in ,

අවම වියදමකින් මුළු පවුලටම කැනඩාවේ ස්ථිර පදිංචියට යන්න පුළුවන් 2021 ආව අළුත්ම immigration program එක.

කැනඩාව ගොඩක් ලස්සන රටක්. ඒ වගේ ලස්සන රටක ස්ථීර පදිංචියට යන එක බොහෝ අයගේ තිබෙන තාමත් සැබෑ නොවුන සිහිනයකි මේ. උසස් අධ්‍යාපනයට මෙන්ම කැනඩාවට රැකියා අවස්ථාවක් සොයා ගෙන යාම පවා තාමත් බොහෝ අයගේ සැබෑ නොවූ සිහින. එයට ප්‍රධානම හේතුවක් ලෙස කැනඩාවට රැකියාවට, උසස් අධ්‍යාපනයට යවනවා යැයි කියා බොහෝ මිනිසුන් හොරට සිදු කරන මුදල් වංචා වලට මේ කැනඩාවට යාමට සිටින බොහෝ දෙනා රැවටෙන නිසායි. හිතන තරමටම පහසුවෙන් කැනඩාවෙන් රැකියා අවස්ථාවක් සොයා ගැනීමට නොහැකි වීම මෙහි තවත් එක් හේතුවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඔබගේ කැනඩාවට යාමේ සියළු සිහින සැබෑ කර ගන්නට කැනඩාව විසින් 2021 ජනවාරි 02 වන දා හදුන්වා දුන් අඩු වියදමකින් මුළු පවුලටම කැනඩාවේ ස්ථීර පදිංචියට යාමට හැකි අළුත්ම immigration program එක කැනඩාවට යන්න සිහින දකින ඔබ වෙනුවෙන්ම හදුන්වා දුන්න ඉතා පහසු immigration program එකක්.
Priority skills – newfoundland Labrador යන නාමයෙන් හැදින්වෙන මෙම immigration program එක කැනඩාවේ newfoundland Labrador වලටම ආවේණික අළුත්ම immigration program එකක්. කැනඩාවේ තිබෙන මෙම newfoundland Labrador ගොඩක් ලස්සන පරිසර රටාවක් මෙන්ම තම පවුලම ගොස් ස්ථීරව පදිංචි වන්නට තරම් සුදුසු ලස්සන ගොඩක් හොද පරිසර රටාවකින් යුතු ස්ථානයකි. ඒ වගේම Priority skills – newfoundland Labrador කියන immigration program එක N L වල Job offer එකක් හොයා ගන්න අමාරු ඔබටම වෙන්වුන අළුත්ම immigration program එකක්. මේ immigration program එක හරහා කැනඩාවට ස්ථීර පදිංචියට යාමට බලා සිටින ඔබට ඔබේ වයස් මට්ටම බොහෝ විට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඔබ මේ immigration program එකට අයදුම් කරන විට ඔබගේ වයස වයස අවුරුදු 21 ට වැඩි නම් ඔබට කිසිම පැකිලීමකින් තොරව මෙම immigration program එකට අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා.
මෙහි තිබෙන විශේෂම හේතුව වන්නේ මෙම immigration program එක newfoundland Labrador වලටම ආවේනික වුන immigration program එකක්. N L කැනඩාවේ තිබෙන තාක්ෂණික අංශයෙන් සේම අනෙකුත් සෑම අතින්ම දිනෙන් දින දියුනු වෙන ඉතා සුන්දර ස්ථානයක්. ඉතිං ඒ වගේ සුන්දර,ලස්සන ස්ථානයකට යන්න, ඒ වගේ ස්ථානයක ජීවත් වන්න කැමති ඔබ වෙනුවෙන් ම හදුන්වා දුන්න immigration program එකක් ලෙස මේ Priority skills – newfoundland Labrador immigration program එක හදුන්වන්න පුළුවන්. P S N L immigration program එක මාර්ගයෙන් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තිබිය යුතුම විශේෂම සුදුසු කම වන්නේ දැනට N L වල in – demand තිබෙන රැකියා වලට රැකියා පලපුරුද්දක් තිබීම පමනයි.
ඉතිං දැනට N L වල in – demand තිබෙන රැකියා වල රැකියා පලපුරුද්දක් තිබෙන ඔබ වෙනුවෙන් තමයි මේ immigration program එක.ඔබට හොද අධ්‍යාපන සුදුසු කමක් තිබෙනවා නම්, හොද රැකියා පලපුරුද්දක් තිබෙනවා නම් ඔබටත් මේ immigration program එක හරහා කැනඩාවට යන්න අයදුම් කරන්න පුළුවන්. මෙම immigration program එ‍කේ විශේෂත්වය වන්නේ P S N L immigration program එක මගින් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට නිසැකවම කැනඩාවේ N L වල ස්ථීර පදිංචියට යාමට කැමැත්තෙන් සිටිය යුතුයි. P S N L immigration program එක මගින් කැනඩාවට යාමට අයදුම් කරන්නට බලා සිටින ඔබට මේ immigration program එක මගින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් අයදුම් කරන්න හැකියාව තිබෙනවා.
එම කොටස් දෙකෙන් ඔබට අයදුම් කල හැකි එක් අංශයක් වන්නේ කැනඩාවේ N L වල තිබෙන memorial university එකේ දැනට ඔබට අන්තිම අවුරුදු 3 ඇතුලත ඔබට technology, health care, agriculture යන අධ්‍යාපන අංශයන්ගෙන් PSD එකක් හෝ MASTER එකක් හෝ නිම කර තිබෙනවා නම් ඔබට මේ මාර්ගය ඔස්සේ කැනඩා‍වේ ස්ථීර පදිංචියට යාමට අයදුම් කල හැකියි. ඒ වුනත් මෙම ම‍ාර්ගය වඩාත්ම කැනඩාවේ දැනට උසස් අධ්‍යාපනය ලබන අයට, උසස් අධ්‍යාපනය ලබපු අයට තිබෙන අවස්ථාවක්. P S N L immigration program එක මගින් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට අයදුම් කල හැකි තවත් එක් මාර්ගයක් වන්නේ in – demand work candidates. newfoundland වල දැනට තිබෙන රැකියා අංශ වලින් රැකියා පලපුරුද්දක් ඔබට තිබෙනවා නම් ඔබට මේ in – demand work candidates මාර්ගයෙන් කැනඩාවේ N L වලට යාමට හැකියාව තිබෙනවා. නමුත් in – demand work candidates මාර්ගයෙන් N L වලට යාමට නම් එම රැකියා අංශ වල රැකියාවක පලපුරුද්ද මගින් මෙම immigration program එකට අයදුම් කරන්න නම් අවුරුදු 10ක් ඇතුලත ඔබට එම in – demand රැකියා අංශයේ රැකියාවක අවම ලෙස එක් වසරක හෝ රැකියා පලපුරුද්ද තිබිය යුතුමයි.
2021ජනවාරි මස මේ ලෙසින් හඳුන්වා දුන් P S නවතම Immigration program එක මගින් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ ඉහත සඳහන් කල අංශ දෙකෙන් පහසුම අංශයෙන් කැනඩාවේ ස්ථීර පදිංචියට අයදුම් කල හැකි වේ. නමුත් බොහෝ දෙනාට කැනඩාවට ස්ථීර පදිංචියට යාමට in – demand work candidates අංශයෙන් ඉල්ලුම් කිරීමට ලබා දී ඇති පහසුම මාර්ගය තමයි ප්‍රයොජනවත් වන්නේ. කෙසේ වෙතත් ඔබ මේ immigration program එකේ මොන මාර්ගය තෝරා ගත්තත්, ඔබ මේ මොන මාර්ගයෙන් කැනඩාවට යාමට අයදුම් කලත්,මේ මාර්ග දෙකෙන්ම අයදුම් කරන ඔබට තිබිය යුතු සුදුසුකම් තිබෙනවා. එම සුදුසුකම් නම්, ඉංග්‍රීසි භාෂා හැකියාව තිබිය යුතු විශේෂ සුදුසුකමක්.
ඔබට එහි level 05 හෝ ඊට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් තිබිය යුතුය . අනිවාර්යයෙන් ඔබේ වයස වයස අවුරුදු 21ට වඩා වැඩි විය යුතුයි.මෙම immigration program එක යටතේ කැනඩාවට යාමට අයදුම් කරන්න නම් ඔබ අවම ලෙස වයස අවුරුදු 21ට වඩා වැඩි විය යුතුයි. මේ immigration program යටතේ අයදුම් කරන ඔබට තිබිය යුතු තවත් එක් සුවිශේෂී සුදුසුකමක් වන්නේ ඔබ කැනඩාවට මෙම immigration program එක යටතේ අයදුම් කරනවා නම් අනිවාර්යයෙන් කැනඩාවේ N L වල ස්ථීර පදිංචියට යාමට බලාපොරොත්තුව සහ කැමැත්ත තිබිය යුතුයි. මේ තරම් ඉතා අවම සහ සරල සුදුසුකම් ප්‍රමාණයක් තමයි මෙම P S N L immigration program එක මගින් කැනඩාවට ස්ථීර පදිංචියට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සපුරන්න අවශ්‍ය වන්නේ. මේ immigration program එක මගින් කැනඩාවට යාමට අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඇති වෙන කුතුහලය වන්නේ කැනඩාවේ N L වල මොනවාද තිබෙන in demand රැකියා අංශ යන එක. මෙම occupation list එක කාලෙන් කාලෙට වෙනස් වන අතර ඔබ immigration program එකට අයදුම් කරන කාලයට අදාළ වන occupation list එක ඔබට ඒ සම්බන්ධ වෙබ් අඩවි වලින් බලා ගැනීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. දැනට මෙම in demand තිබෙන රැකියා රැකියා කොටස් 03ක් යටතේ වෙන් කර, වර්ග කර තිබෙනවා. එහි පළමු in demand occupation sector එක ලෙස information and communication technology යන sector එක හඳුන්වා දෙන්න පුළුවන්.
මෙම I c t sector එක යටතේ technically specialist, technology developers යන මේ අංශ යටතේ software developers, bio medical engineer යන රැකියා වලට වඩාත් ඉහළ අවස්ථා තිබෙනවා.අවම ලෙස වසරක රැකියා පලපුරුද්දක් තිබෙන ඔබට මෙම immigration program එක මගින් කැනඩාවට යාමට අයදුම් කල හැකි වේ. මෙහි දෙවන in occupation sector එක ලෙස health care sector එක හඳුන්වා දෙන්න පුළුවන්. මේ මගින් public and private health care providers ලා කියන මේ දෙගොල්ලටම මේ immigration program එක මගින් වසරක පලපුරුද්ද මත කැනඩාවට යාමට අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. මෙහි තෙවන in demand occupation sector එක ලෙස a sector එක හඳුන්වා දෙන්න පුළුවන්. මේ sector එක යටතේ farming manager, facility tech, assistant manager යන අංශ වල රැකියා වලට විශාල රැකියා අවස්ථාවක් තිබෙනවා. මෙම රැකියා අංශ වල අවම ලෙස වසරක රැකියා පලපුරුද්දක් ඔබට තිබෙනවා නම් ඔබට P S N L immigration program එක මගින් කැනඩාවේ N L වල ස්ථීර පදිංචියට ඔබේ පවුල සමඟ යාමට අයදුම් කල හැකි වේ.
මේ ලෙස P S N L immigration program එකට in – demand work candidates ලෙස කැනඩාවේ N L වලට ස්ථීර පදිංචියට යාමට අයදුම් කරන ඔබට ඔබේ කැනඩාවට යාමේ සිහිනය සැබෑ කර ගන්න නම් මේ මගින් අවම ලෙස ලකුණු 60කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුයි. මේ ලෙස අයදුම්කරුවන් ලබා ගන්නා ලකුණු අතරින් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා අයට පමනයි කැනඩාවට යාමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව උදා වන්නේ. ඔබට මේවාගෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් නම් ඔබට මේ immigration program එක මගින් කැනඩාවට ස්ථීර පදිංචියට යා හැකි වේ. මුලින් සඳහන් කල ආකාරයට භාෂා හැකියාවේ level එකට අනුව ඔබට ලකුණු ලබා ගත හැකියි. level 05 – ලකුණු 20ක් ලෙසත්, level 06 – ලකුණු 22ක් ලෙසත්, level 07 – ලකුණු 24ක් ලෙසත් ඔබට ලබා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. මෙම immigration program එක මගින් අයදුම් කරන ඔබට කැනඩාවට යාමට ඔබේ වයස බොහෝ ලෙස බලපාන්නේ නැහැ. ඔබට ඔබේ වයස් මට්ටම අනුවත් ලකුණු ලබා ගැනීමට හැකියාව තිබෙනවා. වයස අවුරුදු 21ත් 30ත් අතර අයට ලකුණු 12ක් ලෙසත්, වයස අවුරුදු 31ත් 40ත් අයට ලකුණු 16ක් ලෙසත්, වයස අවුරුදු 41ත් 50ත් අතර අයට ලකුණු 8ක් ලෙසත්, වයස අවුරුදු 51ත් 59ත් අතර අයට ලකුණු 4ක් ලෙසත් වයස් මට්ටම අනුව ඔබට ලකුණු ලබා ගත හැකියි.
මෙම immigration program එකේ විශේෂත්වය වන්නේ ඔබට වයස අවුරුදු 59ක් වූවත් ඔබට අනිත් අංශ වලින් හොඳ ලකුණු මට්ටමක් ලබා ගැනීමට තරම් හැකියාව තිබෙනවා නම් ඔබේ වයස ඔබට ප්‍රශ්නයක් වන්නේ නැහැ මෙම immigration program එක මගින් කැනඩාවේ ස්ථීර පදිංචියට යාමට අයදුම් කිරීමට. P S N L immigration program එක යටතේ immigration program එකට අයදුම් කරන ඔබට ලබා ගත හැකි තවත් එක් මාර්ගයක් ලෙස ඔබේ රැකියා පලපුරුද්ද හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී N L වල in demand තිබෙන රැකියා අංශ වල රැකියා වල පලපුරුද්ද මත ඔබට මෙම ලකුණු ලබා ගත හැකියි. මේ මගින් වසරක රැකියා පලපුරුද්දක් තිබෙන ඔබට ලකුණු 10ක් ලෙසත්,වසර 1 සිට 3 දක්වා රැකියා පලපුරුද්ද තිබෙන ඔබට ලකුණු 20ක් ලෙසත්, වසර 3 සිට 5 දක්වා රැකියා පලපුරුද්ද තිබෙන ඔබට ලකුණු 30ක් ලෙසත්, වසර 5ට වැඩි රැකියා පලපුරුද්දක් තිබෙන ඔබට ලකුණු 40ක් ලෙසත් ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. කැනඩාවට යාමට සිහින දකින ඔබට මේ ලෙස ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් P S N L immigration program එක මගින් in – demand work candidates යටතේ කැනඩාවේ ලස්සන ස්ථානයක් වන N L වල ස්ථීර පදිංචියට යාමට අවස්ථාව ලබා දී තිබෙනවා.
update

ඔබට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන කාල සීමාවන් සහ මේ පිළිබද වැඩි දුර විස්තර දැන ගැනීමට මෙම කැනේඩියානු රජයේ මෙම වෙබ් අඩවියට පිවිසෙන්න .

https://www.gov.nl.ca/immigration/immigrating-to-newfoundland-and-labrador/provincial-nominee-program/priority-skills-nl/

By Pradeepika priyadarshani

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

කැනඩාවට යන්න බලාපොරොත්තුව සිටින ඔබට කැනඩාවට යන්න වඩාත්ම හොද නගර.

කැනඩාවට යන්න පුළුවන් පහසුම සහ ලාබදායිතම ක්‍රම.