කැනඩාවට එන්න තියෙන විවිධ ක්‍රම අතරේ අඩුම වයසකින් ඉක්මනින්ම කැනඩාවට එන්න තියෙන ලේසිම පාර තමයි ස්ටුඩන්ට් වීසා හරහා කැනඩාවට ඉගෙනගන්න එන එක. මේ සම්බන්ධයෙන් ලිපි කිහිපයක්ම අපි ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ ලිපි වල කෙටියෙන් කතා කරපු ඕලෙවල් විභාගයෙන් පස්සේ කැනඩාවට එන්න පුළුවන් ආකාර ගැන කතා කළා. හැබැයි අපේ නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක්ට මේ ගැන තියෙන ගැටළු වල පිළිතුරු අරන් ඕලෙවල් කැනඩා එන විදිහ ගැන සවිස්තරාත්මකව මේ ලිපියෙන් අපි කතා කරනවා.
ඕලෙවල් ඉවර කරලා ඉගෙනගන්න කැනඩාවට එන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අතරින් පලවෙනි එක තමයි ලංකාවේ ඕලෙවල් ප්‍රතිඵල ආවට පස්සේ කැනඩාවේ ෆවුන්ඩේෂන් කෝස් එකක් හදාරන්න එන එක. දෙවෙනි එක ලංකාවේදී එලේවල් නොකර ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඒ හරහා කැනඩාවේ වැඩිදුර ඉගෙනගන්න එන එක. තුන්වෙනි එක තමයි ඉතින් සුපුරුදු පරිදි ලංකාවේ එලේවල් විභාගයට මුහුණ දීල වැඩිදුර ඉගෙනගන්න කැනඩාවට එන එක.
ඕලෙවල් වලින් පසුව කැනඩාවේ University Foundation Course එකක් සඳහා පැමිණීම
මේ අපි කියපු පලවෙනි ක්‍රමය අනුගමනය කරනවා නම් අනිත් ක්‍රම වලට වඩා ඉක්මනින් කැනඩාවට එන්න ඔයාට අවස්තාව තියෙනවා. මේකෙදි කරන්න තියෙන්නේ ඔයා ලංකාවේ ඕලෙවල් විභාගයට මුහුණ දීලා ඒකෙන් හොඳ ප්‍රතිඵල අරගෙන කැනඩාවේ විශ්වවිද්‍යාලයක හෝ කොලේජ් එකක University Foundation Course එකක් හදාරන්න එන එක. University Foundation Course එක කියලා කියන්නේ ඔයා ලංකාවේ එලේවල් කරන්න බලාපොරොත්තුවක් නැත්නම් ඒ වෙනුවට හදාරන්න ඕනේ පාඨමාලාව. සාමන්‍යයෙන් මේ පාඨමාලාවක් ඉවර කරන්න මාස 8ක් හෝ අවුරුද්දක වගේ කාලයක් ගත වෙනවා. මේකෙදි ඔයාව ඔයා හදාරන්න බලාපොරොත්තු වෙන ඩිප්ලෝමා එක හෝ bachelor ඩිග්‍රී එකට අදාලව සුදානම් කිරීමක් තමයි කරන්නේ. Foundation කෝස් එක ඉවර උනාට පස්සේ ඔයාට ඔයා කැමති ඩිප්ලෝමා එකක් හෝ ඩිග්‍රී එකක් හදාරන්න ආරම්භ කරන්න පුළුවන්.
මේ විදිහට Student Visa ඉල්ලුම් කරද්දී ඔයාට පොඩි වාසි කිහිපයක් තියෙනවා. ඒ තමයි Foundation course වල ගාස්තු සාපේක්ෂව ගොඩක් අඩු නිසා සල්ලි පෙන්වද්දී සහ ගෙවීම් කරද්දී අඩු වියදමක් තමයි යන්නේ. ඒ වගේම අඩු වයසකින් කැනඩාවට එන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා.
හැබැයි මේ ක්‍රමයේ පොදී අවදානමකුත් නැතුවාම නෙවෙයි. මොකද ගොඩක් වෙලාවට දැන් තියෙන තත්වය අනුව සමහරවිට ඔයාට කැනඩාවේ ෆවුන්ඩේෂන් එකකට එන්න විසා නොලැබෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ ඔයාට මේ ක්‍රමයෙන් කැනඩාවට එන්න කිසිම අවස්තාවක් නැහැ කියන එක නෙවෙයි . හරියට උත්සහ කරලා බැලුවොත් බැරි වෙන එකක් නැහැ. කොහොම උනත් හොඳ විශ්වාසවන්ත ඒජන්ට් කෙනෙක් හමුවෙලා මේ ගැන කතා කරලා බලල උපදෙස් අරගෙන වැඩේ පටන් ගන්න එක තමයි වඩාත් හොඳ.
ඕලෙවල් වලින් පස්සේ ලංකාවේ Foundation එකක් කරලා කැනඩාවට එන්න
මේ තමයි අපි උඩ කියපු දෙවෙනි ක්‍රමය. පලවෙනි ක්‍රමය වගේම තමයි වෙනසකට තියෙන්නේ ඔයා කැනඩාවට ඇවිත් කරන්න හිටපු Foundation course එක ලංකාවේ හදාරන එක.ලංකාවේ තියෙන ACBT, ICBT, Nawaloka College ඇතුළු තවත් කොලේජස් ගණනාවකින් International Foundation course හදාරන්න අවස්තාව ලබාදීලා තියෙනවා. මාස 8ක් හෝ අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මේ කෝස් එකක් හදාරලා ඔයාට එලේවල් කරන්නේ නැතුව කැනඩාවේ විශ්විද්යාලයක හෝ කොලේජ් එකක ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හදාරන්න එන්න පුළුවන්. ඒ වගේම කැනඩාවේදී Foundation එක කරනවට වඩා ලංකාවේදී කරද්දී ඔයාලට ලොකු මුදලක් ඉතුරු කරගන්නත් හැකියාව ලැබෙනවා. කොහොමත් ඔඑවල් ප්‍රතිඵල නිකුත් උන ගමන්ම වගේ ෆවුන්ඩේෂන් එකක් ආරම්භ කලොත් ඔයාට ඒලෙවල් කරන්න ගත වෙන කාලයට වඩා අඩු කාලයකින් ඒ සමාන සුදුසුකමක් සම්පුර්ණ කරන්න අවස්ථාව ලැබෙනවා. ඕලෙවල් ඉවර වෙලා ඒලෙවල් නොකර කැනඩාවට එන්න හිතන් ඉන්න කෙනෙකුට සාර්ථකම ක්‍රමයක් විදිහට මේ ක්‍රමය හඳුන්වන්න පුළුවන්.

සුපුරුදු පරිදි ඒලෙවල් කරලා කැනඩාවට එන්න
ඔය උඩ කියපු ක්‍රම දෙකටම අමතරව ඕලෙවල් වලින් පස්සේ ඉක්මනින්ම කැනඩාවට එන්න පුළුවන් ක්‍රමය තමයි ඉතින් ඕලෙවල් ඉවර උනාට පස්සේ ඒලෙවල් කරලා ඒ ප්‍රතිඵල වලින් කැනඩාවේ විශ්විද්යලයකට හෝ කොලේජ් එකකට අයදුම් කරන එක. මෙතැනදී ඔයාට තියෙන ලොකුම වාසිය තමයි foundation කෝස් එකක් නොකර කෙලින්ම Bachelors ඩිග්‍රී එකකට අයදුම් කරන්න ඔයාට අවස්ථාව ලැබෙන එක. හැබැයි ඉතින් ඒකට ඔයා තෝරාගන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලය හෝ කොලේජ් එක ලබාදීලා තියෙන Minimum entry requirements වලට ගැලපෙන විදිහට ඔයාගේ ඒලෙවල් ප්‍රතිඵල තියෙන්න ඕනේ. හදිස්සියේ හරි ඒ විදිහට ඔයාට අවශ්‍ය කරන ප්‍රතිඵල ඒලෙවල් වල නැත්නම් ආපහු ඔයාට පලවෙනි හෝ දෙවෙනි ක්‍රම වලින් එකක් තෝරාගන්න සිදු වෙනවා. කොහොම උනත් මේ විදිහට ඒලෙවල් කරල ඒ හරහා කැනඩාවේ ඉගෙනගන්න අයදුම් කරන එකත් ඉතාම සාර්ථක ක්‍රමයක් කියලා කියන්න පුළුවන්.
ඉතින් ඕලෙවල් ඉවර කරලා කැනඩාවට ඉගෙනගන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ලේසියෙන්ම ඉක්මනින්ම එන්න පුළුවන් වෙන ක්‍රම වෙන්නේ මෙන්න මේවා තමයි. මේ අතරින් ඔයාට සුදුසුම ක්‍රමය මොකක් කියලා තීරණය කරන්න ඕනේ ඔයාම තමයි. මේ දේවල් කොහොම උනත් ඔයාට කැනඩාවට ස්ටුඩන්ට් වීසා ලබාගද්දී අනුගමනය කරන්න තව ගොඩක් පියවර තියෙනවා. සාර්ථකව කැනඩාවට අධ්‍යාපනය ලබන්න එනවා නම් අධ්‍යාපනය සුදුසුකම් වගේ ඒවත් හරියට සම්පුර්ණ කරලා තියෙන්න ඕනේ.
කැනඩාවට Student visa වලින් ඉගෙනගන්න එන්න කලින් සම්පුර්ණ කරන්න ඕනේ පියවර සහ සුදානම් කරගන්න ඕනේ දේවල් මොනවද කියලා දැනගන්න මෙන්න මේ ලින්ක් එකේ තියෙන ලිපිය කියවන්න.
GIPHY App Key not set. Please check settings