in ,

කැනඩාවට යන්න පුළුවන් පහසුම සහ ලාබදායිතම ක්‍රම.

කැනඩාවට උසස් අධ්‍යාපනයට, රැකියා අවස්ථා වලට සහ ස්ථීර පදිංචියට යන්න පුළුවන් පහසුම සහ ලාබදායිතම ක්‍රම ගැන ඔබ මීට පෙර දැනුවත් ව සිටියාද? මේ කුමන අංශයකින හෝ කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඔබේ සිහිනය සැබෑ කරගෙන කැනඩාවට යාමට ඉතා පහසු මෙන්ම ඉතා ලාබදායිත ක්‍රම රැසක් තිබෙනවා. නමුත් බොහෝ දෙනාට කැනඩාවට යාමේ සිහිනය පමනයි සිතේ තිබෙන්නේ. කැනඩාවේ අධ්‍යාපන සිහිනය පමනයි සිතේ තිබෙන්නේ. ඒ නිසාම බොහෝ දෙනා කැනඩාවට යාමේ සිහිනය සැබෑ කර ගැනීමට තිබෙන ආශාව සහ දැඩි කලබලය නිසාම කැනඩාවට යාමට තිබෙන පහසු මාර්ග පිළිබඳ සොයා බැලීම සිදු කරන්නේ නැහැ. කැනඩාවට යාමට තිබෙන ලේසි පහසු මාර්ග පිළිබඳ සොයා බැලීම සිදු නොකරන නිසාම කැනඩාවට ඉතා ඉක්මනින් යවනවා යැයි කියා මුදල් වංචා කරන වංචනිකයන්ට බොහෝ පුද්ගලයන් පිරිසක් දැනටමත් හසුව රැවටී හමාරයි. එයට ප්‍රධාන හේතුව වන්නේ කැනඩාවට යාමට ඔවුන් තුළ තිබෙන දැඩි ආශාව සහ ඔවුන්ට කැනඩාවට යාමට තිබෙන හදීසිය නිසායි. කැනඩාවට යාමට සිහින දකින ඔබ කැනඩාවට යාමේ සිහිනය සැබෑ කර ගන්න නම් ඔබ මුලින් කල යුත්තේ කැනඩාවට යාමට තිබෙන පහසු ක්‍රම පිළිබඳව සොයා බලා ඒ ගැන දැනුවත් වී සිටීමයි. කැනඩාවට යාමට පහසු ක්‍රම රැසක් තිබෙන අතර කැනඩාවට පහසුවෙන් සහ ලාබදායිත ලෙස නීත්‍යානුකූලව කැනඩාවට යාමට තිබෙන පහසු මාර්ග රැසක් තිබෙන අතර ඒ අතරින් කැනඩාවට යාමට තිබෙන පහසුම ලාබදායිතම ක්‍රම 06 පිළිබඳවයි මේ.

01.Family class sponsorship immigration program

කැනඩාවේ ස්ථීර පදිංචියට හෝ රැකියා අවස්ථාවකට හෝ කෙසේ හෝ කැනඩාවට යාමට කැමති ඔබට තිබෙන ලේසිම සහ පහසුම මාර්ගයක් ලෙස family class sponsorship immigration program එක හඳුන්වන්න පුළුවන්. මෙම immigration program එක ඉතා ලේසි පහසු immigration program එකක්. මෙහි දී ඔබට තිබිය යුතු විශේෂ සහ එකම සුදුසුකම වන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ කැනඩාවේ ස්ථීර පදිංචිය කරුවෙකු හෝ කැනේඩියානු පුරවැසියකු වීමයි. මේ ක්‍රමය භාවිතා කරමින් කැනඩාවට පැමිණෙන ඔබට කැනඩාවට පැමිණෙන්නට හැකි වන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ සහ ඔබගේ ළමයින්ට පමනයි. මේ ක්‍රමය මගින් ඔබට කැනඩාවට ඔබේ දෙමාපියන් රැගෙන යන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. නමුත් ඔබට කැනඩාවට ඔබේ දෙමාපියන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඔබේ දෙමාපියන් ගෙන්වා ගැනීමට අදාළ විවිධ මාර්ග රැසක් තිබෙනවා. මෙම family class sponsorship immigration program එක මගින් කැනඩාවට යාමට සිටින ඔබට මේ සඳහා මාස 12ක ක කාලයක් ගත වෙන බවයි සඳහන් වෙන්නේ.

02. Express entry

කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනඩාවට යා හැකි තවත් ලේසි සහ පහසු එක් ක්‍රමයක් වන්නේ මෙම express entry මාර්ගය. ඔබත් skill worker කෙනෙක් නම්, කැනඩාවට යාමට ඔබ සිතේ බලාපොරොත්තුවක් තිබෙනවා නම් කැනඩාවට යාමට ඔබට සුදුසුම මාර්ගය ලෙස express entry මාර්ගය හදුන්වන්න පුළුවන්. මෙහිදී skill worker කෙනෙක් ලෙස හඳුන්වන්නේ ඕනෑම අංශයක රැකියාවක් කරන, ඔබ කරනු ලබන රැකියා සඳහා විශේෂ දක්ෂතා, පුහුණුවීම සහ විශේෂ හැකියාවන් වලින් පිරුපුන් පුද්ගලයන්ට. express entry මගින් කැනඩාවට යාමට බලාපොරොත්තු වෙන ඔබට ලකුණු මට්ටමකින් තමයි ඔබේ හැකියාව සහ කැනඩාව වැනි රටකට ඔබ වැනි පුද්ගලයෙකුගෙන් ගත හැකි ප්‍රයෝජන අනුව ලකුණු ලබා දී ඔබේ කැනඩා සිහිනය සැබෑ කර දෙනවා. මෙම මාර්ගය මගින් අයදුම් කරන ඔබගේ වයස, අධ්‍යාපන මට්ටම, රැකියා පලපුරුද්ද සහ භාෂා හැකියාව යන මේ සියලු දේටම ලකුණු ලබා දෙනවා. ඒ අතරින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා ඔබට express entry මාර්ගයෙන් කැනඩාවට යාමට හැකියාව ලැබෙනවා. මේ ලෙස කැනඩාවට යාමට express entry මාර්ගය යොදා ගන්නා ඔබට කැනඩාවට යාමට ගතවන කාලය ලෙස අවම වශයෙන් මාස 06ක් බව සඳහන් කරන්න පුළුවන්. කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින හැකියා වලින් පරිපූර්ණ රැකියා වල නිරත වෙන ශ්‍රී ලාංකික ඔබට සුදුසුම ඉතා පහසුම ක්‍රමයක් ලෙස express entry හඳුන්වන්න පුළුවන්.

03. L M I A work visa

මෙම L M I A work visa මාර්ගයෙන් විදේශිකයන් රැසක් දැනටමත් කැනඩාවට සංක්‍රමණය වී තිබෙනවා. කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනඩාවේ තිබෙන ආයතනයක work permit එකක් මගින් කැනඩාවට යාම මේ ලෙස L M I A work visa මාර්ගය මගින් සිදු වන්නේ. L M I A work visa මාර්ගයෙන් කැනඩාවට යාමට කැමති ඔබට රැකියා අවස්ථා සොයා ගන්නා ආකාරය මනා අධ්‍යනය මගින් සොයා ගැනීමට හැකියාව තිබේ.

04. The provincial nominee program

කැනඩාව ඉතා ලස්සන රටක් මෙන්ම වඩාත් විශාල රටක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. එහි විශාල ප්‍රාන්ත රැසක් තිබුනත් එම රටේ විශාලත්වය තරමට කැනඩාවේ ජනගහනය නැහැ. කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනඩාවට යාමට තිබෙන විවිධ මාර්ග අතරින් provincial nominee program එක වඩාත් සුදුසු මාර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට ප්‍රදාන හේතුව වන්නේ provincial nominee program එක මගින් කැනඩාවට යන බොහෝ දෙනාට ස්ථීර පදිංචිය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. provincial nominee program එක වඩාත් පුද්ගලයන් අතර ජනප්‍රිය වීමට තවත් එක් හේතුවක් වන්නේ provincial nominee program මගින් කැනඩාවට යන ඔබට කැනඩාවේ දැනට විශේෂ ලෙස සලකන ප්‍රාන්ත වල ස්ථීර පදිංචියට යාමට හැකියාව ලබා දී තිබෙනවා.

05. Canadian investor immigration

කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින මධ්‍යම පානතිකයන්ට අදාළ නොවන immigration program එකක් ලෙස Canadian investor immigration program එක හඳුන්වා දෙන්න පුළුවන්. කැනඩාවට ගොස් කැනඩාවේ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට මෙම Canadian investor immigration program මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් කැනඩාවට යාමට හැකියාව ලබා දී තිබෙනවා. ඔබ කැනඩාවට ගොස් කැනඩාවේ යම් කිසි මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබට සුදුසුම immigration program එක ලෙසCanadian investor immigration program එක හඳුන්වන්න පුළුවන්. මේ මාර්ගය ඔබට ඉතා පහසු immigration program එකක් වන අතර Canadian investor immigration program එක මගින් කැනඩාවට යන ඔබට ඔබේ පවුල සමගම කැනඩාවේ ස්ථීර පදිංචිය ලබා දීමට කැනඩාව සූදානමින් සිටිනවා. කැනඩාවේ ඔබේ මුදල් ආයෝජනය කර කැනඩාවේ ස්ථීර පදිංචියට යාමට කැමති ඔබ වෙනුවෙන් මේ Canadian investor immigration program එක.

06. Student visa

ලෝකයේ ලස්සන රටවල් අතරින් එක් රටක් වන කැනඩාවේ තම උසස් අධ්‍යාපන හැදෑරීම බොහෝ දෙනාගේ සිහිනයක්. කැනඩාව මෙන් ලස්සන රටක තම උසස් අධ්‍යාපන හදාරන්නට වරම් ලැබෙන එක තරම් ලස්සන අත්දැකීමක් තවත් නැහැ. තරමක් මිල අධික immigration program එකක් ලෙසත් මෙම student visa immigration program එක හඳුන්වන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා උසස් අධ්‍යාපනය සඳහා මෙම මාර්ගය ඔස්සේ දැනටමත් කැනඩාවට ගොස් තම අධ්‍යාපනය හදාරනු ලබනවා. නමුත් student visa immigration program එක මගින් කැනඩාවට යාම ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. student visa immigration program එක යටතේ කැනඩාවට යාමට බලාපොරොත්තු වන ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාව අනිවාර්ය සුදුසුකමක් ලෙස දැක්වේ. ඒ අතර student visa immigration program එක යටතේ කැනඩාවට යන ඔබට උසස් අධ්‍යාපනය නිමා කර රැකියාවක් කරන අතරතුර කැනඩාවේ ස්ථීර පදිංචියට අයදුම් කර කැනඩාවේ ස්ථීර පදිංචිය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
By Pradeepika priyadarshani

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

අවම වියදමකින් මුළු පවුලටම කැනඩාවේ ස්ථිර පදිංචියට යන්න පුළුවන් 2021 ආව අළුත්ම immigration program එක.

කැනඩාවට යන්න ඉන්න ඔබට සල්ලි ගොඩක් තියෙන්නම ඕනිද?