විදෙස් රටක ස්ථීර පදිංචියට යාම ඔබේ සිහිනයක් වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනයට හෝ රැකියා අවස්ථාවක් සඳහා විදේශ ගත වන්නට ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි. නමුත් ඔබේ එම සිහිනය සැබෑ කර ගන්නට ඔබ පසු කල යුතුම කඩ ඉමක් තමයි මේ IELTS exam එක. ඉහත සඳහන් කල කුමන අංශයකින් ඔබ විදෙස් රටකට සංක්‍රමණය වෙන්න සිතා,බලාපොරොත්තු තියාගෙන සිටිනවා නම්, ඉංග්‍රීසි බාවිතා කරන රටකට ඔබ යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඔබ වෙනුවෙන් ම තමයි මේ IELTS exam එක තිබෙන්නේ. කැනඩාව ඇතුළු විදෙස් රටවල් රාශියකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ අනිවාර්යයෙන් සහභාගී විය යුතු විභාගයක් ලෙස මෙම IELTS exam එක හඳුන්වන්න පුළුවන්. පොදුවේ බලන විට මෙම exam එක ඔබගේ පහසුව තකාම නිර්මාණය වූවකි. මෙයින් ඔබ විදෙස් රටකට ගොස් විදේශිකයන් සමග ඉංග්‍රීසි බාෂාව නොදැන අතරමං වීම නැති වී යනවා. ඔබට ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගනිමින් විදේශීය පුද්ගලයන් සමග එදිනෙදා ජීවිතයේ අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට තරම් ඔබේ බාෂා හැකියාව වර්ධනය වෙනවා.
මෙම IELTS exam එක ප්‍රධාන වශයෙන් කොටස් 02 කට බෙදා දක්වන්න පුළුවන්. එය,
- General IELTS
- Academic IELTS
ලෙස දක්වන්න පුළුවන්. මෙම IELTS exam එකේ general IELTS අංශයෙන් exam එක කරන්න අවශ්‍ය වන්නේ ඔබ ඉංග්‍රීසි බාවිතා කරන රටක රැකියාවකට හෝ ස්ථීර පදිංචියට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් පමනයි. උසස් අධ්‍යාපනයට හෝ අධ්‍යාපනය සම්බන්ධ දේකට ඔබ විදෙස් ගත වනවා නම් ඔබ මේ exam එක කල යුත්තේ Academic IELTS යන අංශයෙන්. IELTS exam එක කොටස් දෙකකට බෙදා තිබුනත් මෙහි General IELTS test එකට වඩා Academic IELTS test එක මදක් සංකීර්ණ test එකක් හඳුන්වන්න පුළුවන්. නමුත් ඔබ මෙම IELTS exam එකට මුහුණ දීමට පෙර මෙවන් exam එකක් ඔබට පවත්වන්නේ කුමටද යන්න තේරුම් ගත යුතුයි. විදේශීය රටකට අධ්‍යාපනයට, රැකියාවට හෝ ස්ථීර පදිංචියට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට විදේශීය රටක සිටීමට සුදුසුකමක්, හැකියාවක් ඔබ සතුව තිබෙනවාද යන්න මෙහිදී වඩාත්ම සොයා බැලේ. ඔබ විදේශ ගත වන්නට බලාපොරොත්තුවෙන් සිටින විදේශීය රටේ දැනට තිබෙන රටාවට හැඩ ගැසී ඔබට ජීවත් වන්නට පුළුවන්ද කියා මැන බැලීම සරලවම මෙම exam එක පැවැත්වීම මගින් සිදු වේ. IELTS නම බලන විට ඔබට සිතෙන්නේ මෙය තවත් එක් English test එකක් පමණක්ම වෙන බවයි. නමුත් මෙය හුදෙක්ම English test එකක් පමණක්ම නොවෙයි.
ඔබට මීලගට තිබෙන කුතුහලය වන්නේ මෙම IELTS exam එක සමත් වුන අය සිටිනවාද, අසමත් වුන අය සිටිනවාද යන්නයි. සමත් වුන අය සිටිනවා නම් එසේ සමත් වන්නට කොපමණ ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු ද කියන එක. නමුත් මෙම IELTS exam එක සමත් වුන කවුරුත් දැනට නැහැ. ඒ වගේම මෙම exam එක අසමත් වුන අය කවුරුත් දැනට නැහැ. එයට හේතුව මෙය සමත් / අසමත් කරන exam එකක් නෙවෙයි. ඔබ යාමට බලාපොරොත්තු වෙන විදෙස් රටට යාමට තෝරා ගන්නා immigration program එක මතයි ඔබ මෙම exam එකෙන් ලබා ගත යුතු අවම සහ උපරිම ලකුණු මට්ටම තීරණය වන්නේ. මෙම IELTS exam එක මගින් ඔබට සහ ඔබේ හැකියාවට ලබා දෙනු ලබන්නේ ලකුණු ප්‍රමාණයක් පමනයි. ඒ නිසාම සමත් අසමත් කමක් මේ IELTS exam එකේ නැහැ. මෙම IELTS exam එක මගින් ඔබට ලබා දෙන උපරිම ලකුණු ප්‍රමාණය වන්නේ උපරිම ලකුණු 09ක් පමනයි. මෙම general IELTS test එක වගේම academic IELTS test එක යන test දෙකම පොදුවේ තවත් ප්‍රධාන කොටස් 02කට බෙදා දක්වන්න පුළුවන්. ඒවා නම්,

- productive skills (පලදායි කුසලතා)
- receptive skills (පිලිගැනීමේ කුසලතා)
- productive skills (පලදායි කුසලතා)
- receptive skills (පිලිගැනීමේ කුසලතා)
ලෙස හඳුන්වන්න පුළුවන්. productive skills යනුවෙන් හදුන්වනු ලබන්නේ පලදායි කුසලතා නිපදවීමයි. receptive skills යනුවෙන් තොරතුරු ලබා ගැනීම, තොරතුරු හඳුනාගැනීම ලෙස සඳහන් කරන්න පුළුවන්. මෙම අංශ දෙක තවත් කොටස් 4කට බෙදා දැක්විය හැකියි. ඒ අනුව productive skills යටතේ ,
- writing
- speaking
යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. ඒ ලෙසම receptive skills යන අංශය ද,
- listening
- reading
ලෙස කොටස් 02කට බෙදා දැක්විය හැක. මේ සියල්ල එකට ගත් විට IELTS exam එක පොදුවේ අනු කොටස් 04කින් සමන්විත වෙනවා. එය,
listening, reading, writing, speaking ලෙස දැක්විය හැක. මෙහි ප්‍රධානම කොටස වන listening test එක විනාඩි 40ක කාලයකට සීමා වෙන test එකක්. මෙහිදී ඔබට ප්‍රශ්න 40ක් ලබා දෙනවා.general test එකට ඉදිරිපත් වෙන ඔබටත් academic test එකට ඉදිරිපත් වෙන ඔබටත් මේ අංශය යටතේ එක සමාන ප්‍රශ්න පත්‍රයක් තමයි ලබා දෙනු ලබන්නේ. මෙහි 02නි කොටස වන reading අංශයේ test එකට ඔබට විනාඩි 60ක කාලයක් ලබා දෙනු ලබනවා. එම ලබා දෙන විනාඩි 60 ඇතුලත ඔබ ප්‍රශ්න 40කට පිලිතුරු ලබා දිය යුතු වෙනවා. නමුත් මේ reading test එකේදී ඔබට ප්‍රශ්න ලබා දෙන විට general test එක සහ academic test එක යන අංශ දෙකේ අයට එකිනෙකට වෙනස් ආකාරයෙන් ප්‍රශ්න ලබා දෙනු ලබනවා. මෙහි 03 වන අංශය වන writing අංශය යටතේ ඔබට විනාඩි 60ක කාලයක් ලබා දී තිබෙනවා. නමුත් මේ writing test එක යටතේ දීත් general test එක සහ academic test එක ඉදිරිපත් වෙන ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න ලබා දෙනු ලබනවා. අවසාන වශයෙන් මෙහි අවසාන test එක ලෙස speaking test එක හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔබට මෙම test එකට විනාඩි 10ත් 15ත් අතර කාලයක් ලබා දෙනු ලබනවා. general test එක සහ academic test එක යටතේ IELTS exam ලියන ඔබට මෙම speaking test අංශයෙන් ලැබෙන්නේ එක හා සමාන ප්‍රශ්න රැසක්. වාචිකව මුහුණට මුහුණ සිදු කරනු ලබන test එකක් ලෙසත් මෙම speaking test එක හඳුන්වන්න පුළුවන්.
Update
ඔබට IELTS Exam එක ගැන වැඩි දුර විස්තර ලබා ගැනීමට අවශ්‍යනම් IELTS නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings