාවේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සත්කාර නොමිලේ ලබා දෙනු ලැබේ. එනමුත් වෙනත් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට කල් ගත වන්නේ නම්, පුද්ගලික සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම වඩා සුදුසු බව කිව හැක.
කැනඩාවේ අගය කල යුතු තවත් දෙයක් වන්නේ එහි ඇති අධ්‍යාපන පද්ධතියයි. ලෝකයේ ඉතා උසස් මට්ටමක පිළිගැනීමක් ඇති රටවල් වලට කැනඩාව ද අයත් ය. කැනඩාව ලෝකයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අංක එක ලෙස පිළිගැනීමට පත්ව ඇත. මෙහිදී තවත් විශේෂ කරුණක් වන්නේ, පොදු පාසැල් සියල්ලක්ම කැනඩා වැසියන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීමයි. පෙර පාසැල්, පාසැල් සහ විශ්ව විද්‍යාල රැසක් මෙහි දැකගත හැකිය. කැනඩාව ලෝකයේ වඩාත්ම උගත් රට ලෙස හැඳින්වේ. 56% ක වැඩිහිටියන් කිසියම් හෝ උසස් අධ්‍යාපනයක් ලබා ඇති බව දත්ත වලින් දක්නට ලැබේ. කැනඩාව උසස් අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා ඉතා සුවිශේෂ රටක් ලෙස දැක්වේ. ලෝකයේ බොහෝ සිසුන් කැනඩාවේ දී උසස් අධ්‍යාපනය හැදැරීමට උනන්දුවක් දක්වයි. එහි දී සිසුනට ජීවන වියදම හා අධ්‍යාපනය වියදම පහසුවෙන් දැරිය හැකි බැවින්, උසස් අධ්‍යාපනය සඳහා කැනඩාව ඉතා ජනප්‍රිය වේ.
කැනඩාව ඉතා සුවිසල් නිසා, ලස්සන නගර පමණක් නොව ඔබට ආකර්ෂණීය සහ සුන්දර පරිසරයක්ද භුක්තිවිදිමට අවස්ථාවක් ඇත. ඝණ වනාන්තරය සහ කාන්තාරය හැර, අනෙකුත් සියලු වර්ගයේ පරිසරයන් සහ භූ දර්ශන, කැනඩාවේදී ඔබට රස විදීමට හැකිය. ගංගා, දිය ඇළි, කඳු සහ මුහුදු වෙරළ එයින් කිහිපයකි.
ඔබ දැන සිටියාද? ලෝකයේ දීර්ඝතම වෙරළ තීරය කැනඩාවට අයත් බව? තවද, ලෝකයේ පිහිටි ඇති විල් වලින් 20% පිහිටා ඇත්තේ කැනඩාවේය. කැනඩාවේ මිලියන දෙකකට ආසන්න විල් පිහිටා ඇත. එබැවින් එහිදි ඔබට ඉතා විනෝද ජනක ජළ ක්‍රීඩා රාශියක් කළ හැකි වේ.
සිත් ඇදගන්නා සුළු පරිසරයක් සමඟ කැනඩාවේ අගය කල යුතු සත්ව විශේෂයන් ද ඇත. කැනඩාවේ ජාතික සත්වයා ලෙස බීවර් ලා (Beaver) හැදින්වේ. මූස් (Moose) වර්ගයද කැනඩාවේ වැදගත් සංකේතයක් ලෙස හදුන්වා ඇත. මුදල් නෝට්ටු වලද පවා මෙම සත්වයන් දෙදෙනාගේ රූප යොදා ගෙන ඇත. මූස් සහ බීවර් ලා වැඩි වශයෙන් කැනඩාවේ සොයා ගත හැකිය. මෙම සතුන් කෙතරම් බහුලව දක්නට ලැබේද යත්, කැනඩාවේ බොහොමයක් රිය අනතුරු වලට හේතු වී ඇත්තේ මෙම සතුන් පාර හරස් කීරීම සහ පාර පැනීම නිසාය. මේ නිසාම කැනෙඩියානුවන්, සතුන්ට පාර පැනීමට වෙනත් පාලම් සහ මාර්ග ඉදිකර ඇත.

කැනඩාවේ සත්ව විශේෂයන් ගැන පවසද්දි, අමතක නොකළ හැකි සත්ව විශේෂයක් වන්නේ වලසුන් ය. කැනඩාවේ කළු, ග්‍රිස්ලි සහ හිම වලසුන් ජාතීන් තුනම සොයා ගත හැකිය. කළු වලසුන් 500,000 කට කිට්ටු ප්‍රමාණයක්ද, ග්‍රිස්ලි වලසුන් 20,000 පමණ සහ හිම වලසුන් 17,000 ක් පමණ සොයා ගත හැකිය.
ඔබ දැනගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ කැනඩාව ඉතා සීතලරටකි. ශීත කාලයේ දී උෂ්ණත්වය 0°C වලට පහළින් පැවතේ. මෙම උෂ්ණත්වය -30°C හෝ -40°C දක්වා ද පහත් විය හැකිය. එබැවින් ඔබට සීතල දරාගත නොහැකි නම්, කැනඩාව ඔබට සුදුසු වන්නේ නැත.
මෙම සීතල ස්වභාවය යොමු කර ගෙන කැනඩාවේ අයිස් හොකි ක්‍රීඩාව ඉමහත් ජවයකින් පවත්වනු ලබේ. කැනඩාවේ අයිස් හොකි ක්‍රීඩාව ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි. අයිස් හොකි ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය ද යත්, 2010 දි පැවති ඔලිම්පික් උළෙලේදී අවසන් පිරිමි හොකි තරගය (කැනඩාvs ඇමරිකා) කැනඩා රූපවාහිනී ඉතිහාසයේ වැඩිම නැරඹීමට ලක් වූ අවස්ථාව වේ.
කැනඩාවේ ආහාර පාන ගැන විස්තරයක් සටහන් කළොත්, එහි ජාතික ආහාර වන්නේ පූටින් (Poutine) නැමති ආහාරයයි. එය චිප්ස් සහ චීස් සහ ඝණ හොද්දක් සමග සකස් කරන ලද ආහාරයකි. එය ඉතා සරල ආහාර වේලකි. මෙම කෑම වේල, විවිධ ආකාරයට සකසනු ලැබෙන අතර, ඔබටද තමන්ට සුදුසු ආකාරයට මෙය සකස් කර ගත හැකිය.
කැනඩාවේ තවත් ජනප්‍රිය ආහාරයක් වන්නේ මෙපල් සිරප් ය (Maple Syrup). කැනඩාවේ මෙපල් ගස් රාශියක් දක්නට ලැබේ. ඒවා කාලයකදී රතු පැහැයට හැරෙන අතර, එම දර්ශනය ඉතා සිත් ඇද ගන්නා සුළුය. මෙපල් ගස් වලින් ගන්නා ඉස්ම, රත් කර මෙපල් සිරප් ලෙස සකස් කර ගනු ලැබේ. ලෝකයේ මෙපල් සිරප් නිෂ්පාදනයෙන් 71% ක් සිදු වන්නේ කැනඩාවේ ය.
කැනඩාවේ තවත් අසාමාන්‍ය කරුණක් වන්නේ එහි කිරි බෙදාදෙන ආකාරයයි. වැඩි වශයෙන් කිරි ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් වල බෙදා හරිනු ලබයි. නමුත් සමහර ප්‍රදේශ වල කිරි ප්ලාස්ටික් පැකට් වල හෝ ප්ලාස්ටික් බෑග් වල බෙදා හරිනු ලැබේ.
කැනඩාවේ වඩාත් ජනප්‍රිය වෙළඳ නාමයක් වන්නේ ටිමීස් (Tim Hortons) නම් වෙලද නාමයයි. මෙම සාප්පු පෙළ කෝපි සහ ඩොනට් වලට ප්‍රසිද්ධියට පත්ව ඇත. කැනඩාවේ ඕනෑම කොනක ඔබට Tim Hortons කඩයක් සොයා ගත හැක. මෙපල් සිරප් වලට පසු Tim Hortons කෝපි ඉතා වැඩි වශයෙන් කැනඩාවේ පරිභෝජනයට ගනී.

කැනඩාවේ ජාතික කොඩිය රතු සහ සුදු පැහැති තීරයන් සමග රතුපාට මෙපල් කොළයක ධජයක් ඇති කොඩියකි. මෙම කොඩිය ඉතා අමුතු විදියට නිර්මාණය කරනු ලබා ඇත. 1956 වර්ශයේ පවත්වනු ලැබූ නිර්මාණ තරගයකින් මෙය තෝරා ගත් එකක් වීම මෙහි ඇති විශේෂත්වය යි. මෙම කොඩිය නිර්මාණය කරනු ලැබුවේ කනල් ජෝජ් එෆ්. ජී. ස්ටැන්ලි විසිනි. යතුරු ටැග්වල, බෑග් වල මෙම මෙපල් ධජය බොහෝ විට ඔබට දක්නට ලැබේ.
කැනඩාවේ ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් භාවිතා වූවත්, එය ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලට වඩා පොඩ්ඩක් වෙනස් ය. ඔබගේ ඉංග්‍රීසි දැනුම හොද වුනත් අවස්තාවල කැනෙඩියානු ජාතිකයින් පවසන අදහස තේරුම් ගැනීමට අපහසු විය හැකිය. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ උච්චාරණය සහ ස්ලැන්ග් (Slang) භාවිතය යි. එබැවින් ඔබ කැනඩාව පැමිණෙන විට කැනඩාවේ උච්චාරණයේ වෙනස සහ ස්ලැන්ග් ගැන කිසියම් අදහසක් ඇත්නම් එය ඔබට වඩා ත් ප්‍රයෝජනවත් වේ.
කැනඩාවේ ඔබට දැක ගැනීමට ලැබෙන තවත් සුව්ශේෂි කරුණක් වන්නේ ඔවුන්ගේ නිහතමානී සහ ආචාර්යශීලී භාවය යි. කැනෙඩියානුවන් සමාව ඉල්ලීමට හෙවත් “sorry” කියන්න පසු තැවෙන්නේ නැත. ඇත්ත වශයෙන් ඔවුන් සියලු අවස්ථාවකදීම “sorry” පැවසීමට පුරුදුවී ඇත. කැනෙඩියානුවන් “sorry” පැවසීම ඔවුන් ගේ ලක්ෂණයක් බවට පත් කර ගෙන ඇත. ලෝක වැසියන් මෙම හැසිරීම විහිළුවකට යොමු කර ඇති නමුත්, මෙම නිහතමානී හැසිරීම අගය කළ යුතුයි. කැනඩාව ඉතා සුන්දර සහ ලස්සන මිනිසුන් සිටින රටකි.
GIPHY App Key not set. Please check settings