in

Chef කෙනෙකු ලෙස කැනඩාවට ගොස් restaurant එකක හිමිකරුවකු වුන ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලංකාවේ සිටින බොහෝ දක්ෂ පුද්ගලයන් රැසක් කැනඩාවේ දැනට අති සාර්ථක ලෙස ජීවත් වෙනවා. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රටක ඉපදී ලොව පුරා තම දක්ෂතා වපුරන්නට බොහෝ දෙනා දැනටමත් දායක වී තිබෙනවා. එවැනි අති දක්ෂ පුද්ගලයෙකු ලෙස ආසිරි රූපසිංහ හඳුන්වන්න පුළුවන්. chef කෙනෙකු ලෙස කැනඩාවට ගොස් restaurant එකක හිමිකරුවකු වුනු දක්ෂයෙකි මොහු. ආසිරි රූපසිංහ ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහුගේ උපන් ගම වන්නේ ලංකාවේ ගම්පහ නගරයයි. කොළඹ පාසලකින් තම අධ්‍යාපන කටයුතු නිමා කරනා ඔහු ඉන් පසුව hotel school එකක වසර 05ක කාලයක් 2000 වසරේ සිට 2005 වසර දක්වා ඉගෙනීමේ කටයුතු සිදු කර තිබෙනවා. අනතුරුව hotel cooking අංශයෙන් ම ලංකාවේ සිනමන් ග්රෑන්ඩ් එකේ රැකියාව සිදු කර තිබෙනවා.
2006 වසරේ කැනඩාවට යන ඔහු 2006 වසරේ ජූලි මස 05වන දින, ඔහුගේ උපන්දිනය දා කැනඩාවට මුලින්ම යනවා. එහිදී ඔහුගේ මුල්ම කැනඩා රැකියාව වන්නේ කැනඩාවේ fast food restaurant එකක රැකියාවකුයි. ඔහුගේ තිබෙන අවංක කම සහ දක්ෂතා නිසාම ඔහු එම fast food restaurant එකේ වසර 08ක කාලයක් වැඩ කරනු ලබනවා. ආරම්භක කාලයේ දී ඔහු කැනඩාවේ මුලින්ම රැකියාව සිදු කරන්නේ chef කෙනෙකු ලෙසයි. තම දක්ෂතාව මත ටික කලකින් ඔහු supervisor කෙනෙකු ලෙස එම fast food restaurant එකේම සේවය කරනවා. පසු ඔහු ඔහුගේ දක්ෂතා තව තවත් වැඩි දියුණු කර ගන්නා අතර ඔහු එම fast food restaurant එකේම kitchen manager කෙනෙකු ලෙස තම හැකියාව විදහා දක්වමින් රැකියාවේ නිරත වෙනවා. පසුව ඔහු කැනඩාවේ එම fast food restaurant එකේ අයිතිකරුට හිමි තවත් එක් restaurant එකකට රැකියාවට යන අතර ඒ restaurant එක manage කිරීමේ කාර්යය ඔහුට පැවරෙනවා. ඔහු පවසන ආකාරයට ඔහු මුලින්ම hotel school එකට යාමට ගොඩක්ම උදව් කර තිබෙන්නේ ඔහුගේ දෙමාපියන්. ඒ අතරින් ඔහුගේ පියා විශේෂයි.
කැනඩාවට ගිය මුල් අවදියේ ඔහුට ගොඩක් අපහසුතා වලට මුහුණ දීමට සිදු වෙනවා. මුල් මාස 06ක පමන කාලයක් ඔහු කැනඩාවේ winter එකේ -40 දී කිලෝමීටරයක දුර පයින් ගමන් කර තිබෙනවා. උපන් රට අතහැර කාත් කවුරුත් උදව්වට වත් නොමැති රටකට ගොස් තම ඉලක්කය වෙනුවෙන් සටන් කල පුද්ගලයෙකුයි මේ. ඔහු සමග මේ ලෙස යහළුවන් 06 දෙනෙකු කැනඩාවේ රැකියාවේ නිරත වී තිබෙනවා. ඔහු මෙන්ම ඔහු සමග එවකට එකට රැකියාව කල යහළුවනුත් උනන්දුවෙන් සහ දක්ෂතාවෙන් තම තමන්ගේ ව්‍යාපාර ආරම්භ කර එම ව්‍යාපාරය කටයුතු වල නිරත වෙනවා. මොහු කැනඩාවට ගොස් දැනට වසර 15ක් පමන ගත වෙනවා. ඔහු මුලින්ම කැනඩාවට ගිය විට කුමක් හෝ තමන්ගේම දෙයක් මේ වගේ රටක මේ වගේ පොඩි ටවුන් එකක කරන්න ඕනි කියන සිතුවිල්ල එදා ඔහුගේ සිතට දැනෙනවා. නමුත් ඔහු එදා හදිසි වන්නේ නැහැ. ඔහු එයට හරි කාලය එනකම් ඒ වෙනුවෙන් කැපවෙනවා. පසුව එයට සුදුසු වෙලාව පැමිනි පසු ඔහු මිතුරකු සමග කතා කර තරමක් පොඩි ටවුන් එකක මේ ඔහුගේම restaurant එක ආරම්භ කරනවා. අමාරු අපහසු කම් මැද ජීවිතේ ජය ගත්ත ඔහු ඔහුගේ restaurant එකේ kitchen එක run කරන්නේ බොහෝ විට තනියම. ඔහුගේ restaurant එකට එන අයට ඔහු විසින්ම සාදා ගත් මෙනු එකක් තිබෙනවා.
විනාඩි 5-10 අතර පිලිගන්වන්න පුළුවන් හැකියාව තිබෙන ආහාර පමනයි ඔහු පිලියෙල කරනු ලබන්නේ.ඔහු උදෑසන 6 සිට රාත්‍රී 10වන තෙක් තනියම kitchen එකේ වැඩ වල නිරත වෙනවා. ඔහු පිලියෙල කරන සෑම ආහාරයක් ම නැවුම්ව පිලිගන්වන නිසා ඔහුගේ restaurant එකට ඒමට පුරුදු වුන විශාල පිරිසක් සිටිනවා. කැනඩාවට ගොස් ජීවිතේ ගොඩ ගත්තු අයගෙන් තවත් එක් අයෙකුයි මේ. ඔබට ඉලක්කයක් තිබෙනවා නම් ඔබට මොන බාධා ආවත් ඔබ ඔබේ ඉලක්කය වෙනුවෙන් කැප වී වැඩ කරනවා නම් ඔබට ඔබේ ඉලක්කයට යාමට හැකියාව තිබෙනවා.
By Pradeepika priyadarshani

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

IELTS ගැන දන්න හැමදේම.

කැනඩාවේ නාගරික මන්ත්‍රී කෙනෙකු වූ ශ්‍රී ලාංකිකයා