in ,

Student visa reject වෙන්නේ නැතුව කැනඩාවට යන හරි මග.

තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලට කැනඩාව වගේ ලස්සන රටකට යන්න ගොඩක් අය කැමතියි. ගොඩක් අයගේ තිබෙන එක් බලාපොරොත්තුවක්. බොහෝ දෙනා තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවට යාමට බලාපොරොත්තු වුනත් ඔවුන් අයදුම් කරනු ලබන student visa reject වෙන නිසාම බොහෝ දෙනාගේ කැනඩා සිහිනය බොඳවී ගොස් තිබෙනවා. සාමාන්‍ය ලෙස බලන විට PR visa එකකට වඩා ඔබ අයදුම් කරන student visa reject වීමට තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩියි. ඔබ සතුව තිබෙන අධ්‍යාපන සුදුසුකම් අතර තිබෙන කාලයේ පරතරය මේ ලෙස ඔබ අයදුම් කරන student visa එක reject වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් ලෙස සලකන්න පුළුවන්.
නිදසුනක් ලෙස ඔබ ඔබේ උපාධිය අවසන් කර වසර ගනනක් වෙනත් කිසිම අධ්‍යාපන කටයුත්තක නිරත නොවී සිට වසර ගනනකට පසු කැනඩාවේ master එකකට හෝ PHD එකකට අධ්‍යාපනය සඳහා යාමට student visa මගින් අයදුම් කලොත් එවිට ඔබේ student visa එක reject වීමට තිබෙන අවස්ථා සහ හැකියාව වැඩියි. නමුත් ඔබ ඔබේ උපාධිය මීට වසර ගනනකට පෙර අවසන් කලත්, ඒ කාලයේ සිට මේ කාලය දක්වා තිබෙන පරතරය අතරතුර යම් යම් කුඩා පාඨමාලා වල හෝ නිරත වී ඔබේ අධ්‍යාපන ගමන නොනවත්වාම පවත්වා ගෙන සිටිනවා නම්, ඔබට එය ඔප්පු කිරීමට හැකියාව තිබෙනවා නම් ඔබේ student visa එකට approve එක ලබා ගැනීමට බොහෝ විට හැකියාව තිබෙනවා. කැනඩාවේ උසස් අධ්‍යාපනයට student visa මාර්ගයෙන් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ අධ්‍යාපනය සඳහා කැනඩාවේ තිබෙන අවම පංති ගාස්තුවක් අය කරනු ලබන විශ්ව විද්‍යාල තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඔබේ student visa එක reject වීමට තිබෙන හැකියාව වැඩියි.
student visa මගින් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබේ student visa එක reject වීමට බලපාන තවත් එක් හේතුවක් වන්නේ ඔබ ඔබේ උසස් අධ්‍යාපනයට තෝරා ගන්නා ලද අධ්‍යාපන අංශයයි. ඔබ මේ වෙන තෙක් එක් විෂය අංශයකින් අධ්‍යාපනය හදාරා කැනඩාවේ සිට වෙනත් අධ්‍යාපන අංශයකින් අධ්‍යාපනය හදාරන්නට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඔබේ student visa එක reject වීමට තිබෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි. නමුත් ඔබ තෝරා ගන්නා ලද නව විෂය අංශය තෝරා ගැනීමට හේතු වූ කරුණු සහ අවස්ථා හරි ලෙස දැන්වීමට ඔබ සමත් නම් ඔබට ඔබේ student visa එක reject වීම වලක්වා ගත හැක .ඔබ මෙතෙක් අධ්‍යාපනය හදාරපු අංශයෙන් ම කැනඩාවේ අධ්‍යාපනයට අයදුම් කරනවා නම් ඔබේ student visa එක පහසුවෙන් ම approve කර ගැනීමට හැකියාව තිබෙනවා. තවත් ඔබේ student visa එක reject වීමට බලපාන ප්‍රධානම හේතුවක් ලෙස ඔබ අධ්‍යාපන කටයුතු සඳහා යාමට බලාපොරොත්තු වෙන,ඔබේ අධ්‍යාපනයට ඔබ තෝරා ගන්නා ලද ප්‍රාන්තය බොහෝ ලෙස බලපානු ලබනවා.
එයට හේතුව බොහෝ පිරිසක් පුරුදු වී තිබෙන්නේ student visa එක මගින් අධ්‍යාපනයට යාමට අයදුම් කරන විට කැනඩාවේ තිබෙන ප්‍රධානම නගර වලට පමණක් අයදුම් කිරීමට පෙලඹී තිබෙනවා. student visa මගින් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ කැනඩාවේ තිබෙන ප්‍රධානම නගර පමණක් තෝරා ගනනේ නැතුව අනෙකුත් ප්‍රාන්ත වලින් එකකට visa අයදුම් කරනවා නම් ඔබට ඔබේ student visa එක ඉතා පහසුවෙන් ම approve කර ගැනීමට හැකියාව තිබෙනවා. student visa reject වීමට හැකියාව තිබෙන තවත් ප්‍රධානම හේතුවක් ලෙස ඔබේ වයස් මට්ටම හඳුන්වා දෙන්න පුළුවන්. ඔබේ වයස වයස අවුරුදු 26ට අඩු නම් ඔබට student visa පහසුවෙන් ම approve කර ගැනීමේ හැකියාව තිබේ. නමුත් ඔබේ වයස අවුරුදු 31ට වඩා වැඩි නම් ඔබේ student visa එක reject වීමට තිබෙන හැකියාව වැඩියි.
By Pradeepika priyadarshani

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

IELTS නැතුව කැනඩාවට යන්න තිබෙන ලේසිම ක්‍රමය.

IELTS ගැන දන්න හැමදේම.