ලංකාවේ උපත ලැබූ අති දක්ෂයින් රැසක් දැනට කැනඩාවේ ජීවත් වෙනවා. ලංකාව මෙන් ඉතා කුඩා රටක ඉපදී ලොව දෙවැනි විශාලතම රට ලෙස හැඳින්වෙන කැනඩාවේ නාගරික මන්ත්‍රී වරයකු වීමට තරම් දක්ෂතා තිබෙන පුද්ගලයෙකුයි මේ. කැනඩාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට ආදර්ශයක් ගන්න පුළුවන්, දැනට ලංකාවෙන් ගොස් කැනඩාවේ දී තම දක්ෂතා සහ කැපවීම මගින් දියුණු වුන ශ්‍රී ලාංකිකයන් ගෙන් තවත් එක් දක්ෂ පුද්ගලයෙකුයි මේ. කැනඩාවේ නාගරික මන්ත්‍රී වරයෙකු වුන ප්‍රථම සංක්‍රමණිකයා ලෙස ද මොහු හඳුන්වන්න පුළුවන්. ඔහු සතු දක්ෂතා බොහොමයක් තිබෙනවා. ඔහු නමින් අමිල ගම්මනයි.
ඔහු කැනඩාවේ දී මෙම තනතුර දරන අතරතුර තමන්ගේම තොරතුරු තාක්ෂණය සහ පරිගණක සේවා ආයතනයක් ඉතා හොඳින් පවත්වාගෙන යනු ලබනවා. ශ්‍රී ලංකාවේ කළුතර ප්‍රදේශයේ උපත ලැබූ ඔහු ඉතා දක්ෂ සේම ඉතා නිහතමානී පුද්ගලයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලංකාවේ දී කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඔහු ඔහුගේ උසස් අධ්‍යාපනය නිම කර තිබෙනවා. තම අධ්‍යාපන ගමන එතනින් නිම නොකළ ඔහු උපාධි ධාරියෙක්. ඉන් පසු ලංකාවේ software engineer කෙනෙකු ලෙස අවුරුදු 1.30 ක වගේ කාලයක් රැකියාවක නිරත වී තිබෙනවා. ඔහු මුලින්ම කැනඩාවට යාමට 2004 වසරේදී PR සඳහා අයදුම් කර ඇති අතර එවිට ඔහුගේ PR අයදුම් පත්‍රය අවලංගු වී තිබෙනවා. පසුව ඔහු සපුරාලිය යුතු සියලු සුදුසුකම් සපුරාගෙන නැවත 2006 වසරේදී working visa එකකින් මුලින්ම කැනඩාවට යනු ලබනවා. එම work permit එක මගින් ඔහු කැනඩාවේ වසර 03ක පමන කාලයක් රැකියාවේ නිරත වී තිබෙනවා. ඉන් අනතුරුව ඔහු කැනඩාවේ PR අයදුම් කර PR ලබාගෙන තිබෙනවා.
මේ ලෙස PR ලබා ගැනීමෙන් අනතුරුව වසර 03කට පමන පසු ඔහු කැනඩාවේ පුරවැසිභාවය ලබා ගැනීමට සපුරාලිය යුතු සුදුසුකම් සපුරාගෙන කැනඩාවේ පුරවැසිභාවය ලබා ගෙන තිබෙනවා. 2008 වසරේදී ඔහු ඔහුගේම ආයතනයක් ආරම්භ කර තිබෙනවා. කුඩා ලෙස මුලින් ආරම්භ කල ආයතනය ටිකෙන් ටික දියුණු කරගෙන ඔහුගේ එම ආයතනය අද වන විට විශාල ආයතනයක් බවට පත් කරගෙන තිබෙන්නේ ඔහුගේ දක්ෂතාව මතයි. 2017 වසරේදී ඔහු එරට දී ජන්දයට ඉදිරිපත් ව එයින් ජය ගැනීමට සමත් වී තිබෙනවා.
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings