in

ආහාර හා සිල්ලර බඩු සාප්පු සවාරි යන ඔබට මුදල් ඉතුරු කර ගැනීමට ප්‍රායෝගික ක්‍රම 21ක්.

abstract-blur-defocused-supermarket
ආහාර කියන්නේ අපේ එදිනෙදා ජිවිතයේ අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් හැමෝම ඒ අවශ්‍යතාව සපුරා ගන්න සාප්පු සවාරි යනවා. සිල්ලර බඩු හා ආහාර තමයි නිවසක මුලික වියදම් වලින් එකක් වෙන්නේ. අපේ ළඟ තියෙන මුදලට සහ මුදල් ඉතුරු කෙරෙන විදිහට කැනඩාවේ ඉන්න ඔයා කොහොමද සාප්පු සවාරි යන්නේ? මේ ක්‍රම 21 කියෙව්වම ඔයාලට දැනගන්න පුළුවන් වේවි ඒ ගැන.

1. සිල්ලර බඩු ලැයිස්තුවක් සකස් කරන්න

ඔයා සාප්පු සවාරි යද්දී ඔයා ලග බඩු ලැයිස්තුවක් තියෙනවනම් ඔයාගේ කාලය වගේම මුදල් ඉතිරි කරගන්න පුළුවන්. මොකද අනවශ්‍ය විදිහට අපි ඇස් දෙකට දකින ඕනෙම දෙයක් හෝ ආස හිතෙන දේවල් ගන්න එක අවම කරගෙන අපිට ඕන කරන දේ පමණක් ගන්න පුළුවන් නිසා. ඒ වගේම ඔයාට අමතක වෙන දේවල් උනත් අමතක නොකර මිලදී ගන්න මේ ක්‍රමය ඔයාට උදව් කරනවා.

2. සිල්ලර බඩු මත මුදල් උපයන්න

ඔයාට පුළුවන් ඔයා මිලදී ගන්න සිල්ලර බඩු මඟින් මුදල් ලැබෙන විදිහට කැනඩාවේදි පාවිච්චි කරන්න. මේ ක්‍රමයට ඔයාට යෙදුම් කිහිපයක්ම හදුන්වලා තියනවා. මේ යෙදුම් මගින් ඔයා කැමති ඕනෙම වෙළඳසලකින් භාණ්ඩ මිළදී ගන්න පුළුවන්, ඒ වගේම සෑම සතියකම ඔවුන් ඔයාලට විවිධ දීමනා ලබා දෙනවා. මේ විදිහට ඔයාට මුදල් ආපසු ලැබෙනවා. තව ඔයාට පුළුවන් ඔයාගේ රිසිට්පත ස්කෑන් කරලා මේ යෙදුම් භාවිතා කරලා උඩුගත නැත්නම් අපි හැමෝම දන්නා විදිහට upload කරන්න. 40% අධික දීමනාවන් කැනඩාවේදි දකින්න පුළුවන්.

එවැනි යෙදුම් ලෙස ,

            කැනඩාවේ –  Checkout 51, Drop, Caddle, Pyami සහ Rakuten 

            එකසත් ජනපදයේ  –  Checkout 51, Drop, TopCashBack, SavinStar සහ Ibotta

3. තොග මිලදී ගන්න

ඔයා සාප්පු සවාරි යද්දි ගන්න සිල්ලර බඩු තොග වශයෙන් ගත්තම ඔයාට නිතර නිතර යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, ගන්න භාණ්ඩ අරපිරිමැස්මෙන් භාවිත කරන්න පුළුවන්. අපිට පුළුවන් සහල්, මස් වගේම සබන් පිරිසිදුකාරක ද්‍රව්‍ය තොග විදිහට මිලදී අරගෙන ලොකු මුදලක් ඉතිරි කරගන්න. මොකද ඒ ගන්න තොග මාසයක් හෝ ඊට වැඩි කාලයක් අපිට නැවත මිලදී ගැනීමක් කරන්න ඕනේ නැති නිසා. ඔයාට පුළුවන් මේ ගන්න ආහාර විවිධ උපකරණ භාවිත කරලා කල් තබාගන්න.

4. Season එකේ තියෙන දේවල් මිලදී ගන්න

පලතුරු බහුල කාල වලදී අපිට ලාබදයීව ඒවා මිලදී ගන්න හැකියාව ලැබෙනවා. ඔයා smoothies වලට ආස කෙනෙක් නම් ඔයාට පුලුවන් මේ නැවුම් පලතුරු කපල freeze කරලා කන්න. ඒ විතරක් නෙවේ අපිට පුළුවන් විවිධ වර්ගයේ ජෑම් වර්ග හදාගන්නත් ( උදා-: Saskatoon berry jam) ඒවා අපිට වෙනත් කාලවලදී පවා ආහාරයට ගන්න පුළුවන්.

5. තොග වශයෙන් ආහාරයට සැකසීම

ඔයා ආහාර සකසන විට එකවර තොග විදිහට සැකසීමෙන් ඔයාට ගොඩක් වාසි ලැබෙනවා. ඔයාගේ කාලය වගේම වැයවෙන ශක්තිය ( ගෑස් ) ඉතිරි කරගන්න හැකි වෙනවා. මේ විදිහට සකස් කරන ආහාර ඔයාට freeze හෝ ශීතකරණයක දැමීමෙන් කල් තබා ගන්න ගැනීමට පුළුවන්. ඔයා මේ විදිහට ආහාර හදල තියාගෙන ඉන්නවා නම් ඔයාට කම්මැලි හිතුනු වෙලාවට ඉක්මනින්ම මේ ආහාර උණුසුම් කරලා ආහාරය ගන්න ත් පුළුවන් .

6. සිල්ලර බඩු ස්කෑන් කිරීම මගින් තෑගි දිනා ගන්න

Nielsen Homescan (canada) කියන්නේ අන්න ඒ වගේ ආයතනයක්, ඔයා ගන්න භාණ්ඩ වල barcode එක scan කරාම එයාලට ඔයා ගන්න දේවල් වල දත්ත (data ) සමහර ආයතන වලට යනවා, එයාල ඒවාට තෑගි ලබා දෙනවා. කැනඩාවේ තියෙන Nielsen Homescan කියන්නේ අන්න ඒ වගේ ආයතනයක්. මේ තෑගි දෙනවා කියන්නේ ඇත්තටම gift points ලබා දීමක්.

7. බඩගින්නේ ඉන්නව නම් සාප්පු සවාරි යන්න එපා

ඔන්න ඔයා ගොඩක් බඩගින්නේ ඉන්න වෙලාවක සාප්පු සවාරියක් යනවා එතකොට ඔයාට හිතෙන්නම දකින දකින snacks ගන්න මොකද ඔයාගේ බඩ කෑ ගහනව මට බඩගිනී කියල ඒ විතරක් නෙවෙයි ගන්න ආපු දේවල් නැතිව බඩගින්න නැති කරගන්න ඕනේ දේවල් ගන්නව එකෙන් වෙන්නේ ඔයාගේ budget එක වැඩි වෙන එක. ඒ නිසා සාප්පු සවාරි යන්න කලින් ඔයාගේ meal එක ගන්න අමතක කරන්න එපා.

8. ඔයාගෙම බෑග් එකක් ගෙනියන්න

ඔයාට පුළුවන් ගෙදරින් යද්දී බෑගයක් අරගෙන යන්න නැත්නම් ආයේ ඔයාට බෑග් එකක් මිලදී ගන්න අමතර වියදමක් වැය කරන්න වෙන්වා. ඔයා හිතනවා ඇති ඒකට යන්න පොඩි මුදලක් කියල ඒ වුනාට හිතන්නකෝ ඒ වගේ ඔය අවුරුද්දක් බෑග් වලට වියදම් කළොත් වියදම කීයද කියල ඒ නිසා අපිට පුළුවන් reusable බෑග් එකක් පාවිච්චි කරන්න.

9. ඔබේ රිසිට්පත පරික්ෂා කරන්න

සමහර වෙලාවල් වලදී අපි අඩුවෙන් භාණ්ඩ අරගෙන ඒ ගානට වඩා රිසිට්පතක් ලැබෙන අවස්ථා මං ඕන තරම් දැකල තියෙනව. මොකද අපි ගන්න භාණ්ඩ scan කරද්දී වැරදීම් වෙන්න පුළුවන්. නැත්නම් එකම භාණ්ඩය දෙසැරයක් scan කරන්න පුළුවන්. ඒ නිසා හොදම දේ තමයි මතක තියාගන්න ඔයා වෙලදසැලෙන් පිටතට එන්න කලින් රිසිට්පත පරික්ෂා කරන්න වග බලා ගන්න එක. ඔයාට ඒ වගේ වැරද්දක් වුනොත් ඔයාට පුළුවන් පාරිභෝගික සේවාවන් වෙනුවෙන් ඉන්න පුද්ගලයන්ගෙන් උදව් ලබාගන්න.

10. calculator එකක් භාවිත කිරීම

ඔයා නිතර සාප්පු සවාරි යන්නෙක් නම් දැකල ඇති එක එක භාණ්ඩ සදහා විවිධ දීමනාවන් ලබාදෙන බවට දැන්වීම් දමා ඇති ආකාරය, උදාහරණ විදිහට ” 10 for $10″ , ” Buy now and pay later ” , “Buy one 40% off ” දාල තියෙන්න පුලුවන්, රැවටෙන්න එපා ඒක උගුලක්, ඔයා ලග අනිවාර්යෙන්ම phone එක තියෙනව එකේ calculator එක අරගෙන මේ දාල තියෙන දේ ඇත්තක්ද කියල දැනගන්න.

11. සාමාන්‍ය මිල ගණන් යටතේ මිලදී ගන්න

සෑම විටම නමක් නොමැති වෙළද නාම සහිත භාණ්ඩ මිලට ගන්න. මොකද අපි ගන්න සන්නාමගත භාණ්ඩ එක්ක බැලුවොත් වෙනසකට තියෙන්නෙ මිල විතරයි අනිත් කිසිම දෙයක් වෙනස් නැහැ. ඉතීම් අපි මේ ලේබලේකට මුදල් වැඩියෙන් ගෙවන්නේ ඇයි? ඒ නිසා මිලට ගනිද්දි සාමාන්‍ය මිල ගණන් තියන ඒවා ගන්න පුරුදු වෙන්න ඔයාට 50% ක හෝ ඊට වැඩ වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙයි.

12. මිලදී ගන්න කලින් සසදන්න

මේ ක්‍රමේදී කියන්නේ ඔය සාප්පු සවාරි යන්න කලින් online ස්ටෝර්ස් වල තියෙන භාණ්ඩ වල මිල ගණන් හොයලා බලන එක වගේම හොදම දේවල් මොනවද කියල හොයල බලන එක ගොඩක් වැදගත්. ඔයාට පුළුවන් කැනඩාවේ තියෙන මෙන්න මේ PriceFinder.ca , Nextag.ca , PriceGrabber.ca , Shopbot.ca කියන වෙබ්සයිට් වලට ගිහින් මේ දේවල් හොයාගන්න.

13. මුදල් නැවත ලැබෙන ලෙස උපයන්න

කැනඩාවේ තියනවා සමහර ආයතන එයාලගේ online portal එක භාවිත කරලා අපි කැමති ඔන්ලයින් ස්ටෝර් වලට ගියාම අපිට මුදල් ලබාදෙන,Ebates.ca කැනඩාවේ තියන ප්‍රසිද්ධම Online මුදල් ආපසු දෙන තැන. ඒ විතරක් නෙවෙයි ඔයා eBay, Amazon, Walmart , Hudson Bay , Expedia සහ 1800කට වඩා අධික ස්ටෝර්ස් වැලීම් ඔය කුමන හෝ භාණ්ඩයක් මිලදී ගන්නවා නම් ඒ අවස්ථාවේත් ඔයාට මුදල් වට්ටම් උපයගන්න හැකියාව ලැබෙනවා. Ebates වල ඔයාට ත්‍යාග දිනාගන්න අවස්ථාවත් තියෙනවා. එකට ඔයා කරන්න ඕනේ ඔයාගේ යාළුවො නැත්නම් පවුලේ අයට මේ ගැන දැනුවත් කරලා එයාල මේකට යොමු කරන්න විතරයි.

14. Cut coupons

Coupons නැත්නම් කුපන්පත් වලින් ඔයාට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි ඔයා එකට ඕනවට වඩා ඒක කරනවා නම් එකෙන් වෙන්නේ ඔයාගේ කාලය නාස්ති කිරීමක් විතරයි කියල මං කියන්න කැමති. අපිට මේ කූපන්පත් කැනඩාවේදී නම් Redflagdeals.com , Smartcanucks.ca සහ Save.ca කියන වෙබ් සයිට් වලට ගියාම හොයාගන්න පුළුවන්.

15. ගුණාත්මක භාණ්ඩ මිලදී ගන්න

ඔයා භාණ්ඩ ගනිද්දී වටිනාකම අඩු දෙයක් මිලදී ගත්තොත් වෙන්නේ ඔයාගේ මුදල් නාස්ති වෙන එක මොකද අඩු මුදල් වලට තියෙන ගොඩක් භාණ්ඩ වල ගුණාත්මක බව අඩුයි, ඔයා ගුණාත්මක බැවින් වැඩි දෙයක් මිලට ගත්තම ඔයාගේ මුදල් කාලයක් යනකම් ඉතුරු කරනවා මොකද ඒ ගන්න භාණ්ඩෙට තියෙන දිගු කල් පැවැත්ම නිසා ඒ වුනාට ඔයාට එතැනදී ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. විශේෂයෙන් ඔය කුස්සියට උපකරණ ගනිද්දී මං හිතනවා ගුණාත්මක බවින් වැඩි ඒවා මිලට ගත්තොත් ඔයාට නැවත නැවත ඒවා හදන්න ඕන වෙන එකකක් නෑ ඒ වගේම හදිසියේ ඇතිවෙන දෝෂ අවම වෙයි කියල තව දෙයක් මතක තියාගන්න. ඔයා මිලදී ගනිද්දී ගෙවන ගානට හරියන warranty තියනවද කියල.

16. කාබනික ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නැවත සලකා බලන්න

කාබනික ද්‍රව්‍ය තියෙන ආහාර ගත්තම අපිට ගොඩක් ලෙඩ රෝග හැදෙන්න ඉඩ තියෙනවා. මොකද ඒවායේ අඩංගු වෙන අහිතකර රසායනික ද්‍රව්‍ය වගේම වෙනත් අපද්‍රව්‍ය නිසා. ඔයා භාණ්ඩ තෝරගනිද්දී කාබනික කියල ගහල තියෙන ලේබල් ගහල තියෙන ඒවා ගන්නවා නම් ආයේ හිතල බලන්න. මං මේක ගන්නවද නැද්ද කියල. දැන දැනම අමාරුවේ වැටෙන්න එපා ලෙඩෙක් වෙන්න ඕනේ නෑනේ, ඒවගේ ඒවා භාවිත කරලා. ඒ නිසා සැලකිලිමත්ව භාණ්ඩ මිලදී ගැනීම් සිදුකරන්න වග බලාගන්න.

17. දීර්ඝ කළ වගකීම් වලින් වලකින්න

අපි භාණ්ඩයක් ගනිද්දී එකේ තියන වගකීම් කාලය බැලුවම පේනවා ඒ කාලයට වඩා මේක කල්පවතිනව කියල . මේ වගකීම් කාලයෙන් පසුව සිදුවන කිසිම හානියකට එයාල වග කියන්නේ නෑ. ඉතින් අපිට සිද්ධ වෙන්නේ මුදලින් පාඩු ලබන්න. අපිට ඒ කාලය ඇතුලත මොනවම හෝ දෙයක් උනොත් මුද්‍රණයේ ගහල තියෙන සටහන බලන්න එකේ තියෙන්නේ සිදුවන සෑම හානියකමට එයාලා වගකියන්නේ නැති බව තේරෙයි. ඉතින් ඔයාට දැන් තේරෙනව ඇතිනේ මේ දිගුකාලීන වගකීම් වටින්නේ නෑ කියල.

18.සේල් වල තියෙන ඇදුම් සපත්තු මිලට ගන්න

ඔයා දන්නවා නම් මේ සේල් තියෙන තැන් හෝ ඒවා තියෙන කාලයන් ඔයාට පුළුවන් ඕනෙම බ්‍රෑන්ඩ් එහෙක ඇදුමක් අදින්න. කැනඩාවේ ඉන්න ඔයාට පුළුවන් TJ Maxx , Winners , Ross සහ වෙනත් වට්ටම් දෙන ඇදුම් අලෙවිසැල් වලට ගිහින් කැමති වර්ගයේ විලාසිතාවන් සොයාගන්න. මේ සේල් වැඩිපුරම තියෙන්නේ ඒ ඒ seasons වලින් පස්සේ. ඔයාට පුළුවන් නම් වසන්ත කාලේදී සීත කාලෙට අවශ්‍ය ඇදුම් සපත්තු ගන්න ඔයාට පුළුවන් අඩු මිලට ඒවා මිලදී ගන්න. ඒ විතරක් නෙවෙයි trend එකට කියල ඔයා හැමෝම අදින විදිහට අදින්න හිතනවා නම් අධික මිල සහිත ඒවා මිලදී ගන්නවා නම්, ඔයාගේ මුදල් ඉක්මනින් ඉවර වෙයි. ඔයාට ඕනේ මුදල් ඉතිරි කර ගන්න නම් හොදම දේ තමයි දිගු කාලයක් අදින්න පුළුවන් ඇදුමක් තෝරාගන්න එක.

19. නිවාඩු සාප්පු සවාරි යනවා නම් නිවාඩුවෙන් පසුව යන්න

නිවාඩුවෙන් පසු කාලය තමයි හොදම භාණ්ඩ මිලදී ගන්න මොකද ඔයාට පුළුවන් අඩු වට්ටම් වලට මිලදී ගැනීම් කරන්න තව පැහැදිලි කලොත් ඔයා Christmas එකට ගන්න සැරසිලි කරන දේවල්, සීත කාලේදී අදින්න ගන්න ඇදුම් , Christmas ගස් සහ Chocolate වර්ග කියන දේවල් නිවාඩුවෙන් පසුව ගත්තම ඔයාගේ මුදල් ඉතුරු වෙනව වගේම ඔයාට පුළුවන් ඊලග සීත කාලේදී පාවිච්චි කරන්න. ඒ වගේම මුදල් ඉතිරි කරගන්න.

20 වින්ඩෝ ෂොපින් නොකරන්න

වින්ඩෝ ෂොපින් කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇති , මේකෙදි කරන්නේ වෙලදසැලවල් වල වින්ඩෝ එක ලග තියල තියෙන භාණ්ඩ දිහා බලාගෙන ඉන්න එක හැබැයි ඔය මිලදී ගැනීමක් මෙතනදී සිද්ධ කරන්නේ නෑ, සමහර අවස්ථා වලදී ඔයා මේ වින්ඩොව් ශොපින් කිරීමෙන් ඔයාගේ ලග තියෙන මුදලට නොගැලපෙන විදිහේ මිලදී ගැනීමක් සිදුකිරීමෙන්, ඔය ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඉක්මනින් දෙයක් මිලදී ගන්න කෙනෙක් නම් ඔයාට මුදල ඉතිරි කරගන්න ඕනේ නම්, මෙවැනි ක්‍රම වලින් වැලකි සිටින එක ගොඩක්ම හොදයි.

21. ආවේගයෙන් මිලදී ගැනීම් සිදු නොකරන්න

ඔයා හිතන්නකෝ මෙහෙම ඔයා යනවා සාප්පු සවාරියක ඔයාට හිතෙනවා මිල අධිකම භාණ්ඩයක් දැක්ක ගමන් ගන්න. ඒ මිලදී ගැනීම සිදු කලාට පසුව පසුතැවිලි නොවෙන තරමේ මුදල් ලග නොමැති කෙනෙක් නම් ඔයා ඕනෙම දෙයක් මිලට ගන්න කලින් හිතන්න, මම මේක ගත්තම මට ලැබෙන දේ මේක ගන්නම අවශ්‍යද වගේ ප්‍රශ්න. ඔය ඔයාගෙන්ම අහන්න. ඒ විදිහට හොදට හිතල බලල ඔයාගේ මිලදී ගැනීම් සිදු කලොත් ඔයාට හොද ඉතිරියක් තිබේවි කියල මට විශ්වාසයි.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

beautiful-shot-crystal-clear-lake-snowy-mountain-base-during-sunny-day (1)

කැනඩාවේ සිටින ඔබට නිවාඩුවට යන්න වටිනා තැන් 15ක්!