කැනඩාවට එනවා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ හීනයක්. ඉතින් කැනඩාවට එන්න පුළුවන් ක්‍රම අතරින් තරමක් ලේසි ක්‍රමයක් තමයි මේ ස්ටුඩන්ට් වීසා කියලා කියන්නේ. ඇත්තටම කැනඩාව කියන්නේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වලින් ජාත්‍යන්තරව පිළිගන්න අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන් ජිවත් වෙන්න ඉතාම සුදුසු රටක්. හැබැයි ඉතින් කැනඩාවට ස්ටුඩන්ට් වීසා ගන්න එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒකට සම්පුර්ණ කරන්න ඕනේ දේවල් සහ අනුගමනය කරන්න ඕනේ නීති රීති ගොඩක් තියෙනවා. මේ දේවල් හරියට කරගත්තොත් ඔයාලටත් සාර්ථකව කැනඩාවට ස්ටුඩන්ට් වීසා ලබාගන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් අපි අද කැනඩාවට ස්ටුඩන්ට් වීසා ගන්න ඔයාල කරන්න ඕන මොනවද සහ ඔයාලට අවශ්‍ය කරන්නේ මොනවද කියලා කතා කරනවා.
අධ්‍යාපන සුදුසුකම්
ඔයාලට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කැනඩාවට එන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. පලවෙනි එක තමයි ඕලෙවල් ඉවර කරලා ඒලේවල් නොකර ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න කැනඩාවට එන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඒලෙවල් කරලා ඒලෙවල් රිසල්ට් වලින් Bachelor ඩිග්‍රී එකක් කරන්න කැනඩාවට එන්න පුළුවන්. ඒ වගේම ඒලෙවල් වලින් පස්සේ ඩිප්ලෝමා එකක් හෝ HND එකක් කරලත් ඔයාට Bachelor එකක් කරන්න කැනඩාවට එන්න පුළුවන්. ඒත් නැත්නම් ලංකාවේ රජයේ හෝ පුද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධිය කරලා Postgraduate ඩිප්ලෝමා එකක් හෝ Masters ඩිග්‍රී එකක් කරන්න කැනඩා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේ මාස්ටර්ස් එකකුත් කරලා ඉන්න කෙනෙක් නම් PHD එකක් කරන්න උනත් කැනඩාවට එන්න අවස්ථාව තියෙනවා.
ඉතින් කැනඩාවට එන්න නම් අඩුම තරමේ ඕලෙවල් වත් හොඳට පාස් වෙලා තියෙන්න ඕනේ. හැබැයි දැනට තියෙන වාතාවරණය එක්ක ඕලෙවල් කරලා ෆවුන්ඩේෂන් එකක් කරන්න කැනඩාවට එන එක ටිකක් විතර අමාරුයි. හැබැයි ඔයා ලංකාවේ ෆවුන්ඩේෂන් එකක් කරලා Bachelor එකකට හෝ කෙලින්ම Master ඩිග්‍රී එකක් කරන්න එනවා නම් ස්ටුඩන්ට් වීසා එක සාර්ථක කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා.
IELTS
කැනඩාව කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසියෙන් වැඩ කරන රටක්. ඉතින් ඔයාට කැනඩාවේදී ඉගෙනගන්න වෙන්නෙත් ඉංග්‍රීසියෙන් තමයි. මේ නිසා ඔයාගේ ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන්ම හොඳ තත්වයක තියෙන්න ඕනේ. ඉතින් ඔයාට ඉංග්‍රීසි පුළුවන් කියලා ඔප්පු කරන්න ඔයා IELTS කරන එක අනිවාර්යයි. මේකෙදි ඔයා ගන්න ඕනේ ලකුණු ප්‍රමාණය ඔයා අයදුම් කරන විශ්වවිද්‍යාලය සහ පළාත අනුව වෙනස් වෙන්න පුළුවන් ඒත් සාමාන්‍යයක් විදිහට කැනඩාවට ස්ටුඩන්ට් වීසා ලබාගන්න නම් අඩුම ගානේ IELTS වල score එක 5ක් වත් තියෙන්න ඕනේ.
ඩොකියුමන්ට්
ලංකාවේ අපේ ගොඩක් ලියකියවිලි තියෙන්නේ සිංහලෙන් නේ. ඉතින් ඔයා කැනඩාවට ස්ටුඩන්ට් ඇප්ලයි කරන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ Birth certificate, Marriage certificate වගේ නිත්‍යානුකුල ලියකියවිලි ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න ඕනේ. දිවුරුම්දුන් භාෂා පරිවර්තක කෙනෙක් හරහා තමයි මේක කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාගේ ඕලෙවල් එලේවල් සහතික එහෙම විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහතික කරවගන්න ඕනේ. ඊට අමතරව වීසා එක සඳහා ඔයා ඉදිරිපත් කරන මොකක්ම හරි ලියවිල්ලක් සිංහලෙන් තියෙනවා නම ඒ හැම එකක්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන සහතික කරගන්න අමතක කරන්න එපා.
Agent කෙනෙක් සොයාගැනීම
මේ දේ නම් අනිවාර්ය දෙයක් නෙවෙයි. හැබැයි ඔයාට සුදුසුකම් ලත් විශ්වාසවන්ත ඒජන්ට් කෙනෙක් ඉන්නවා නම් කැනඩාවේ විශ්වවිද්‍යාලයක් හොයාගෙන ඒකට අයදුම් කරන එක එහෙම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. මතක තියාගන්න කවුරු හරි එජෙන්ට් කෙනෙක් ඔයාගෙන් විශ්වවිද්‍යාලයකට අයදුම් කරලා Offer letter එක ගන්න සල්ලි ඉල්ලනවා නම් ඒ ඒජන්ට් ලඟට යන එක ගැන දෙපාරක් නෙවේ තුන්පාරක්වත් හොඳට හිතන්න. මොකද සුදුසුකම්ලත් හරි ඒජන්ට්ලා සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වීසා වලට සල්ලි ගන්නේ නැහැ. මොකද ඒ ඒජන්ට්ලට ඔයා අයදුම් කරන විශ්වවිද්‍යාලයෙන් කමිෂන් එකක් ලැබෙනවා. ඒ නිසා ඔයා ඒජන්ට් කෙනෙක් හරහා එන්න බලාපොරොත්තු වෙනවා සල්ලි ඉල්ලන අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න.

සුදුසු විශ්වවිද්‍යාලයක් තෝරාගැනීම
කැනඩාවේ විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අතරින් විශ්වවිද්‍යාලයක් තෝරාගන්නවා කියන්නේ හොඳට හිතලා කරන්න ඕනේ දෙයක්. ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන ඔයා කරන්න බලාපොරොත්තු වෙන course එක තියෙන විශ්වවිද්‍යාල මොනවද කියලා හොයල ඒ අතුරින් ඔයාගේ බජට් එකට ගැලපෙන එකක් හොයාගන්න ඕනේ. මේ දේ කරන්න කලින් අන්තර්ජාලයෙන් කැනඩාවේ විශ්වවිද්‍යාල ගැන own research එකක් කරලා බලලා තීරණයක් ගන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒජන්ට් කෙනෙක් හරහා වැඩේ කරනවා නම් ඔවුන් එක්ක කතා කරලා මේ වැඩේට උදව්වක් ගන්න පුළුවන්.
ඔයා කැමති විශ්වවිද්‍යාලයක් හොයාගත්තට පස්සේ ඔයා ඒවාට අයදුම් කරලා ඔයාව ඒ විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගන්නවා කියලා තහවුරු කරන්න Offer Letter එකක් ලබාගන්න ඕනේ.
Proof of funds සහ වියදම්
කැනඩාවට විතරක් නෙවෙයි වෙනත් ඕනෑම රටකට ස්ටුඩන්ට් වීසා වලින් යන්න බලාපොරොත්තු වෙන ගොඩක් දෙනාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ Show money එහෙමත් නැත්නම් සල්ලි පෙන්නනවා කියලා කියන්නේ. ඇත්තටම ඔයාලට මේකට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ මුදල් නිත්‍යානුකුලව ඔයාට ලැබුනේ කොහොමද කියලා ඔප්පු කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. සාමන්‍යයෙන් කැනඩාවට ඔයා විතරක් එනවා නම් ඔයාට ජිවත් වෙන්න අවුරුද්දකට කැනඩා ඩොලර් 10000ක්, ඔයාගේ කෝස් එකේ අවුරුද්දක වියදම, ගුවන් ටිකට්පත් වල වියදම පෙන්වන්න ඕනේ. ඒ වගේම ඔයත් එක්ක තව කෙනෙක් එනවා නම් ඒ කෙනාට අමතර ඩොලර් 4000ක මුදලකුත් එතනින් එහාට වැඩි වෙන හැම පවුලේ සාමාජිකයෙක්ටම ඩොලර් 3000 ගානේ පෙන්වන්න අවශ්‍යයි.
මේ මුදල් පෙන්වද්දී අනිවාර්යෙන්ම ඔයාට මුදල් ලැබුන ආකාර ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගොඩක් දුරට මේ මුදල ඔයාගේ හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ගේ නමින් තියෙන ස්ථාවර තැන්පතුවක මාස 6 කට වැඩි කාලයක ඉඳන් තිබුන මුදලක් නම් සල්ලි ආවේ කොහොමද කියලා පෙන්වන්න ලොකුවට අවශ්‍ය නොවෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ සල්ලි ඉඩමක් හෝ වාහනයක් වගේ විකුනලා නම් පෙන්වන්නේ ඒවාට අදාළ තක්සේරු වාර්තා විකිණීමේ ගිවිසුම ඔප්පු වගේ දේවල් ඉදිරිපත් කරන්න ඔයාට සිදු වෙනවා.
එහෙම නැතුව ඔයා බැංකුවකින් ණය මුදලක් අරගෙන මේ මුදල පෙන්වන්න බලාපොරොත්තු වෙනවා නම් බැංකුවෙන් ණය ලබාගත්ත ලියකියවිලි වගේම ඔයා කැනඩාවට ගියාට පස්සේ මේ ණය මුදල ගෙවෙන්නේ කොහොමද කියලා ගෙවීම් සැලැස්මක් ඉදිරිපත් කරන්නත් ඔයාට සිදු වෙනවා.
Show money වලට අමතරව ඔයා කැනඩාවට වීසා ඉල්ලුම් කරන්න කලින් ඔයා තෝරගත්ත විශ්වවිද්‍යාලයට අවුරුද්දකට හෝ මාස 6 කට අදාළ ගාස්තුව ගෙවන්න ඕනේ.
මේ සම්බන්ධ තොරතුරු ඔයාට මේ ලින්ක් එකෙන් ගිහින් කැනඩා රජයේ නිල වෙබ් අඩවියේන් ලබාගන්න පුළුවන් – https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/get-documents.html

SOP එක
SOP එහෙමත් නැත්නම් Statement of purpose කියන්නේ ඔයාගේ ස්ටුඩන්ට් වීසා එකට අදාලව තියෙන ඉතාම වැදගත් ලියවිල්ලක්. මේකෙදි ඔයා අධ්‍යාපනයට කැනඩාව තෝරාගන්න හේතුව, ඒ වගේම ඔයා තෝරගත්ත course එක ඉවර උනාට පස්සේ ඔයා කරන්න බලාපොරොත්තු වෙන දේවල් පැහැදිලිව විස්තර කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඔයා ස්ටුඩන්ට් ගිහින් ආපහු ලංකාවට එනවා කියන කාරණය SOP එකේදී අනිවාර්යෙන්ම මතු කරන්න ඕනේ. මොකද එහෙම නැතුව SOP එකෙන් ඔයා කැනඩාවේ පදිංචි වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා වීසා ඔෆිසර්ට දැනුනොත් වීසා එක රිජෙක්ට් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේ නිසා SOP එකට ලොකු අවධානයක් දෙන්න අමතක කරන්න එපා.
Study Gap
ස්ටුඩන්ට් වීසා වලදී අනිවාර්යෙන්ම සලකලා බලන දෙයක් තමයි මේ study gap එක කියන්නේ. Study gap එකෙක කියන්නේ ඔයාගේ මොනයම්ම හෝ අධ්‍යාපන සුදුසුකමක් ඉවර කරලා කිසිම දෙයක් නොකර නිකන් ඉන්න කාලයට. සාමන්‍යයෙන් මාස 3 කට වඩා study gap එකක් තියෙන එක අවාසියක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔයා ඉගෙනගත්ත සහ ඉගෙනගන්න බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රයේ රැකියාවක නිතර වෙලා තියෙනවා නම් ඒ කාලය gap එකක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි ඔයාට ඒ විදිහට වැඩ කරා කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා සහතික ලබාදෙන වෙනත් අධ්‍යාපන පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනේ.
Home ties
Home ties කියලා කියන්නේ ඔයා කැනඩාවේ අධ්‍යාපනය ලබලා ඉවර වෙලා ආපහු ලංකාවට එනවා කියලා සහතික කරන්න ඉදිරිපත් කරන හේතු. Student වීසා ලබාදීමේදී ප්‍රධාන වශයෙන්ම සලකලා බලන තැනක් තමයි මේක/ මොකද student විසා එකෙන් අධ්‍යාපනය ලබලා ඉවර උනාම ඔයා කැනඩාවේ රැඳෙන්නේ නැතුව ආපහු ලංකාවට යයි කියලා කැනඩා රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට ඔයා ආපහු ලංකාවට එනවා කියලා පැහැදිලි ශක්තිමත් හේතු දක්වන්න ඕනේ. දෙමව්පියන් දේපල ව්‍යාපාර කටයුතු වගේ දේවල් මේකෙදි Home ties විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොම උනත් මේ දේවලුත් ඔයා අදාළ ලියකියවිලි මගින් ඔප්පු කරන්න ඕනේ. ඒ කිව්වේ ඔයාට හිමිවෙන්න තියෙන ව්‍යාපාර දේපල ඉඩකඩම් වගේ දේවල් තියෙනවා නම් ඒවාගේ ඔප්පු වගේ ලියකියවිලි ඉදිරිපත් කරලා ඒවා සනාථ කරන්න ඔයාට සිදු වෙනවා.
Covid Vaccine
2020න් පස්සේ ලෝකේ පුරාම ඇති වෙලා තියෙන කොවිඩ් වසංගත තත්වය නිසා දැන් හැම රටකටම වගේ යද්දී අනිවාර්යෙන්ම ඔයා සම්පුර්ණයෙන්ම කොවිඩ් එන්නත්කරණයට ලක් වෙලා තියෙන්න ඕනේ. කැනඩාවටත් එහෙමයි. ඉතින් ඔයා කොවිඩ් එන්නත් දෙකම ලබාගත්ත කෙනෙක් නම් ඒකට අදාළ සහතිකය ලබාගෙන ඒක අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ.
ඉතින් ප්‍රධාන වශයෙන්ම කැනඩාවට student visa එන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ දේවල් ගැන තමයි ඔයා අවධානය ලබාදෙන්න ඕනේ. කොහොමත් ඉතින් ඉතින් ඔයාට ලොකු කැපකිරීමක් මේ වෙනුවෙන් කරන්න සිදු වෙනවා. හැබැයි මතක තියාගන්න මේ අපි කියපු හැමදෙයක්ම හරියාකාර නිවැරදිව කරගත්තොත් කැනඩාවේ අධ්‍යාපනයට එනවා කියන එක තවදුරටත් ඔයාට හීනයක් වෙන එකක් නැහැ.
GIPHY App Key not set. Please check settings