in

කැනඩාවට Study Permit ලැබෙන තරමට Work Permit ලැබෙන්නේ නැත්තේ ඇයි?

කැනඩාවේ අධ්‍යාපන කටයුතු වලට පිටත් වෙන පිරිස තරම් කැනඩාවේ රැකියා සඳහා යන අය නැත්තේ ඇයි කියන එක ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක්. මේ නිසාම සමහරු හිතාගෙන ඉන්නේ කැනඩාව කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට විතරක් යන්න පුළුවන් රටක් කියලා. හැබැයි ඇත්තටම කැනඩාව කියන්නේ ස්ටුඩන්ට්ලට විතරක් යන්න නෙවේ Work කරන්න උනත් යන්න පුළුවන් රටක්. හැබැයි Study Permit වලට සාපේක්ෂව බලනකොට කැනඩාවේ Work Permit ලැබෙන පිරිස ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ ගැන තමයි අද ලිපියෙන් කතා කරන්නේ.

ඇයි Study Permit වලටම PPR එන්නේ?

කැනඩාවට එන්නට යම් සංක්‍රමණික ක්‍රියාවලියක ඉන්න අයෙක්ට, එය සාර්ථක වුනාම PPR (passport request) එක ලැබීම, අදාල ක්‍රියාවලියේ අවසන් පියවර කිහිපය තුල සිදුවන්‍නක්. ඒ ඔස්සේ සිදුවන්නේ, අදාල ඉල්ලුම්පතට අනුකූලව ඉල්ලුම්කරුට, කැනඩාවට “නීත්‍යානුකූලව ඇතුළු වීමට” අවශ්‍ය අවසරය වන “වීසා” බලපත්‍රය එම පාස්පෝට් ‍එකේ සටහන් කිරීම සහ ඊට පෙර විමසිය යුතු තවත් තොරුතුරු කිහිපයක් විමර්ශණය කිරීම. ඒ කියන්නේ PPR එක එනවා කියන්නේ, “හුඟක් දුරට” වැඩේ සාර්ථකයි.

නමුත් PPR ලැබීම ඔබට කැනඩාවට “නීත්‍යානුකූලව ඇතුල්වීමට” අවශ්‍ය අවසන් පියවර නොවන බව මතක තබා ගන්න. PPR ලැබී, වීසා නොලැබුණු, වීසා ලැබී කැනඩාව තුලදී අදාල පර්මිට් නොලැබුණු, වීසා ලැබී කැනඩාවේ ගුවන් තොටුපලේදී නැවත හැරී ගිය අය ගැනත් අපිට අහන්න ලැබෙනවා.

ඒ නිසා, PPR ස්ටඩි වලටම විතරක් එන එකක් නොවන බව බවත් විශේෂයෙන්ම කියන්න ඕනේ. නමුත් වැඩිපුර ස්ටඩි වීසා සඳහා එන PPR දකින්නේ, එහි ඇති ඉල්ලුමේ වැඩි කම සහ කැනඩාව විදේශීය සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට( මුදලට ලබා දීමට) වැඩි කැමැත්තක් දක්වන රටක් නිසා.

ඇයි Work Permit වලට PPR හම්බෙනවා දකින්න නැත්තේ?

කලින් අපි කියපු විදිහට කැනඩාව කියන්නේ මැදපෙරදිග රටවල්, ඉතාලිය හෝ කොරියාව වගේ, රටේ සේවක පුරප්පාඩු සඳහා විදේශීකයන් බහුලව ගෙන්වන ර‍ටක් නොවේ. කැනඩාව උත්සාහ කරන්නේ රටේ තිබෙන රැකියා පුරප්පාඩු , කැනඩා රජයට බදු ගෙවන කැනඩාව තුල ජිවත් වෙන අයෙක්ට ලබා දීමටයි. ඒ සඳහා අධ්‍යාපන සුදුසුකම් ඉහළින් ඇති , අදාළ රැකියා වලට අවශ්‍ය කරන අත්දැකීම් ඇති විශාල පුද්ගලයන් ප්‍රමාණයක් කැනඩාව තුල සිටිනවා. ඒ වගේම තමයි කැනඩාව කියන්නේ බුද්ධිමතුන්, වෘත්තිකයක්, පුහුණු ශ්‍රමිකයන් බහුලව ජිවත් වෙන රටක්. ඒ නිසා, කැනඩාවේ රැකියා පුරප්පාඩුවක්, Work Permit එකක් ලෙස වෙනත් රටක පුද්ගලයෙකුට ලැබෙන්නේ ඉතාමත් කළාතුරකින්. ඉතින් මෙන්න මේ හේතුව නිසා, පොදුවේ, Work Permit සඳහා PPR ලැබෙන ප්‍රමාණය සහ අවස්ථාවන් සීමිතයි.

ඒ වගේම, Study permit වලදි, පාඨමාලා ආරම්භය වැනි තීරණාත්මක සාධක බලපාන අතර, එම තොරතුරු කැනඩා රජය සමඟ එක්ව කටයුතු කරන Designated Learning Institution (DLI) විසින් යම් සංවිධානික පිළීවෙලකට IRCC වෙත ලබා දෙනවා, සම්බන්ධතා තබා ගන්නවා. නමුත් Work Permit එකේදී , කැනඩාවේ ආයතනය විසින් ESDC වෙත කරන ඉල්ලීම් වලදී, එම රැකියාවේ අවශ්‍යතාවය සහ “හදිසිබව” පිළිබඳ කරන පැහැදිලි කිරීම් වල පිළිගත හැකි ස්වභාවය, සහ කැනඩා රජය විසින් විවිධ රැකියා සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පවත්වා ගන්නා කාලයට අදාල “සීමාවන්” නිසා, නිවැරදි ලෙස ඉල්ලුම් කළ Work Permit වලට පවා සමහර විය අනපේක්ෂිත කාලයක් බලා සිටින්නට සිදු වෙන්න පුළුවන්.

Original Post Credit – කැනඩාවට එන්නට මග SLtoCanada FB Group

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

කැනඩාවේ ගෙයක් ගන්න විදිය

දරුවන් සමඟ කැනඩාවට එන දෙමව්පියන්ට මුහුණ දෙන්නට වන ගැටළු