in

කැනඩා ජොබ් විසා ගන්න මොනවද ඕනේ

මුලික දේ තමයි IELTS විභාගය, අයදුම් කරන රැකියාවට අදාළ අද්‍යාපන සහතික ,අයදුම් කරන රැකියාවට අදාළ වෘත්තීය පළපුරුදු සහතික .මේ කිසිවක් නොමැතිව ඔබ කොපමණ මුදල් වැය කරත් එය කරන පුද්ගලයා canada වේ සිටියත් ඔබට විසා නොලැබේ .canada යනු කාට හෝ මුදල් ගෙවා යා හැකි රටක් නොවේ මේ වගේ බොරුවක් දාල තිබ්බ දැක්ක එක හින්ද ලිව්වේ සිල්ලරට canada යවනවා කියන හොරුන්ට අහු වෙන්න එපා රුමේනියා cyprus ,ඉතාලි, ඩුබායි, poland යනවා වගේ Canada, Australia ,new zealand වැනි රටවලට විසා හිමි නොවේ සුදුසුකම් නොමැතිව.

canada වලට වෙනත් රටකින් සේවකයෙකු ගෙන්වා ගැනීමට අවශ්‍ය නම එම සේවා යෝජකයාට Human Resources and Skills Development Canada (HRSDC) එකෙන් අවසර ලබා ගත යුතුය එම අවසර පත්‍රය Labour Market Impact Assessment (LMIA) ලෙස හදුන්වයි එහි employer ගේ වත්කම් බදු ගෙවීම ව්‍යාපාරයේ වත්කම් ගෙන්වීමට බලාපොරුත්තු වන සේවකයාගේ සුදුසුකම් ඔහුට ගෙවන වැටුප අතිකාල ගෙවීම් වැඩ කරන පැය ගණන අහාර පාන නවාතැන් දීම වැනි සියලු දේ සේවකයාගේ නමින් සදහන් වේ.

එක සේවකයෙකුට එක LMIA එක බැගින් අයදුම් කල යුතුයි .HRSDC එකෙන් LMIA එක අනුමත කල පසු ඔබට ඔබ රටේ canada එම්බසි එකට ගොස් විසා ලබාගත හැක එහිදීද නැවත වාරයක් ඔබගේ සහතික පත් work experience lattes අදයපන සහතික පෙර වැරදි නඩු මත්දුව්‍ය නීති විරෝදී ක්‍රියා වල නිරත වී තිබේදැයි සොයා බලයි ඒ වගේම ව්‍යාජ සහතික වෙනත් රටවලට පෙර විසා අයදුම් කර තිබෙන විස්තර IELTS විභාග ලකුණු සියල්ල සලකා බලයි .මේ සියල්ල කිහිප වතාවක් පරික්ෂා කර බලා ඔබව interview කර ඔබගේ ඇගිලි ලසකුනු සහ eye marks ලබාගෙන විසා නිකුත් කිරීම සිදුවේ .

කවුරුන් හෝ ඔබට canada වේ රැකියාවක් පොරොන්දු වේ නම් LMIA අංකය ඉල්ලන්න ඒය ඔබේ නමින් අයදුම් කර තිබේනම් වෙබ් අඩවිය ඔස්සේ පරික්ෂා කරගත හැක එය අයදුම් කල හැක්කේ employer පමණි එයට් කිසිදු මුදලක් වැය නොවේ .එබැවින් ඔබ මුලින් මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ ..වංචා කාරයන්ට හසු නොවී ඔබේ අනාගතය සාර්ථක කර ගන්න

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

කැනඩාවේදී පදිංචිය මාරු කරන්න වුනොත් හරිම ක්‍රමය

Provincial Nominee Program (PNP) එක හරහා කැනඩාවට එන්න මේ දේවල් කරන්න