කැනඩාවට තමන්ගේ දරුවන් සමඟ සංක්‍රමණය වෙන ගොඩක් දෙමව්පියන්ට තිබෙන පොදු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදීම තමයි මේ ලිපියෙන් කරන්නේ.
දරුවන් සමඟ කැනඩාවේ අලුතින් පදිංචි වීමේදී වැඩකරන දෙමාපියන් විදිහට ඇතිවන ගැටළු
දරුවන්ගේ වයස අනුව දෙමාපියන්ගේ රැකියා/අධ්‍යාපන කාළ සීමාව තුල දරුවන් රැක බලා ගැනීම සහ ආරක්ෂාව
– වයස පහට අඩු දරුවන් – daycare(+/-montessori) උදව් කරගන්න පුළුවන්(ගැටළු- පොරොත්තු ලේඛණයක සිටීමට වීම සහ වියදම)
– වයස 5-12 අතර පාසල් කාළය තුල ගැටළුවක් නැත. පාසල් කාළ සීමාවෙන් පසුව දරුවන්ගේ රැකබලා ගැනීමට හෝ ආරක්ෂාවට ඉහත ක්‍රම වලින් එකක් හෝ දෙමාපියන් මුර මාරු ක්‍රමය යොදා ගැනීම. (සහ නිවැසියන් හෝ ඥාතීන්ගේ උදව් ලබා ගැනීම)
දරුවන්ගේ සෞඛ්‍යය ගැටළු
– සිදුවන පරිසර වෙනස්කම පිළිබඳ දැනුවත්ව ඊට සූදානම්ව පැමිණීම (උදා- වින්ටරයේ නම් දරුවන්ට අවශ්‍ය උණූසුම් ඇඟළුම්)
– පැමිණී ඉක්මණීන්ම අවශ්‍ය කරන සෞඛ්‍යරක්ෂණාවරණයන් සඳහා ඉල්ලුම් කරන්න.
– පදිංචිවූ ඉක්මණීන්ම , පවුලේ වෛද්‍යවරයෙක් / සායනයක් යටතේ ලියාපදිංචිවීම
– කැනඩාව තුල ඇති හදිසි සේවා සහ ඒවා ලබා ගැනීම් ගැන දැනුවත්ව පැමිණීම
අළුත් පාසල සහ අභීයෝග
ප්‍රමාද නොකර ලියාපදිංචි කරන්න- දරුවා පාසල් යන වයසේ නම්, පැමිණ පදිංචිය තහවුරු කළ හැකි ලේඛණයක් ලබා ගත විගස ළඟම තිබෙන පාසල වෙත අදාල සංක්‍රමණ ලේඛණ/ලංකාවෙන් ලබා ගත් ප්‍රතිශත්කිකරණ වාර්තා/උප්පැන්න සහතික/විශේෂ අවශ්‍යතා ඇත්නම් ඒ පිළිබඳ වෛද්‍ය සටහන්/ සමහර අවස්ථා වල විශේෂීත රක්ෂණ අවශ්‍යතා සමඟ පාසලට ගොස් දරුවා ලියාපදිංචි කරන්න.
අනෙක් දරුවන් සමඟ සම්බන්ධ වන්න – අළුත් පාසලේ මිතුරන් සමඟ එක්වීමට දරුවාට අවස්ථාව දෙන අතරේ, එම දෙමාපියන් සමඟ හිතවත්කම් ඇති කරගැනීම ඔබට ඉදිරියේදී පහසුකම් ලබා ගැනීමටත් උදව්වේවි.
පරිසරයේ වෙනස්වීම් නිසා දරුවන්ට ඇතිවෙන අභියෝග
බොහෝ අවස්ථා වල දරුවන් කැනඩා පරිසරයට ඇළුම් කරනවා ,සතුටු වෙනවා.
මිතුරන් නැති වීම හෝ වෙන්වීවේ වේදනාව අඩු කරගන්න,-නිවස ආසන්නයේ ඇති පාර්ක් එකට එක්ක යන්න, පුස්තකාලයට යන්න පුළුවන්, විශේෂයෙන්ම පුස්තකාලය තුල ක්‍රියාත්මක වන සම වයස් දරුවන්ගේ කියවීම් කණ්ඩායම් වගේ වැඩසටහන් වලට එකතු කරන්න.
පාසලේ දී , ඩේකෙයා එකේදී මිතුරන් ඇති කරන්න උනන්දු කරන්න. දරුවන් නිවස තුලම රඳව ගන්නේ නැතිව පරිසරයට එක් වෙන්න දෙන්න.
ආහාර පාන වල වෙනස්වීම. බොහෝ අවස්ථා වල දරුවන්ට කැනඩානු ආහාර රටාවට පහසුවෙන් හුරු වෙනවා. එසේ නොවන තැනකදී ,ලංකාවේ ආහාර, ආසියාතික ආහාර පාන ගන්න හැකියාව බොහෝ ප්‍රධාන නගර ආශ්‍රිතව තිබෙනවා.
ලංකාවේ ඥාතීන්ගෙන් මිතුරන්ගෙන් වෙන්වීමේ පීඩාවෙන් දරුවන් බේර ගන්න.
ඉඩ ලැබෙන අවස්ථාවක අන්තර්ජාලය ඔස්සේ ලංකාවේ ඥාතීන් සමඟ කතා කරන්න, දකින්නට අවස්ථාව දෙන්න. කැනඩාවේ තොරතුරු සහ විස්තර වලින් ලංකාවේ අත්තම්මලා, සීයලා, මාමලාගේ කන් පුරවන්න ඉඩ දෙන්න.
අවශ්‍යම නම් ලංකාවේ දරුවන් බලමින් සිටි කාටුන්, නැත්නම් වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ නරඹන්න දෙන්න.
නමුත් මාසයක් දෙකක් ගිය පසු, දරුවන් ක්‍රමයෙන් කැනඩාව තුලට හැරෙන නිසා මෙම අවශ්‍යතා තදින් මතුවෙන එකක් නැහැ.
දරුවන් ගමන් බිමක් එක්ක යාම
පැමිණී අළුත තමන්ටම කියලා වාහනයක් තිබීමේ අවස්ථාව අඩු නිසා, ප්‍රදේශයේ පොදු ප්‍රවාහණ සේවා ගැන දැනුවත් වෙන්න.
පොදු ප්‍රවාහන සේවා ටික කළක් යොදා ගන්නට අපේක්ෂා කරනවා නම් එහි මාසික බලපත්‍රයන් ගන්න. එවිට “සීමාවක් නැතිව” සහ ලොකු වියදමක් නැතිව ඉඩ ලැබෙන අවස්ථාවට දරුවන් සමඟ නගරයේ ලස්සන තැන්, පුස්තකාල, විනෝදාස්වාදය ලබා දෙන තැන්, ක්‍රීඩා මධ්‍යස්ථාන වෙත යන්නට හැකියාව ලැබෙනවා.
දරුවන් එක්ක එනවා නම්, හැකියාවක් ඇත්නම් ඉක්මණීන් පොඩි හෝ වාහනයක් තිබීම හරිම පහසුවක්, මොකද පොදු ප්‍රවාහන සේවා වල ගත වන කාළය වැඩි නිසා. (විනාඩි දහයේ ගමනට පැය බාගයක්වත් යන නිසා)
මතක ඇතිව දරුවන්ගේ වයස් සීමා/බර/උසට ගැලපෙන බේබි සීට් වාහනයත් එක්කම අරගන්න උත්සාහ කරන්න.
වැදගත්ම දේ දරුවන්ගේ මනස
මේ අළුත් වෙනස තුල වඩාත් “විඩාවට” පත්වන්නේ දෙමාපියන්. එය විඩාවක්, මානසික පීඩනයක්, බිඳ වැටීමක් එහෙම නැත්නම් කළකිරීමක් විදියට මතු වෙන්න ඉඩ තිබෙනවා. මුල් මාස දෙක තුන තුල මේ තත්වය ඇතිවිය හැක. ඒ නිසා මේ තත්වය නිසා දරුවන්ට පීඩනයක් ඇති වෙන්න කටුයුතු කරන්න දෙමාපියන් විදිහට උත්සාහ කරන්න.
මොකද, අළුත් වෙනස්වීම තුල “තනිවීමක්” දැනෙන දරුවන්ට දෙමාපියනුත් වෙනස් වනවා දැනුනොත් ඒක දරන්න බැරි වේදනාවක් සහ සමහර විට ඔවුනගේ පෞරුෂයට බලපාන ලොකු වැරැද්දක් වෙන්න පුළුවන්. ඒ නිසා, දැනුම් තේරුම් වයසේ දරුවෙක් නම් ඒ ගැන පැහැදිලි කර දීම වටිනවා.
දරුවන් ඉහළ ශ්‍රේණිවල නම් දෙමාපියන්ගේ කාළය බෙදා ගැනීම
ඉහළ ශ්‍රේණී වල දරුවන්ට විවිධ විෂය බාහිර කටයුතු වලට පාසලෙන් පිටට යන්න වේවි, එතැනදි දෙමාපියන්ට ඊට උදව් වෙන්නට වෙන අවස්ථා බොහොමයි. ඒ නිසා ඒ සඳහා කාළය වෙන් කරගැනීම සමහර විට අපහසුතාවයක් වෙන්න පුළුවන්. එතැනදි දරුවාගේ පාසලේ මිතුරන්ගේ දෙමාපියන් සමඟ පවත්වා ගන්නා සම්බන්ධතාවයන් හරිම වැදගත්. ඔබට අපහසු අවස්ථාවක ඒ අයගේ උදව් ලබා ගන්නට පුළුවන්, වගේම අනෙක් පැත්තට උදව්වක් කරන්නට ඔබට පුළුවන්.
දරුවා සමාජ ගත කරන්න
පාසල් වයසේ දරුවෙක් නම් පොතේම අල්ලා රඳවා නොතියා(ලංකාවේ මෙන්) දරුවාට සමාජ ගත වෙන්න දෙන්න. ක්‍රීඩා, බාහිර ක්‍රියාකාරකම්, ස්වෙච්ඡා සේවා වලට යන්නට පොළඹවන්න. යාළුවන් සමඟ එකතු වෙන්නට බාධා නොකරන්න. දරුවන් කැනඩා සමාජය තුලින් ඉගෙන ගන්නා දේ හුඟක් වටිනවා. (නමුත් හැම විමට ඔබ දරුවා වෙනුවෙන් සිටින බව දැනෙන්නට කටයුතු කරන්න.)
දෙමාපියන්ගේ කාළය බෙදා ගැනීම සහ දරුවන් වෙනුවෙන් පිරිවැය දැරීම
මෙය දරුවාගේ වයස අනුව වෙනස් වෙන නිසා තනි පිළිතුරක් දෙන්නට අපහසුයි. කුඩා දරුවෙක් නම් ඩේකෙයා, දරුවාගේ ආහාර, සනීපාරක්ෂක කළමනා පහසුකම් සඳහා ඉහළ පිරිවැයක් දරන්නට සිදුවේවි, පාසල් වයසේ නම් ඊට සාපේක්ෂව අඩුයි කියන්න පුළුවන් (දරුවා public funded school යනවා නම්). කාලය බෙදා ගැනීමත් වයස අනුව දෙමාපියන් දෙදෙනාගේ සැලසුම් සහ සමහර විට ලබා ගන්නා බාහිර සේවා වල උදව්වෙන් කරන්නට පුළුවන්.
Original Post Credit – කැනඩාවට එන්නට මග SLtoCanada FB Group
GIPHY App Key not set. Please check settings