in

කැනඩා වීසා ඉල්ලද්දී පාස්පෝට් එක පරණ වෙන්න ඕනෙද?

කැනඩාවට නොවෙයි මොන රටකට යන්න සූදානම් වුනත් එතැනදි වැදගත්ම දෙයක් විදියට එන දේ තමයි තමන්ගේ පාස්පෝට් එක. මොකද එය තමයි , තමන්‍ට අදාල රටේ පුරවැසිබව තහවුරු කරන්න තිබෙන ජාත්‍යන්තරව පිළිගන්නා ‍ලේඛණය ඊට අමතරව , රටෙන් තවත් රටකට යන්නට ගුවන්යානයකට පිවිසෙන්නට නම් අවශ්‍යම ලේඛණ වලින් එකක්වීම.

කෙසේ වෙතත්, ‍මේ පාස්පෝට් එක ගැන අපට ප්‍රශ්න තියෙනවා. නමුත් මම මේ පාස්පෝට් (විශේෂයෙන්ම ලංකාවේ) පිළීබඳව සංකීරණ දැනුමක් නැති නිසා , දන්නා ටික ලිපියකට එකතු කරන්නට හිතුවා. මම දන්නවා මේ විෂය පිළිබඳ දැනුමැති මිතුරන් කිහිප දෙනෙක් මෙහි සිටින නිසා, මට මගහැරෙන සහ වැදගත් දැනගත යුතු තවත් දේ ඇත්නම් මේ ලිපියටම එකතු කළොත් අපට යම් අවස්ථාවක උදව්වක් වෙන්න පුළුවන්.

1. පාස්පෝට් එක පරණ වෙන්න ඕනද කැනඩා වැඩේ පටන් ගන්න?

a. එහෙම කිසිම පරණ වීමක් වැදගත් වන්නේ නැහැ. අවශ්‍යතාව වන්නේ වලංගු පාස්පෝට් එකක් තිබීම පමණයි.

2. පාස්පෝට් එකේ වෙන රටවලට වීසා වැදිල නැත්නම් කැනඩා වැඩේට පාඩුවක් වේද?

a. මේකත් අපේ සාමාන්‍ය විශ්වාසයක් විතරයි. වෙනත් වීසා වැදී තිබීම හෝ නොතිබීම කැනඩාවට වීසා ලැබීමට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැහැ. වැඩිම බලපෑම ඇති කරන්නේ අදාල වීසා ඉල්ලුමට අදාල අනෙක් කාරණා පිළිගත හැකි මට්ටමින් සම්පුර්ණ කර ඇත්ද යන්න පමණයි.

3. තියෙන පාස්පෝට් එකේ තව රටකින් වැදුනු entry ban එකක් තියෙනවා. අළුත් එකක් ගත්තොත් ඒක හංගන්න පුළුවන් නේද?

a. බැහැ, පාස්පෝට් එක අළුත් වුනත්, ඊට සම්බන්ධ පෙර පාස්පෝට් එකේ තොරතුරු බො‍හොමයක් මෙයට සම්බන්ධ දත්තගබඩාවේ තිබෙනවා. ඒ නිසා ඇහැට පේන්න සීල් එකක් නොතිබුණත් අළුත් ‍පාස්පෝට් එකේ අදාල තහනම ක්‍රියාත්මකව තිබෙනවා.

4. අළුත් පාස්පෝට් එක ගත්තා, දැන් පරණ එක විසිකළාට කමක් නැත්ද?

a. එය නොකළ යුත්තක්. අළුත් පාස්පෝට් එක තිබුණත්, ඊට සම්බන්ධ පමණ පාස්පෝට් එකත් ඔබ ළඟ තබා ගැනීම ගැටළු වලදි, විශේෂයෙන්ම අළුත්ම පාස්පෝට් එකෙන් යන පළමු ගමනේදී මතුවිය හැකි ගැටළු අවම කරනවා. ඒ නිසා හැම විටම , ගුවන්ගමන් තුල අළුත් පාස්පෝට් එක වාර කිහිපයක් භාවිතවන තුරු පරණ පාස්පෝට් එකත් තබා ගන්න.කිසිම අවස්ථාවක අනාරක්ෂීත ලෙස බැහැර කරන්නට එපා. එය ලොකු අවදානමක්.

5. මගේ පරණ පාස්පෝට් එකේ ලිපිනය වෙනස් , අළුත් එකක් ගන්න වේද?

a. නැහැ, පාස්පෝට් එක ඔබේ ලිපිනය තහවුරු කිරීමේ ලේඛණයක් ලෙස පිළිගන්නේ නැහැ.

6. මගේ පාස්පෝට් එක තවත් අවුරුද්දකටයි වලංගු, කැනඩා වැ‍ඩේ මේ පාස්පෝට් එකෙන් පටන් ගන්නද? අළුත් එකක් ගන්නද?

a. කැනඩාව කුමන ක්‍රමයකින් එන්න උත්සාහ කළත් අඩුම තරමේ වසර පහකවත් වලංගුකාළයක් ලබා ගැනීම පහසුවක් වෙනවා. උදාහරණයක් ඔබ ශිෂ්‍ය බලපත්‍රයකට එනවා නම් සීමිත කාළයක් වලංගු බව ඇති පාස්පෝට් එකකින් ඔබේ PGWP දි අනවශ්‍ය කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඔබ ස්ථිර පදිංචියට ආවත්, තවත් වසර තුනක් හතරක් ගිහින් කැනඩා පාස්පෝට් එක ගන්නකම් භාවිත කරන්න වෙන්නේ ඔබ ලංකාවෙන් ගෙනා පාස්පෝට් එක. ඒ නිසා , මෙහෙ ආපු ගමන් කාළ සීමාව අවලංගු වන පාස්පෝට් එකකට වඩා කල් තිබෙන පාස්පෝට් එකකින් එන එක ඉදිරියේදී මතුවිය හැකි කරදර අඩුකරනවා.

7. මගේ පුංචි දූටයි පුතාටයි , පාස්පෝට් වෙනම ඕනද?

a. මම දන්න විදියට දැන් වයස 16ට අඩු දරුවන්ට වෙනම පාස්පෝට් එකක් ගන්න ඕන. (වැරදි නම් නිවැරදි කරන්න) නමුත් මම එන දවස් වල ඒඅවශ්‍යතාව තිබුණෙ නැහැ, ඔවුන් ආවේ මවගේ පාස්පෝට් එක යටතේ , ඔවුනට කැනඩා පාස්පෝට් එක ගැනීමෙදිවත් එය බාධාවක් වුනේ නැහැ.)

8. පාස්පෝට් එකේ මගේ ‍ජොබ් එක වෙනස් වුනා, ඒක ප්‍රශ්නයක්ද ?

a. ඔය රස්සා ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පාස්පෝට් එකේ විතරයි. එහි තිබෙන වෘත්තිය පිළිබඳ තීරුව සංක්‍රමණ කටයුත්තේදී “කිසිම” වැදගත්කමක් නැහැ. ඒ නිසා වැදගත් වන්නේ surname/given name/nationality/date of birth/sex/your photo තුල වෙනසක් ඇත්නම් නිවැරදි කරගැනීම හෝ , වෙනස් කිරීම සහිතව අළුත් පාස්පෝට් එකක් ගැනීමයි.

9. ෆේස්බුක් එකෙන් ආ ජොබ් එකකට මගේ පාස්පෝට් විස්තර දුන්නා, ප්‍රශ්නයක් නෑනේ?

a. ඔව්, ඒක ගැටළුවක් වෙන්න ඉඩක් තිබෙනවා. කිසිම අවස්ථාවක ඔබේ පාස්පෝට් විස්තර, රජයේ නීතිමය අවශ්‍යතාවයකදි , රජයේ නීතිමය හෝ ගුවන්/සංක්‍රමණ අවශ්‍යවන්ට අදාල රජයේ ආයතනයක ඉල්ලුම්පතක් හෝ බලපත්‍රයක් ලබා ගැනීමේදී, හෝ රටේදී හෝ වෙනත් රටකදි ආරක්ෂක අංශ විසින් ඔබේ හැදුනුම තහවුරු කරගැනීමකදි භාවිත කරනවා හැරෙන්නට හැම ඉල්ලුමපතකම සටහන් කිරීමට හෝ වෙබ් අඩවි වල පෝරම වලට යොදා ගැනීමට එම තොරතුරු භාවිත කිරීම තුල ඔබට අනාගතයේදී ගැටළු වලට මුහුණ දෙන්නට විය හැක.

10. ‍මගේ පාස්පෝට් එක පැහැදිලි නෑ, / ඉරිලා, අළුතින් එකක් ගන්න ඕනද?

a. අළුතින් එකක් ගැනීම වඩාත් සුදුසුයි , කෙසේ වෙතත්, මෙබඳු අවස්ථා පිළීබඳව 1962 අමතා අවස්ථාවටල අදාල උපදෙස් රජයේ වගකියන ආයතනයකින් ලබා ගන්න. ඒ වගේම පාස්පෝට් එක මේ වැඩකටයුතු අතරේ නැතිවුනොත් ඉක්මණින් ළඟම පොලීසියට දැනුම් දීමත් 011 532 9326 ඔස්සේ අදාල වගකියන නිලධාරින් / අංශය දැනුවත් කිරීමත් හරිම වැදගත්.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

Provincial Nominee Program (PNP) එක හරහා කැනඩාවට එන්න මේ දේවල් කරන්න