පෙර පාසැල්, පාසැල් ජීවිතය වගේ නෙවෙයි උසස් අධ්‍යාපනය හැදෑරීම කියන එක. Bachelors ඩිග්‍රි එකක් ගන්න බලාපොරොත්තු වෙන්සිටින දරු දැරියන් ට හෝ, Masters හෝ Doctorate එකක් ගැනීමට බලාපොරොත්තු වෙන්සිටින ඔබට මෙම ලිපිය එහෙනම් වඩා වැදගත් වේවී.
ලංකාවේ පමණක් නොව, ඔබට උසස් අධ්‍යාපනය විදෙස් රටවල් වලද හැදෑරිය හැකිය. තරුණ පිරිස දැන් බොහෝමයක් විදෙස් රටවල්වල උසස් අධ්‍යාපනය හැදැරීමට උනන්දුවක් දක්වයි. නමුත් සියලු දෙනාම මුහුණ දෙන බාධාවක් වන්නේ Course Fee එක පිළියෙල කර ගැනීම ය. ලංකාවේ මෙන් නොව විදෙස් රටවල් වල උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දෙනු නොලැබේ. බොහෝ විදෙස් රටවල් වල උසස් අධ්‍යාපනය හැදැරීමට යම් මුදලක් ගෙවිය යුතු වේ.
ඔබ student visa වලින් විදෙස් ගත වූ විට ඔබට Course Fe එකම පමණක් නොව, ඔබට ජීවන වියදම සහ වෙනත් වියදම් රාශියක් දරන්නට සිදු වේ. තමන්ගේම උත්සාහයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබට අවශ්‍ය නම්, ඔබට ආදායම් මාර්ගයක් සොයා ගැනීමට සිදු වේ.
හොද කරුණකට ඇත්තේ, ඔබට විදෙස් ගත වූ පසු, student visa එකෙන්ද ජොබ් එකක් කිරීමට පුළුවන් වීමයි. ජොබ් එකක් කිව්වට, ඔබට full time ජොබ් එකක් කරන්න බැහැ. Student Visa ඒකෙන් ඔබට ඉගෙන ගන්න ගමන් ඔබට part time ජොබ් එකක් කිරීමට විදෙස් රටවල් වල නීතිමය වශයෙන් අවස්ථාව ලබා දී ඇත. Student visa එකකින් සිසුවකුට සතියකට පැය ගාණක් පමණක් වැඩ කිරීමට සහ ආදායමක් ලබා ගැනීමට පුළුවන්. බොහෝ විට සතියකට පැය 20ක කාලයක් වැඩ කිරීමට හැකිය.
නමුත් ඔබ හදාරන ක්ෂේත්‍රයට අනුව, නියමිත වෙලාවන් වලට Part time ජොබ් එකක් කිරීම අමාරු විය හැකිය. ඉගෙනීමේ කටයුතු පසුනොබටවන ආකාරයට ජොබ් එකක් කරන්නේ කොහොමද?
මෙන්න දැනගන්න, student visa වලින් ඔයාට තමන්ගේ වියදමට, ආදායමක් ලබා ගැනීමට හොදම part time ජොබ්ස් ටිකක්.

Online උපකාරක පංති
ආදායමක් පහසුවෙන් ලබා ගැනීමට හැකි ජොබ් එකක් තමයි online උපකාරක පංති පැවැත්වීම. පාසැල් සිසුන් බොහොමයක් උපකාරක පංති වලට සහභාගි වනු ඇත. ඔබගේ ඉංග්‍රීසි හෝ එම රටේ දේශීය භාෂාව හොදට පුලුවන් නම්, ඔබට ඕනෑම පාසැල් විෂයක් ඉගැන්විය හැකිය. පැයකට ඩොලර් 20ක පමණ අවම මුදලක් අය කරත්, ඔබ සතියකට පැය 10ක් ඉගැන්වීම් කටයුතු කර හොත්, සතියකට ඔබට ඩොලර් 200ක් සහ මසකට ඩොලර් 800ක් වැනි මුදලක් අය කර ගතහැකිය. මෙම ජොබ් එකේ වාසිගත කරුණක් වන්නේ ඔබට වෙලාව පහසුවෙන් කළමනාකරණය කර ගත හැකි වීමයි. සැළකිලිමත් විය යුතු කරුණක් වන්නේ, සමහර රටවල්වල ඉගැන්වීමට අඩුම Bachelors ඩිග්‍රි එකක් අවශ්‍ය වීමයි.
වෙළෙඳපොළ පර්යේෂණ වලට සහාභාගි වීම
ඕනෑම ව්‍යාපාරයක, වෙළෙඳ කටයුතු සදහා පර්යේෂණ පැවැත්වේ. විශේෂයන් ම විශාල ව්‍යාපාරයන්, පාරිභෝගික තෘප්තිය සහ භාණ්ඩ වල තත්ත්වය මැනීම සදහා පර්යේෂණ පවත්වනු ලැබේ. ඔබගේ මතය දැක්වීම වෙනුවෙන් ඔබට මුදල් ලැබෙනවා. මෙය නිවසේ සිටම පහසුවෙන් මුදල් උපයාගත හැකි ක්‍රමයකි. මෙම ව්‍යාපාරයන් surveys පවත්වා, ඔබගේ වටිනා අදහස් ලබා ගැනීමට උත්සාහ කරයි. ඔබගේ මෙම මතය මත, ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා දියුණු කර ගැනීමට උත්සාහ කරයි. ඔබට මෙම වෙළෙඳ පර්යේෂණ වලට සහභාගි වීමට, මෙවන් surveys පවත්වා දත්ත එකතු කරන සමාගමකට, පාරිභෝගිකයෙක් ලෙස සහභාගි වන්නට සිදු වේ. Survey එකකට ඩොලර් 5 සිට ඩොලර් 30 ක් දක්වා මුදලක් උපයාගත හැකිය.

Proof Reading
ඔබගේ දේශීය භාෂාව හෝ ඉංග්‍රීසි භාෂා භාවිතය විශිෂ්ටයි නම්, මෙය ඔබට පහසුවෙන් මුදල් උපයාගැනීමට හැකි ජොබ් එකකි. තමන්ගේ නිවසේ සුවපහසුවේම සිට, ඔබට ව්‍යාකරණ, විරාම ලක්ෂණ වගේ සුළු අංගනිවැරදි කර දීමට, ඔබට පැයකට ඩොලර් 15ක් සිට ඩොලර් 30 දක්වා අය කර ගත හැකිය. මෙයට කිසියම් පෙර අවශ්‍යතා, අත්දැකීමක් හෝ සූදානමක් අවශ්‍ය නොවේ. මෙය ඉතා පහසුවෙන් මුදල් හම්බ කර ගත හැකි ආකාරයකි.
සමාජ ජාලා කළමනාකරණය
ලොකු පොඩි සියලු ව්‍යාපාරයන්, තමන්ගේ පාරිභෝගිකයන් වැඩි කර ගැනීමට, සමාජ ජාලා භාවිතා කරයි. තරුණ තරුණියන් සමාජ ජාලා ගැන ඉතා හොද අවබෝධයක් ඇති බැවින්, ව්‍යාපාර බොහොමයක්, තමන්ගේ සමාජ ජාලා කටයුතු හසුරුවන්න, සමාජ ජාලා කලමණාකරණය කිරීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ව්‍යාපාරයේ ලබා දෙන සේවා හෝ නිෂ්පාදන වලට පාරිභෝගිකයන්ගෙන් ඇති අදහස් සහ ගැටළු සමාගමට පැවසීම, නව විකුණුම් වැදී කරදීම ඔබගේ රාජකාරිය වේ. Instagram, Facebook, Twitter, Pintrest වැනි සමාජ ජාලා වල ඇති වන ප්‍රවණතා අධ්‍යනයකොට සමාගමට වාර්තා කළ යුතු වේ. මේ සඳහා පැයකට ඩොලර් 20ක් – 40 ක් අතර මුදලක් අය කර ගත හැකිය.

ඔන්ලයින් දත්ත ඇතුලත් කිරීම
ඔබට හොදට ටයිපින් පුළුවන් ද? එහෙනම් මෙය ඔබට ඉතා සුදුසු part time ජොබ් එකක් වේ. ඔබට ඇත්තේ ලබා දී ඇති දත්ත, අදාල ආයතනයේ online සිස්ටම් එකට එම දත්ත ඇතුලත් කිරීම ය. ඔබට කොම්පියුටර් එකක් සහ හොද ඉන්ටර්නෙට් සබැඳියාවක් ඇත්නම්, ඔබට පහසුවෙන්ම, නිවසේ සිටම වැඩ කළ හැකිය. මෙය පොඩ්ඩක් වෙහෙස වන රාජකාරියක් මන්ද, මෙය සමාගමක් යටතේ කරන ලද ජොබ් එකක් බැවිනි. ඔබගේ කාලය කලමණාකරණය ගැනීම ඉතා වැදගත් වේ. ඔබගේ පාඩම් කටයුතු වලට අවහිර නොවන සේ මෙම ජොබ් එක කල යුතුයි. පැයකට ඩොලර් 5ක් සිට ඩොලර් 15ක් දක්වා හම්බ කර ගත හැකියි.
වර්චුවල් ඇසිස්ටන්ට් (Virtual Assistant)
Virtual Assistant කෙනෙක් විදිහට ඔබ සමාගමට දුරස්ත සේවා ලබා දෙන්නේ නම්, ඔබගේ රාජකාරිය, email වලට පිළිතුරු දීම, සමාජ මාධ්‍ය කළමනාකරණය කිරීම, කාලසටහන් සැකසීම, proof reading, දත්ත ඇතුලත් කිරීම වැනි කාර්යයන් ය. එක් එක් සමාගම් අනුව ඔබගේ රාජකාරින් වෙනස් වනු ඇත. වර්චුවල්ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ඔබට විශාල මුදලක් උපයාගත හැකිය. ඔබට පැයකට ඩොලර් 20 ක් සිට ඩොලර් 100ක් දක්වා උපයාගත හැකිය.
මෙවැනි බොහෝ part time ජොබ්ස් ඇති නමුත්, ඔබගේ අවශ්‍යතා අනුව, ඔබගෙ අධ්‍යාපනය කටයුතු පසුබට නොවන සේ, ජොබ් එකක් තෝරා ගන්න. මතක තියා ගත කරුණක් වන්නේ ඔබ විදෙස් ගතව සිටින්නේ ඉගෙනීම් කටයුතු සම්පුර්ණ කොට, හොද රස්සාවක් සොයා ගැනීමට බවය.
GIPHY App Key not set. Please check settings