in

මොන්ට්‍රියල් නුවර තියෙන ශාන්ත ජෝශප් සුළු බැසිලිකාව ගැන දන්නවද?

බැසිලිකාවක් කියන්නේ විශාලත්වයෙන් සහ අධිකාරිත්වයෙන් ඉහල පාප් වහන්සේ කෙනෙක් විසින්ම ගෞරවණීයත්වට පත් කරන පල්ලියක්. මේ තියෙන්නේ කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ මොන්ට්‍රියල් නුවර තියෙන ශාන්ත ජෝශප් සුළු බැසිලිකාව.
ශුද්ධවන්ත ඇන්ඩ්‍රේ බෙස්සෙත් (Andre Bessette)තුමා එහෙමත් නැත්තම් ඇන්ඩ්‍රේ සහෝදරතුමා කියන්නේ මිනිසුන් සියගානක් සුවපත් කරන්න හාස්කම් පාපු කෙනෙක්. ඉතින් 1904 වසරෙදි මෙතුමාට තිබුණ පිළිගැනීම නිසාම එක්තරා පාසලක් විසින් අනුග්‍රහය දක්වනවා කුඩා පල්ලියක් ඉදිකරන්න.
එදා ඉතා කුඩාවට ඉදිවුන මේ පල්ලිය ඊළඟ වසර 10 තුල හතරවතාවක්ම විශාල කරන්න වෙන්නේ සහෝදරතුමාගේ හාස්කම් නිසා පැමිණි සෙනඟ කන්දරාව එන්න එන්නම වැඩි උන නිසා කියලා තමයි කියන්නෙ.
ඉතිහාසයේ හැටියට 1955 දී, අද තියෙන විදියට ඉදිකිරීම් නිම වෙන මේ පල්ලිය සුළු බැසිලිකාවක් විදියට ගෞරවණීයත්වට පත් කරන්නේ පෝල් එමිලේ ලීගර්( Paul Emile Leger) කියන කාදිනල් තුමා.
පුදුමේ කියන්නේ මේ බැසිලිකාව ඉදි කරලා තියෙන්නේ එතන තිබුන කුඩා පල්ලිය එදා තිබුන විදියටම බැසිලිකාවට මීටර් සීයක් විතර එහාට වෙන්න ප්‍රතිස්තථාන ගත කීරීමෙන් පසුවයි. ඉතින් සහෝදර ඇන්ඩ්‍රේ තුමා ඉදිකරපු සහ එතුමන්ගේ හාස්කම් අත්දැකපු මුල්ම පල්ලිය අදත් මෙතනට එන කෙනෙකුට දැක ගන්න පුලුවන්.
By Nadun Jude Niroshan Jayamaha

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

2021 වසරේ කැනඩාවේ වැඩිම වැටුප් ගෙවනා රැකියා.

recruitment-jobs-career-hiring-vacancy-word (1)

කැනඩාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන රැකියා.