කැනඩාවට එන්නට පෙරුම් පුරණ සෑහෙන පිරිසක් Work permit ලබා ගැනීමට උත්සාහ කරන බව අපි දන්නවා . මුලින්ම කියන්න ඕන එය ඒතරම්ම පහසු කාර්යයක් නොවන බව. කෙසේ වෙතත්, ඔබට පුංචි උපදෙසක් දෙන්න කැමැතියි.
මුලින්ම , ඔබට LinkedIn ගිණුමක් නැත්නම් එය තනා ගන්න. නිකම් ෆේස්බුක් ගිණුම වගේ නැතිව , ඔබේ වෘත්තිය , රැකියාව ඉලක්ක කරගෙන එයට තොරතුරු එකතු කරන්න. ඔබ , ඔබේ ක්ෂේත්‍රය තුල කෙතරම් පරිණත , අත්දැකීම්ලත් අයෙක්ද යන්න පැහැදිලි වන ආකාරයට එම තොරතුරු සකසන්න. ඔබේ පර්යේෂණ , විශේෂ ව්‍යාපෘති , ආදිය උපාධී තොරතුරු වගේම වැදගත්වෙනවා.
දැන් , indeed , jobbank.gc.ca monster.ca විමර්ශණය කරමින් , ඔබට අදාල රැකියා සඳහා පුරප්පාඩු කැඳවන ආයතන පිළිබඳව හඳුනාගන්න. බොහෝ විට ප්‍රධාන නගර වලට වඩා නගරයෙන් ටිකක් දුර , හෝ කුඩා නගර ආශ්‍රිත ආයතන වලට වැඩි අවධානය යොමු කරන්න. දැන් හදුනගත් තෝරා ගත් ආයතන පිළිබඳ තව දුරටත් විමර්ශණය කරමින් අදාල ආයතන වල නිළධාරින් , විධායක නිළධාරින් LinkedIn ඔස්සේ සම්බන්ධ කරගන්න . එම ආයතන වල ගිණුම් වලට එකතු වන්න. ටික කළක් අදාල ආයතන වල පුරප්පාඩු , සහ හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කර , නිකුත් කරන රැකියා පුරප්පාඩු සඳහා , රැකියාවට ගැලපෙන ලෙස රිසියුමිය වෙනස් කරමින් ඉල්ලුම්පත් යොමු කරන්න එහිදී, රැකියා පුරප්පාඩු වේ ඇති ප්‍රධාන වචන , විශේෂීත පද කෙරේ වැඩි අවධානය යොමු කර රිසියුමිය සකසන්න.
පොඩි උපක්‍රමශීලී පියවරක් ගන්න , එනම් ඔවුන් මීට පෙර LMIA නිකුත් කර තිබෙන බව දැන ගන්නට ලැබුණී නම් , මෙවර රැකියා පුරප්පාඩුව සඳහා LMIA ලබා දෙන බව සඳහන් කර නොතිබුණද ඉල්ලුම් කරන්න. ඔබට වැය වන්නේ ඊමේලයක් සඳහා යන data ප්‍රමාණය පමණි. නමුත් අදාල රැකියාව සඳහා කැනඩාව තුලින් ඉල්ලුම්කරුවෙක් සොයා ගැනීමට නොහැකි වී නම් ඔවුන්ගේ ඊළඟ පියවර LMIA සඳහා යාමයි. එසේ වුවහොත් , ඔබේ ඉල්ලුම්පතට වැඩි අවධානයක් ලැබෙන්නට ඉඩ ඇත. මක් නිසාද ඔබ , එම ආයතනයට එක්වීමට දරණ උනන්දුව , රැකියාව සඳහා කැනඩාවෙන් කෙනෙක් සොයා ගැනීමට නොහැකිවීම සහ LinkedIn ඔස්සේ ඔබ සහ ඔබේ දක්ෂතා පිළිබඳ යම් අවබෝධයක් ඔවුන් සතුව තිබීමයි.
මේ අපි කිව්වේ පොඩි ටිප්ස් ටිකක් විතරයි. ඒ නිසා මෙහෙම කරොත් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා කියලා හිතන්න එපා. හැබැයි උත්සාහය අතාරින්නත් එපා. සමහරවිට මේ දේවල් කරලා බැලුවොත් ඔබට වාසනාව තියෙනවා නම් කැනඩාවේ රැකියා සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි.
Original Post Credit – කැනඩාවට එන්නට මග SLtoCanada FB Group
GIPHY App Key not set. Please check settings