තමන්ගේම කියලා වාහනයක් ගන්නවා කියන්නේ ඉතින් හැමෝටම වගේ තියෙන හීනයක්. ලංකාවේදී නම් ඉතින් හැම කෙනෙක්ටම මේ හීනය හැබෑ කරගන්න අමාරුයි. විශේෂයෙන්ම ටිකක් හොඳ වාහනයක් ගන්නවා කියන්නේ අපේ රටේ ගොඩ දෙනෙක්ට ජිවිත කාලෙටම කරගන්න ලැබෙන්නේ නැති වැඩක්. හැබැයි ඉතින් ඔයා කැනඩාවට ආවොත් නම් මේ කතාව වෙනස් වෙනවා. මොකද කැනඩාවේදී ඔයාල ලංකාවේ ගන්න හිතන්නවත් බැරි වාහන ඉතාම අඩු ගානකට ගන්න පුළුවන්. කොටින්ම ඔයා කැනඩාවට අලුතෙන්ම ආව කෙනෙක් උනත් වාහනයක් ගන්නවා කියන්නේ අවුරුදු ගණන් බලන් ඉන්න වෙන වැඩක් නෙවෙයි. සාමන්‍යයෙන් කැනඩාවේදී ඔයාට ඩොලර් 1000 වගේ ඉඳල හොඳ තත්වයේ තියෙන පාවිච්චි කරපු වහනයක් මිලදීගන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් ඉතින් අලුත්ම එකක් උනත් ලංකාවට වඩා ගොඩක් අඩුවෙන් ගන්න බැරි නැහැ.
ඉතින් කැනඩාවට අලුත් එන්න බලාගෙන ඉන්න අයට කැනඩාවට ඇවිත් වාහනයක් ගන්නේ කොහොමද, මොන වගේ ලියකියවිලිද අවශ්‍ය වෙන්නේ, මොන වගේ කරුණු ගැනද අවධානය යොමු කරන්න ඕනේ වගේ වැදගත් දේවල් ටිකක් මේ ලිපියෙන් අපි කතා කරනවා. ඉතින් ඔයත් කැනඩාවට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් හරි ලඟදි කැනඩාවට එන්න ඉන්න කෙනෙක් නම් මේ ලිපිය වගේම අපේ අනිත් ලිපිත් කියවන්න අමතක කරන්න එපා.
කැනඩාවේදී වාහනයක් තියෙන්නම ඕනෙද?
සරවම කෙලින්ම කියනව ඔව්. කැනඩාව කියන්නේ ලෝකයේ දියුණුම සහ කාර්යක්ෂමම පොදු ප්‍රවාහන සේවයක් තියෙන රටක් උනත් ඔයාට අනිවාර්යෙන්ම පුද්ගලික පාවිච්චියට වාහනයක් තියෙන එක අත්‍යාවශ්‍ය වෙනවා. ආව මුල් දවස් වල පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න පුළුවන් උනත් ඔයා රැකියාවකට යද්දී සහ විශ්විවිද්‍යාලයට යනකොට ඉතින් ඉක්මනින් වෙලාවට යන්න නම් තමන්ගේම කියලා වාහනයක් අවශ්‍යයි. ඒ වගේම තමයි කැනඩාවේ සමහර ප්‍රදේශ වලට අධික හිම පතනයන් ඇති වෙනවා. ඉතින් මේ විදිහට හිම වැටෙන කාලට පොදු ප්‍රවාහන සේවා හෝ ටැක්සි සේවා භාවිතා කරන එක ටිකක් ප්‍රයෝගික නැහැ. මේ නිසා ඉතීම් කැනඩාවට අලුතෙන් එන හැමෝම වගේ මාස කිහිපයකින් තමන්ගේම කියලා වාහනයක් ගන්න ගොඩක් වෙලාවට කටයුතු කරනවා.

කොහොමද හොඳ වාහනයක් හොයාගන්නේ?
ලංකාවේ ikman.lk එකෙන් වාහන හොයාගන්නවා වගේ කැනඩාවේදීත් ඔයාලට Facebook Marketplace එක හෝ Kijiji, Car gurus, Autotraders.ca වගේ වෙබ් අඩවියක් භාවිතා කරලා ලේසියෙන්ම පාවිච්චි කරපු වාහනයක් හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාහන Dealership එකකට ගිහිනුත් වාහනයක් හොයාගන්න පුළුවන්. හැබැයි මේ විදිහට dealer කෙනෙක් හරහා වාහනේ මිලදී ගන්නකොට පුද්ගලිකව විකුණන කෙනෙක් හරහා ගන්නවට වඩා ටිකක් වැඩි මුදලක් වැය වෙනවා. මේ නිසා ඉතින් හොඳම දේ අපි කිව්වා වෙබ් අඩවියකින් වාහන කිහිපයක් බලලා හොඳට වාහන ගැන දන්නා කෙනෙක් එක්ක ගිහින් පරික්ෂා කරලා වාහනයක් ගන්න එක තමයි.
Registration එක කරගන්නේ කොහොමද?
වාහනයක් රෙජිස්ටර් කරගන්න පිළිවෙල නම් ඔයා ඉන්න පළාත අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ඔයා වාහනේ ඔයාගේ නමට රෙජිස්ටර් කරද්දී රජයට වාහනයේ වටිනාකමින් යම් ප්‍රතිශතයක් බද්දක් විදිහට ගෙවන්න ඕනේ. මේ බද්ද 5% ඉඳල 15% විතර වෙනකල් තියෙනව. ඉඔයා ඉන්න පළාත අනුව මේ බද්ද කීයක්ද කියන එක තීරණය වෙනවා. ඒ වගේම ඔයාට අනිවාර්යෙන්ම ඉන්ෂුරන්ස් එකක් සහ ලයිසන් එක තියෙන්න ඕනේ.
ඉතින් ඔයා මොකක් හරි වාහනයක් ගන්න තීරණය කරනවා නම් ඒ වාහනයට ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඉන්ශුරන්ෂ් quote එකක් ගන්න ඕනේ. මේක නම් අන්තර්ජාලය හරහා උනත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක්ට කෝල් කරලත quote එකක් ගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි ඉන්ෂුරන්ස් quote එකක් ගන්න ඔයාට අනිවරෙය්න්ම කැනඩා රියදුරු බලපත්‍රය අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ලයිසන් Type එක සහ ඔයාගේ Driving experience වගේ සාධක එක්ක Insurance එකේ ගාන වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා තෝරාගන්න ඉන්ෂුරන්ස් කම්පැනි එක අනුවත් ඉතින් ගාන එහෙ මෙහෙ වෙන්න පුළුවන්.
ඔයා පුද්ගලික විකුණුම්කරුවෙක්ගෙන් නැතුව Dealer කෙනෙක් හරහා නම් වාහනේ ගන්නේ රෙජිස්ටර් කරන වැඩ කටයුතු ගොඩක් වෙලාවට එයාල කරලා දෙනවා.

වියදම් මොනවද?
කලින් අපි කිව්වා වගේ වාහනයක් ගද්දි ඔයා අනිවාර්යෙන්ම රජයට බදු ගෙවන්න ඕනේ. තව ඔයා ඉන්න පළාත අනුව සමහර දේවල් කරන්න තව අමතර වියදම් යන්න පුළුවන්. ඒ වගේම වාහනේ ගත්තට පස්සේ ඉන්ෂුරන්ස් එකටත් මාසිකව සැලකියයුතු ගානක් ගෙවන්න වෙනවා. තෙල් වලටත් ඔයා වාහනේ භාවිතා කරන විදිහ අනුව තමයි ඉතින් වියදම් යන්නේ. හැබැයි සාපේක්ෂව කැනඩාවේදී වාහන වලට තෙල් ගහන්න ලොකු වියදමක් යන්නේ නැහැ.
වාහනයක් තොරගද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු?
ඔයා ගන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නම් ඉතින් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න දෙයක් නැහැ. හැබැයි කැනඩාවේ නෙවෙයි ඉතින් ලෝකේ කොහේ උනත් පාවිච්චි කරපු වාහනයක් ගද්දි අනිවාර්යෙන්ම ගොඩක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මුලින්ම බලන්න ඕනේ ඔයා ගෙවන ගානට ඔයා ගන්න වාහනේ වටිනවද කියන එක. හැබැයි ගොඩක් දුරට කැනඩාවේ තියෙන පාවිච්චි කරපු වාහන උනත් ඉතාම හොඳ තත්වයෙන් තියෙනවා. හැබැයි ගන්න කලින් වාහනේ හොඳට පරික්ෂා කරලා බලන්න අමතක කරන්න එපා. මේකට ඔයාට Carfax කියන සේවාව භාවිතා කරන්න පුළුවන්. Carfax කියන්නේ කැනඩාවේ තියෙන වාහන වල History එක ගැන වාර්තා ලබා දෙන සේවාවක්. මේකෙන් ඔයාට වාහනේ සම්පුර්ණ කිලෝමීටර් ගාන, කලින් අනතුරු වෙලා තියෙනවද, හොරකම් කරලා තියෙනවද වගේ දේවල් තියෙන සම්පුර්ණ වාර්තාවක් ගන්න පුළුවන්.
අනිත් විශේෂම දේ තමයි ඔයාගේ බජට් එක සහ ඔයාට වාහනේ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ගැන හොඳ අවබෝධයක් ඇතුව වාහනයක් තෝරාගන්න. මොකද ඉතින් ආපු අලුතම ටිකක් හොඳ වාහනේකට යන්න අමාරු වෙන්න පුළුවන් විශේෂයෙන් ඉගෙනගන්න එන කෙනෙක්ට එහෙම.
ඒ වගේම වාහනේ විකුනද්දී ඔයාට ලබාදෙන දේවල් මොනවද කියලත් බලන්න. මොකද කැනඩාවේ සීත කාලෙට වාහන පදවද්දී වෙනම winter tyres කියලා වෙනම ටයර් එකක් එහෙම දාන්න ඕනේ. ඉතින් ඔයාට වාහනේ විකුණන කෙනා මේ දේවල් නැතුව නම් වාහනේ දෙන්නේ ඒවා වෙනම මිලදීගන්න ඔයාට සිදු වෙනවා.
ඉන්ෂුරන්ස් එක දානකොටත් දකින පලවෙනිම කම්පැනි එකට යන්නේ නැතුව කම්පැනි කිහිපයක් අරගෙන compare කරලා බලලා ඔයාට වැඩියෙන්ම වාසිදායක insurance එක තෝරාගන්න.

Cash ද lease ද
කැනඩාවේ වාහනයක් ගන්න ක්‍රම තුනක් තියෙනවා. පලවෙනි එක තමයි cash. ඒ කිව්වේ ඉතින් සල්ලි ඔක්කොම එකවර ගෙවල ගන්න එක. දෙවෙනි ක්‍රමේ ෆිනෑන්ස් කරලා ගන්න එක. මෙතනදී වෙන්නේ ඔයා යම්කිසි මුදලක් මුලින් ගෙවලා ඉතුරු ටික වාරික විදිහට ගෙවන්න ගන්න එක. හැබැයි මෙතනදී වාහනේ හිමිකාරිත්වය තියෙන්නේ ඔයාට. ඒ කියන්නේ ඔයාගේ ඉතුරු මුදල ගෙවිල ඉවර උනාම වාහනේ අයිතිය තියෙන්නේ ඔයාට. හතුන් වෙනි ක්‍රමේ තමයි lease කරල වාහනයක් ගන්න එක. මෙතනදී වෙන්නේ ඔයා වාහනේ බද්දට ගන්න එක. එතකොට ඉතින් අදාළ කාලසීමාව ඉවර උනාට පස්සේ වාහනේ සමාගමට බාර දෙන්න ඕනේ. එතකොට ඒ වාහනෙම ආපහු ගන්න නම් වැඩිපුර මුදලක් ගෙවන්න සිදු වෙනවා. හැබැයි ඉතින් කැනඩාවේ finance එකක් හෝ lease එකක් දාන්න Credit history එක ඔයාගේ වැටුප ආදායම වගේ ඒවා බලනව. ඒ නිසා අලුතෙන්ම ආපු කෙනෙක්ට ඉතින් Cash දීල තමයි වාහනයක් ගන්න වෙන්නේ.
මේ ඔක්කොම කරලා වාහනයක් ගත්තට පස්සේ ඉතින් බොහොම පරිස්සමට වාහනේ පදවන්නත් අමතක කරන්න එපා. මොකද ඉතින් ඔයා අනතුරකට ලක් වෙනවා කියන්නේ ජිවිතයට බලපෑමක් වෙන්න පුළුවන් වගේම ඊළඟ අවුරුද්දේ ඉන්ෂුරන්ස් එකේ ගාන වැඩි වෙන්නත් පුළුවන්.
ඔයා කැනඩාවට එන්න ඉන්න කෙනෙක් නම් මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි හිතනවා. කොහොම උනත් ඉතින් වාහනයක් ගන්න අනිවාර්යෙන්ම කැනඩා රියදුරු බලපත්‍රය තියෙන්න ඕනේ. ඒ ගැන අපි මීට කලින් ලිපියේ කතා කරා. ඒකත් අනිවාර්යෙන්ම කියවන්න කියලා ආරාධනා කරනවා.
GIPHY App Key not set. Please check settings