ශ්‍රී ලංකාවෙන් පිටතට ගිහින් ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපන හදාරන්නට, ප්‍රසිද්ධ ආයතනයක රැකියාවක් කරන්න ලාංකික බොහෝ දෙනා කැමතියි. ගොඩක් තරුණ තරුණියන්ගේ අනාගත බලාපොරොත්තුවත් ඒ්කමයි. ඉතිං මෙසේ උසස් අධ්‍යාපනයට හෝ රැකියාවට කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට විශේෂ වැදගත් ලිපියකි මේ. කැනඩාවේ උසස් අධ්‍යාපනයට යාමට සිටින ඔබට කැනඩාවේ ඉල්ලුමක් තිබෙන විශ්ව විද්‍යාල රැසක් සහ අවම මුදලකින් ඉහළ වටිනා කමක් තිබෙන උසස් අධ්‍යාපන පාඨමාලා රැසක් විවෘතව තිබෙනවා. කැනඩාවේ තිබෙන විශ්ව විද්‍යාල අතරින් බොහොමයක් පාඨමාලා වලට සම්බන්ධ වීමට කැමති තෝරා ගත් සිසුන්ට කැනඩාවට යාමට අවශ්‍ය වීසා එකේ සිට සියලුම සේවාවන් වලට උදව් උපකාර ලබා දෙනවා. මේ ලෙස කැනඩාවට උසස් අධ්‍යාපනය සඳහා යන ඔබට එහි අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති නම් පමණක් ස්ථීර පදිංචියට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ මේ වර්ථමානය වන විට බොහෝ පිරිසක් විදෙස් රැකියා වලට ගොස් තම ජීවන වියදම සොයා ගන්න යොමු වෙලා තිබෙනවා. ලංකාවේ සිට විදෙස් රටකට සේවයට, රැකියාවට යනවා නම් ඒ සඳහා ලොකු වියදමක් වැය වන බව ඔබ දැනටමත් හොඳින් දන්නා කරුණක්. විදෙස් රැකියා අවස්ථාවකට යාමට ඔබට මුදල් අනුපාත එක් රටකින් තවත් රටකට එකිනෙකට වෙනස් වේ.
කැනඩාවට රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ද ඔබේ මුදල් වියදම් කර නීත්‍යානුකූලව කැනඩාවට යාමට විවිධ මාර්ග රැසක් තිබෙනවා.එලෙසම විදෙස් රටවල් වල රැකියා අවස්ථා ලබා දෙන බව කියා මිනිසුන්ගේ මුදල් වංචනික ලෙස සොරා ගන්නා හොර පිරිසක් ද වර්ථමාන සමාජයේ බහුලව දක්නට ලැබෙනවා. දුගී දුප්පත් සේම මධ්‍යම පාන්තික ශ්‍රී ලාංකික මිනිසුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කැනඩාව වගේ ලස්සන රටක රැකියාවට යන්න තමන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කල යුතුද කියන එක.නිසැකවම කැනඩාවට යාමට ගොඩක් මිල මුදල් තිබෙන්නම ඕනිද? ඔබට සිතෙන්නේ කොහොමද ? ඇත්තෙන්ම ඔබට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නම් ඔබට කැනඩාවට මුදල් ගෙවා රැකියාවට යාමට තරම් විවිධ නීත්‍යානුකූල මාර්ග රැසක් වර්ථමාන සමාජයේ බිහිව තිබෙනවා. නමුත් ඔබ දැනට මේ සුන්දර කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙකු හෝ තරුණියක් නම් ඔබට කිසිම මුදලක් වියදම් නොකර කැනඩාවට යාමට මාර්ග රැසක් කැනඩාවේ තිබෙනවා. ඒ අවස්ථාව උදා කරගෙන කිසිම මුදලක් වියදම් නොකර කැනඩාවට යාමට ඔබට හැකියාව තිබෙනවා. නමුත් ඔබට ඒ වෙනුවෙන් මදක් කැප වෙන්න සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ඔබට රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් දැනට අහිමිව තිබෙනවා විය හැකියි. ඒ නිසා ඔබට ඔබේ කැනඩාවේ රැකියා සිහිනය ඔබේ සිතෙන් ඉවත් කර ගන්නට සිදු වන්නේ නැහැ. ඔබට රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ගන්න වරම් නොලැබුනත් ඔබට ඉහළ පිළිගත් ආයතනයකින් ඔබේ උපාධිය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ ලෙස ඔබ ලබා ගන්නා උපාධිය මගින් සහ ලංකාවේ සිටියදී ම ඔබ කැනඩාවේ අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන රැකියා අංශයෙන් ම සාමාන්‍ය හෝ රැකියාවක් කර ලබා ගන්නා රැකියා පළපුරුද්ද උපකාර කර ගෙන කැනඩාවේ රැකියාවට යාමට හැකියාව තිබෙනවා. තමන්ගේ අධ්‍යාපන හැකියාව වර්ධනය කර ගෙන එම මාර්ගයෙන් කැනඩාවට යාමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ ලෙස ඔබට කැනඩාවට යාමට කිසිම මුදලක් වැය වන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයකින් ලබා ගත් උපාධි සහතිකයක් සතු ඔබට, ඔබ රැකියාව ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වෙන රැකියා අංශයෙන් අවම වශයෙන් වසරක රැකියා පලපුරුද්ද තිබෙන ඔබට කිසිම මුදලක් වැය නොකර නීත්‍යානුකූලව කැනඩාවට යාමට විශේෂ මාර්ගයක් තිබෙනවා. එයට ඔබ කල යුත්තේ ඔබගේ දක්ෂතා සහ අධ්‍යාපන සුදුසුකම්, රැකියා පලපුරුද්ද ඉදිරිපත් කරමින් කැනඩාවේ ඔබ රැකියාව ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන අංශ වල ආයතන වලට අන්තරජාලය ඔස්සේ ඉල්ලුම් කිරීමයි. මේ ලෙස ඔබට අවශ්‍ය අංශයෙන් රැකියාවකට ඉල්ලුම් කිරීමට අවශ්‍ය නම් ඔබට කැනඩාවේ ඔබ රැකියාව ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබම තෝරා ගත් ආයතනය වල වෙබ් අඩවි භාවිතා කරමින් බොහෝ විට ඔබට රැකියා වලට අයදුම් කල හැකියි. ඔබ සැබැවින්ම දක්ෂතා තිබෙන අයෙකු නම්, ඔබේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ මට්ටමක තිබෙනවා නම්,ඔබට කැනඩාවට රැකියාවට යාමට කිසිම මුදලක් වැය වන්නේ නැහැ.ඔබ එම අදාල ආයතනයට ලබා දෙන්නට සිටින සේවාවන් ගැන ඔවුන් සතුටු වෙනවා නම්, ඔබගේ සේවාවේ වටිනාකමක් ඔවුන්ට දැනෙනවා නම් ඔවුන් ඔවුන්ගේ ආයතනික වියදමින් ඔබව කැනඩාවට රැකියාවට ගෙන්වා ගැනීමට ඔවුන් සූදානමින් සිටිනවා.

මේ පහසු මාර්ගයෙන් ඔබට කැනඩාවට කිසිම මුදලක් වැය නොකර නීත්‍යානුකූලව කැනඩාවේ රැකියාවකට යාමට හැකියාව තිබෙනවා. නමුත් මේ ලෙස කිසිම මුදලක් වැය නොකර කැනඩාවට යාමට නම් ඔබ ඔබේ දක්ෂතා දිනෙන් දින වර්ධනය කර ගත යුතුයි. එයට හේතුව ඔබ මෙන් සිය දහස් ගනනක් දිනෙන් දින එම ආයතන වල නව අංශ වල රැකියා රැසකට අයදුම් කිරීම සිදු කරනවා.ඒ ලෙස විදේශිකයන් ගෙන් රැකියා වලට අයදුම් කරන අයදුම් කරුවන් සියල්ලන්ම දැනුමෙන් දක්ෂ අය මෙන්ම අධ්‍යාපන මට්ටමින් උසස් මට්ටමක සහ රැකියා පලපුරුද්ද අතින් මනා පලපුරුද්දක් තිබෙන ඉතා දක්ෂ අයදුම්කරුවනුයි. මේ ලෙස කැනඩාවේ ආයතන වල රැකියා වලට අයදුම් කරන ඔබ එම ආයතනයට ලබා දෙන සේවාව ඉතා වටිනා සේම එම අදාල ආයතනයට ඔබේ සේවාවේ අගය දනවන ලෙස අයදුම් කිරීමට නම් ඔබ සැබැවින්ම දක්ෂ විය යුතුයි. නමුත් ඔබ ඔබේ දැනුම වර්ධනය කර ගැනීමෙන් ඔබට කිසිම මුදල් වැය නොකර කැනඩාවට රැකියාවට යාමට හැකියාව තිබෙනවා. එයට හේතුව වන්නේ ඔබ එම අදාල ආයතනයට සපයන්න බලාපොරොත්තු වෙන සේවාවේ වටිනාකම ඔවුන්ට දැනෙනවා නම් එම ආයතනයේ වියදමෙන් ඔබව කැනඩාවට ගෙන්වා ගැනීමට එම ආයතන සූදානමින් සිටිනවා. මේ ලෙස කැපවීම මගින් ඔබ ඔබේ දක්ෂතා සහ අධ්‍යාපන මට්ටම වර්ධනය කර ගැනීමෙන් කිසිම මුදල් වැය නොකර නීත්‍යානුකූලව කැනඩාවට රැකියාවට යාමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව තිබෙනවා.
කැනඩාවට රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට නීත්‍යානුකූලව කැනඩාවට යාමට කිසිම මුදලක් වැය කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබට අවශ්‍ය වන්නේ ඔබේ හැකියාව සහ දැනුම වර්ධනය කර ගනිමින් ඔබේ දක්ෂතා වර්ධනය කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ සිටින ඔබට ඔබ රැකියාව කරන්න බලාපොරොත්තු වෙන රැකියා අංශයෙන් අවම වැටුපකට හෝ රැකියාව කර ඔබේ රැකියා පලපුරුද්ද ලබා ගත හැකියි. ඔබ ඔබේ කැපවීම මගින් මේ සියලුම දේ රැස් කර ඉතා දක්ෂ ලෙස කැනඩාවේ රැකියාවට අයදුම් කර එම ආයතනයෙහි වියදමින්ම ඔබේ කැනඩාවේ රැකියා සිහිනය සැබෑ කර ගනිමින් කිසිම මුදල් වැය නොකර කැනඩාවේ රැකියා සිහිනය සැබෑ කර ගත හැකියි.
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings