Driver
බොහෝ රටවල් වල මෙන් නොව රියදුරු රැකියාවට කැනඩාව තුල තිබෙන්නේ ඉහල ඉල්ලුමක්. කැනඩාව තුල ට්‍රක් රථ රියදුරන්ගේ සිට සෑම රියෙදුරෙකුටම ඉහල වැටුපක් ගෙවන අතරම විදේශීය රියදුරන් රැසක් දැනට කැනඩාවේ රියදුරු සේවයේ නිරත වෙනවා. විදේශීය ශ්‍රමිකයන්ට රියදුරු සේවයට නව අවස්ථා රැසක් තිබෙනවා සේම කැනඩාවේ රියදුරු සේවයේ නිරත වන්නෙකුට වසරකට අවම වශයෙන් කැනේඩියන් ඩොලර් 44 000කට වඩා අදික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
Sales associate
විකුණුම් නිලධාරී තනතුර කැනඩාවේ දැනට තිබෙන රැකියා අතරින් ඉහල වැටුපක් තිබෙන සහ වැඩි ඉල්ලුමක් තිබෙන රැකියා අතරින් තවත් එක් රැකියාවක්. විකුණුම් නිලධාරි හෝ විකිණුම් සහයක වැනි රැකියා මේ වගේ රටක ඉහල වැටුපක් සමග ඉහල ඉල්ලුමක් තිබෙන රැකියාවක් බව ඔබ කිසි විටක නොසිතන්න ඇති. නමුත් මෙම රැකියාව කැනඩාවේ දැනට ඉහල ඉල්ලුමක් තිබෙන රැකියා වලින් එක් රැකියාවක්. විකුණුම් නිලධාරි රැකියාව සදහා කැනඩාවට පැමිනෙන ඔබට මෙම රැකියාව මගින් වසරකට කැනේඩියානු ඩොලර් 50 000 කට වඩා අධික වැටුපක් ලබා ගත හැකි අතර එම රැකියාවෙන් ලබා ගන්නා වැටුප ඔබේ විකුණුම් දක්ෂතාව මත තව තවත් ඉහල අගයක් ගනී.
Welder
පෑස්සුම් කරුවකු ලෙස විදේශ ගතව රැකියාවක් කරන්න අදහසක් තිබෙන ඔබට එන්න සුදුසුම විදේශීය රට කැනඩාවයි. කැනඩාවේ ඉහල ඉල්ලුමක් තිබෙන රැකියා අතරින් තවත් එක් රැකියාවක් වන පෑස්සුම් කරු රැකියාව ඉහල වැටුපක් ලබා ගත හැකි රැකියාවකි. පෑස්සුම් කරුවකු ලෙස කැනඩාවට රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වසරකට කැනේඩියන් ඩොලර් 40 000 කට වඩා ඉහල වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබ රැකියාව කරන කාලය සහ දක්ෂතාව මත එම වැටුප ඉහල යා හැක.
Registered nurse
හෙද සේවයට අති විශාල ඉල්ලුමක් තිබෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. විදේශීය හෙද සේවක සේවිකාවන් රැසක් දැනටමත් කැනඩාවේ සේවයේ නිරත වූවත් තව තවත් ඉහල ඉල්ලුමක් තිබෙන රැකියා අතර ඉහලම තැනක් උසුලන්නේ මෙම හෙද සේවයයි. ඉහල ඉල්ලුමටම පමනක් සීමා නොවී ඉතා ඉහල වැටුපකටද මේ රටේ හෙද සේවය උරුමකම් කියයි. හෙද සේවයට රැකියාවට කැනඩාවට ඒමට බලාපොරොත්තුව සිටින විදේශීය ඔබට හෙද සේවය මගින් වසරකට කැනේඩියානු ඩොලර් 76 000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබගේ සුදුසුකම් සහ උසස් වීම් / දක්ෂතාවය මත මෙම වැටුප් අනුපාතය ඉහල අගයක් ගනී.
Receptionist

බොහෝ රටවල විශේෂ ලෙස සලකන රැකියාවක් නොවුනත් පිලිගැනීමේ නිලදාරී තනතුර කැනඩාවේ ඉහල වැටුපක් සහ ඉහල ඉල්ලුමක් තිබෙන රැකියා අතරින් එක් රැකියාවකි. යම් කිසි ආයතනයක මුලින් දැකගන්නට හැකි එකම නිලදාරියා වන පිලිගැනීමේ නිලදාරී තනතුරට ඉහල ඉල්ලුමක් ලබා දී තිබේ. පිලිගැනීමේ නිලදාරියෙකු ලෙස විදේශ ගත වීමට සිටින ඔබටත් පිලිගැනීමේ නිලදාරියෙකු ලෙස රැකියාවක් සොයන ඔබටත් වඩාත් සුදුසුම රට ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. පිලිගැනීමේ නිලදාරී ලෙස රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 31 000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබේ දක්ෂතාවය මත එම වැටුප ඉහල යා හැක.
Electrical engineer
Electrical engineer අංශය පැත්තෙන් රැකියාවක් සොයන ඔබට ඉහල වැටුපක් සහ ඉහල ඉල්ලුමක් මත කැනඩාවට යාමට ඉඩ ප්‍රස්ථාව ඇත. අනෙකුත් රටවල් වලට වඩා ඉහල වැටුපක් ලබා ගැනීමට හැකි වේ. Electrical engineer ලෙස කැනඩාවට එ්මට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 77 000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබගේ හැකියාව සහ දක්ෂතාවය මත වැටුප ඉහල යා හැක.
Business development manager
Business development manager ලෙස රැකියාවක් සොයන ඔබට එම රැකියාවට ඉහල ඉල්ලුමක් සහිත ඉහල වැටුපක් ලබා දෙන කැනඩාවට රැකියාවට ඒමට අවස්ථාව ඇත. අනෙකුත් බොහෝ රටවල් වලට සාපේක්ෂව බලන විට Business development manager රැකියාවක් සොයන ඔබට ඉහල වැටුපක් ලබා දෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. Business development manager ලෙස කැනඩාවේ රැකියාවට එන ඔබට වසරකට කැනේඩියන් ඩොලර් 85 000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව ඇති අතර ඔබගේ උසස් වීම් මත සහ දක්ෂතාව මත ඔබට මීට වඩා ඉහල වැටුපක් ලබා ගැනීමට හැකියාව ඇත.
Accountant
කැනඩාවේ ඉහලම ඉල්ලුමක් තියෙන රැකියා අතරින් ප්‍රධානම තැනක් ගන්න රැකියාවක් ලෙස Accountant හදුන්වන්න පුළුවන්. Accountant කෙනෙක් ලෙස කැනඩාවට රැකියාවට එන ඔබට වාර්ෂිකව කැනේඩියානු ඩොලර් 57 000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබේ. ඔබගේ හැකියාව සහ දක්ෂතාව මත ඔබට ඉහල වැටුපක් ලබා ගැනීමට හැකියාව ඇත. Accountant කෙනෙක් ලෙස දැනටමත් රැකියාව කරන ලාංකික ඔබට ඉහල ඉල්ලුමක හැකියාව මත රැකියාවක් කිරීමට සුදුසුම රටකි මේ කැනඩාව.
HR manager
ලොව පුරා විහිදුනු ශාඛා රැසක් සමග කැනඩාවේ දැනට ප්‍රසිද්ධ සහ පිළිගත් ආයතන රැසක් තිබේ. ඔබගේ හැකියාව මත ඔබට සාමාන්‍ය වැටුපකට වඩා ඉහල හොද වැටුපක් ලබා ගැනීමට හැකිවේ. HR manager ලෙස කැනඩාවට රැකියාවට යන ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 77 000 කට වඩා අධික වැටුපක් ලබා ගත හැකි අතර ඔබේ හැකියාව සහ දක්ෂතාව මත මීට වඩා ඉහල වැටුපක් ලබා ගත හැකි වේ.

Web developer
ඉහල ඉල්ලුම සමගම ඉහල වැටුපක් සහිත රැකියාවක් සොයන ඔබට සුදුසුම රැකියාව ලෙස Web developer රැකියාව හදුන්වන්න පුළුවන්.ඔබ Web developer වලට දක්ෂ අයෙකු නම් ඔබට ඉහල වැටුපකට සුදුසුම රැකියාවයි මේ. Web developer රැකියාවට කැනඩාවට පැමිනෙන ඔබට වසරකට කැනේඩියන් ඩොලර් 62 000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකි අතර ඔබේ සුදුසුකම් සහ දක්ෂතා මත එම වැටුපට වඩා ඉහල වැටුපක් ලබා ගත හැක.
Financial advisor
ඔබ Financial advisor අංශයේ දක්ෂයකු නම් ඔබේ රැකියාවට සහ හැකියාවට ඉහල ඉල්ලුමක් තිබෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. දැනට විදේශිකයන් විශාල වශයෙන් සේවය කරන කැනඩාවේ Financial advisor අංශයේ සේවය කර ඉහල වැටුපක් ලැබෙන අතරම එම වැටුප ඔබේ දක්ෂතාව මත ඉහල යාමට ඉඩ තිබේ.
Project manager
ආයතනික මට්ටමින් ඉහල තැනක් උසුලන ආයතන බොහෝමයක් කැනඩාව සතුව තිබේ.විදේශිකයන් බොහෝ දෙනෙක් මෙහි සේවය කරන අතර තවත් බොහෝ විදේශිකයන් පිරිසක් කැනඩාවට රැකියාවට ඒමට අපේක්ෂාවෙන් සිටියි. කැනඩාවේ ඉහල ඉල්ලුමක් තිබෙන රැකියා අතරින් එකක් ලෙස Project manager රැකියාව හැදින්විය හැකි අතර ඉහල ඉල්ලුමක් මෙන්ම ඉහල වැටුපක්ද Project manager රැකියාවෙන් ලබා ගත හැක.කැනඩාවට Project manager කෙනෙක් ලෙස රැකියාවට පැමිනෙන ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 90 000 කට වඩා ඉහල වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබගේ හැකියාව සහ දක්ෂතාව මත එම වැටුප තව තවත් ඉහල නංවා ගත හැක.
General laborer
සාමාන්‍ය කම්කරුවාගේ සිට අනෙකුත් සෑම කෙනෙකුටම සමාන ලෙස සමව සලකන සම පිලිගැනීමක් තිබෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. General laborer අංශයේ විදේශීය රැකියාවක් සොයන ඔබට General laborer රැකියාව සදහා ඉහල ඉල්ලුමක් සේම ඉහල වැටුපක් ලබා ගත හැක. කැනඩාවට General laborer කෙනෙකු ලෙස රැකියාවට එන ඔබට වසරකට කැනේඩියන් ඩොලර් 29 000 කට වඩා අධික වැටුපක් වැටුපක් ලබා ගත හැකි අතර ඔබගේ හැකියාව මත එම වැටුප ඉහල නංවා ගත හැක.
Heavy duty mechanic
දහස් ගනනකින් විදේශයන් ගනනාවකින් විදේශිකයන් බොහෝ පිරිසක් රැකියා සොයා එන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්.කැනඩාවේ Heavy duty mechanic අංශයේ රැකියාවක් සොයන ඔබට ඉහල වැටුපක් ලබා ගැනීමට හැකි වනවා සේම Heavy duty mechanic අංශයේ සේවය කැනඩාවේ ඉහලම ඉල්ලුමක් තිබෙන රැකියා අතරින් එකක් වේ. Heavy duty mechanic වරයකු ලෙස කැනඩාවට රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වසරකට කැනේඩියන් ඩොලර් 70 000 කට අධික වැටුපක් ලබා ගැනීමට හැකි අතර ඔබේ හැකියාව මත ඔබේ එම වැටුප තව තවත් ඉහල යාමට ඉඩ තිබේ.
Merchandiser
Merchandiser අංශයේ රැකියාවක් සොයන ඔබට ඉහල වැටුපක් සහ ඉහල ඉල්ලුමක් තිබෙන රැකියාවක් කරන්නට සුදුසුම රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. ඉහල වැටුපක් සේම ඉහල ඉල්ලුමක් තිබෙන රැකියා අතරින් තවත් එක් රැකියාවක් ලෙස Merchandiser හදුන්වන්න පුළුවන්. කැනඩාවට Merchandiser අංශයෙන් රැකියාවට එන ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 48 000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව ඇති අතර ඔබේ හැකියාව මත මෙම වැටුප වෙනස් වේ.
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings