in

කැනඩාවට අලුතෙන් ඇවිත් ගෙයක් rent කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු.

අලුතෙන් කැනඩාවට එන්න බලාගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Student කෙනෙක් විදිහට හරි රැකියාවකට හරි කැනඩාවට ආවට පස්සේ ඉන්න ගෙයක් හෝ apartment එකක් රෙන්ට් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ අයට වැදගත් වෙන කැනඩාවට ඇවිත් රෙන්ට් එකට තැනක් හොයාගන්නේ කොහොමද, මොනවද අවශ්‍ය කරන ලියකියවිලි වගේම සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් ගැනද වගේ ගොඩක් වැදගත් දේවල් මේ ලිපියෙන් අපි කතා කරනවා.

කැනඩාවේ Rent එකට තැනක් හොයාගන්නේ කොහොමද?

ඇත්තටම කැනඩාවට එන්න ඉන්න ඕනෑම කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. මොකද ලංකාවේ වගේ නෙවෙයි නොදන්නා රටක නොදන්නා පළාතකට ඇවිත් ඉන්න තැනක් හොයාගන්න ඉතින් ලේසි නැහැ. හැබැයි එහෙමයි කියලා මේ වැඩේ අමාරුත් නැහැ. මොකද ඔයාගේ යාලුවෙක් හරි නෑයෙක් හරි කැනඩාවේ ඉන්නවා නම් ඒ අය හරහා තැනක් හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලංකාවේදී ගොඩක් දෙනෙක් ikman.lk වගේ වෙබ් සයිට් එකක් හරහා කුලියට දෙන්න තියෙන ගෙවල් හොයාගන්නවා වගේ ඔයාලට කැනඩාවේදී rentals.ca, kijiji.ca වගේ වෙබ්සයිට් සහ ෆේස්බුක් Marketplace එක භාවිතා කරලා ඔයා ඉන්න ප්‍රදේශයේ රෙන්ට් එකට දෙන ගෙයල් හෝ Apartment ලේසියෙන්ම හොයාගන්නත් පුළුවන්.

Real estate agent කෙනෙක්ගේ සහය ගන්න ඕනෙද?

ඉතින් ඔයාට අවශ්‍ය නම් කැනඩාවට ආවට පස්සේ ඔයා ඉන්න ප්‍රදේශයේ Real estate agent කෙනෙක් හරහා උනත් ගෙයක් හොයාගන්න පුළුවන්. මේගොල්ලෝ හරහා ගෙයක් හොයාගද්දී වාසි අවාසි දෙකම තියෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ අයගේ සේවය නොමිලේ ලැබෙන්නේ නැහැ. සාමන්‍යයෙන් ඒජන්ට් කෙනෙක්ව සම්බන්ධ කරගෙන තැනක් රෙන්ට් කරද්දී ඔයාගේ මාසෙක rent amount එකෙන් බාගයක් මෙයාලගේ සේවා ගාස්තුව විදිහට ගෙවන්න ඕනේ. ඉතින් ඒ ගැනත් කල්පනා කරලා එහෙම ගෙවන්න හැකියාවක් තියෙනවා නම් Real estate agentකෙනෙක්ගේ සහය ලබාගත්තට කමක් නැහැ.

ගෙයක්ද Apartment එකක්ද?

කැනඩාවේදී ඔයා rent එකට ගන්න තෝරගන්නේ ගෙයක්ද apartment එකක් කියන ඉතින් ඔයාගේ තීරණයක්. හැබැයි මතක තියාගන්න කැනඩාවේ accormodation වියදම් ටිකක් ඉහලයි. සාමාන්‍යයෙන් අලුතෙන්ම කැනඩාවට ආව ගමන්ම ගොඩක් දෙනෙක්ට විශේෂයෙන්ම student ලට ගෙයක් හෝ හොඳ apartment එකක් රෙන්ට් එකට ගන්න අමාරුයි. මේ නිසා අලුතෙන් එන ගොඩ දෙනෙක් basement apartments තමයි තෝරාගන්නේ. basement apartment එකක් කියන්නේ ගොඩක් වෙලාවට පොලව යට තියෙන apartment එකකට. මේවා ඉතාම ලේසියෙන් ටිකක් ගාන අඩුවෙන් හොයාගන්න තියෙනවා. මේවගේ සාමන්‍යයෙන් හිරු එලිය වැටෙන එල කවුළුවක් විතරයි තියෙන්නේ. මේ නිසා ඉතින් මේ වගේ එකක ජිවත් වෙනවා කියන සමහරුන්ට ටිකක් අමාරු වෙන්න පුළුවන්.

සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්

අලුතෙන්ම තැනක් rent කරද්දී අනිත් හැමදේටම කලින් ඔයා පළවෙනියටම බලන්න ඕන දේ තමයි ඔයාගේ බජට් එකට මේ තැන ගැලපෙනවද කියන එක. මොකද කලින් අපි කිව්වා වගේ කැනඩාවේ accomodation ටිකක් ගණන් වැඩියි නිසා ඔයා ගන්න බලන් තැන මාසික කුලිය ඔයාට දරාගන්න පුලුවන්ද කියන එක ගැන තමයි වැඩිපුරම අවධානය දෙන්න ඕනේ.
ඊට පස්සේ ඔය බලන්න ඕන දෙයක් තමයි මේ තැන ඉඳල ඔයා student කෙනෙක් නම් ඔයාගේ college එකට කොච්චර දුරයිද ජොබ් එකක් කරනවා නම් ඒ වැඩ කරන තැනට කොච්චර දුරයිද කියන එක. මොකද ඒ තැන් වලට යන්න ගත වෙන කාලය අඩු වෙන තරමට ඔයාට වාසියි. ඒ වගේම ආව ගමන්ම හැමෝටම වාහනයක් ගන්න අමාරුයි ඒ නිසා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න සිදු වෙන නිසා කොච්චර පහසුවෙන් බස් එකක් ගන්න පුලුවන්ද, නිතරම බස් වැඩ කරනවද, බස් තියෙන වෙලාවල් වගේ දේවල් සලකලා බලන්නත් අමතක කරන්න එපා.
තවත් විශේෂ සහ අනිවාර්යෙන්ම බලන්න ඕන දෙයක් තමයි parking access. කැනඩාවට ආවට පස්සේ අනිවාර්යෙන්ම ඔයාට වාහනයක් වෙනවා ඒ නිසා ඔයා rent කරන තැන Parking ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. වාහනේ ගරාජ් එකට දාන්න පුලුවන්ද නැත්නම් පාරේ park කරලා තියන්න වෙනවද, parking වලට වෙනම ගානක් ගෙවන්න ඕනද වගේ දේවල් ගෙයක් රෙන්ට් කරන්න කලින් හොයලා බලන එක ගොඩක් වැදගත්.
විදුලිය වතුර ගෑස් ඇතුළු utility වලට යන වියදමත් අනිවාර්යෙන්ම සකලකා බලන්න. සමහර තැන් වල ඔයාගේ rent amount එකට utility වල ගැනත් ඇතුලත් වෙනවා. සමහර තැන් වල % ගානක් ගෙවන්න තියෙන වගේම තවත් සමහර තැන් වල සම්පුර්නයේම ඔයා පාවිච්චි කරන විදිහට ඒවාට ගෙවන්න වෙනවා. ඉතින් අලුතෙන්ම තැනක් රෙන්ට් කරන්න කලින් මේ ගැන හරියටම දැනගෙන ඉන්න එක හොඳයි.
ඒ වගේම සුපර් මාකට්,ෆාමසි වගේ අත්‍යාවශ්‍ය වැඩ කරගන්න කොච්චර පහසුද කියලත් සලකලා බලන එක වටිනවා.
Furniture එක්කද නැද්ද කියන එකත් සලකලා බලන්න අනිවාර්යෙන්ම. මොකද සමහර තැන් වල ඔයාට ගෙදර තියෙන බඩුත් එක්කම තමයි හම්බෙන්නේ. එහෙම නැති තැනක් නම් මේවා වෙනම මිලදීගන්න ඔයාට සිදු වෙනවා. ඉතින් පුළුවන් තරම් furniture තියෙන තැනක් හොයාගන්න පුළුවන් නම් ඔයාට වාසියි. හැබැයි ඉතින් furniture එක්ක ගන්නකොට ගාන චුට්ටක් වැඩි වෙන්න පුළුවන්.

මොනවද අවශ්‍ය කරන ලියකියවිලි?

සාමන්‍යයෙන් කැනඩාවේ ගෙයක් රෙන්ට් එකට ගද්දි ඒක අයිති කෙනා ඔයාගෙන් Credit history එක සහ ඔයාල කලින් හිටපු තැන් වලින් referance ඉල්ලන්න පුළුවන්. ඉතින් අලුතෙන්ම ආපු කෙනෙක්ට මේවා දෙන්න විදිහක් නැති නිසා එක්කෝ ඒවා ඉල්ලන්නේ නැති තැනක් හොයාගෙන්න එක හරි ඔයා බලපු තැන අයිති කෙනා එක්ක කතා බහ කරලා ඒවා නැතුව වැඩේ කරන්න කැමති කරගන්න එක හරි තමයි කරන්න තියෙන්නේ.
ඒ වගේම සාමන්‍යයෙන් කැනඩාවේ ගෙයක් රෙන්ට් එකට දෙන්නේ අවුරුද්දක කාලයකට ගිවිසුම්ගත වෙලා. එතකොට ඔයා පලවෙනි මාසේ සහ අන්තිම මාසේ රෙන්ට් එක ගොඩක් වෙලාවට පදිංචි වෙද්දී දෙන්න ඕනේ. ඒ වගේම සිකියුරිටි ඩිපොසිට් එකක් සහ කී මනි වගේ දේවලුත් අයිති කෙනා ඉල්ලන විදිහට දෙන්න ඔයා සිද්ද වෙනවා. ඔයා රැකියාවක් කරනවා නම් සමහවිට රැකියාවේ තොරතුරු ලබා දෙන්න සිදු වෙන්නත් පුළුවන්.
මේ විදිහට අවශ්‍ය කරන දේවල් දුන්නට පස්සේ ඔයා සහ ගෙදර අයිති කෙනා අතරේ rental agreement එකක් අත්සන් කරන්න ඕනේ. ඔයාට හම්බවෙන පහසුකම් ඔයා rent එක ගෙවන්න ඕනේ දිනය, rent එක ගෙවන්න ඕනේ කොහොමද, සහ කුලියට ඉන්න කෙනෙක් විදිහට ඔයාගේ අයිතිවාසිකම් මොනවද, ගිවිසුම අවසන් වෙන්නේ කවදද වගේ දේවල් සසහ ඔයා මේ කුලී ගිවිසුමේ එකඟ වෙන කොන්දේසි කඩ කරොත් මොන වගේ දේවල් ද වෙන්නේ වගේ ගොඩක් දේවල් මේ rental agreement එකේ සඳහන් වෙනවා.
rental agreement එක අත්සන් කරන්න කලින් හොඳට කියවලා බලල ඔයාට නොතේරෙන හෝ අපැහැදිලි දෙයක් තියෙනවා ඒ ගැන ගෙවල් අයිති කෙනා එක්ක කතා කරලා ඒ දේවල් පැහැදිලි කරගන්න අමතක කරන්න එපා.
තවත් විශේෂම දෙයක් කියන්න ඕනේ ඔයා ගෙයක් රෙන්ට් කරන්න බය වෙන්න එපා මොකද කැනඩාවේ නීතියෙන් ඔයාට tenant කෙනෙක් විදිහට ආරක්ෂාව සහ අයිතිවාසිකම් තියෙනවා. ඒ නිසා මොකක් හරි ප්‍රශ්නයක් උනත් බය වෙන්න එපා ඔයා නිවැරදි නම් ඔයාට අනිවාර්යෙන්ම නීතියේ සහය ගන්න පුළුවන්. කොහොම උනත් ඔයා තැනක් rent එකට ගත්තට පස්සේ ඔයාගෙන් ඉටු වෙන්න ඕන වගකීම් මොනවද කියලාත් හොඳ අවබෝධයකින් නිවැරදිව කටයුතු කරනවා නම් ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි.
ඉතින් ඔයා කැනඩාවට අලුතෙන්ම ඇවිත් ගෙයක් හෝ අපාට්මන්ට් එකක් රෙන්ට් කරනවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන දේවල් තමයි අපි මේ ලිපියෙන් කතා කරේ. ඉතින් අලුතෙන් කැනඩාවට එන්න බලාගෙන සහ ආසාවෙන් ඉන්න අයට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා.ඒ වගේම අපේ වෙබ් අඩවියේ තියෙන කැනඩාව සම්බන්ධ අනෙක් ලිපිත් කියවන්න කියලා අපි ආරාධනා කරනවා. ජය වේවා.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

ඕලෙවල් ඉවර වෙලා ඉක්මනින්ම කැනඩා එන හරි පාර.

කැනඩාවට යන්න මිනිස්සු මෙච්චර කැමති ඇයි.